fbpx
11.7 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

යාල්දේවියේ ඇසුණු බණ… | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

යාපනය දුම්රිය ස්ථානාධිපතිගේ දුර කතන ඇමතුමකට අනුව පැමිණි පොලිස් කාන්තා නිලධාරීන් කොළඹ සිට යාල්දේවී දුම්රියෙන් පැමිණි තරුණියන් තිදෙනා ජීප් රථයට නංවාගෙන යන විට ඒ සිදුවීම බැලීමට සෙනග එක් රොක්වූහ. 

සමහර පිරිමින් සෙමින් සෙමින් නමුත් තරහින් මිමිණුවේ, ‘ලස්සනට ඇඳල හිටියට පුදුම කෙල්ලො. මොකක් හරි හොරකමක්  වෙන්නැති,’ යි කියමිනි.

‘Ah,avargal thiridierukalam. ‘ (ඔහ් ! හොරකං කරපු උං.) ඒ දෙමළ මහතෙක්ය. තවත් දෙමළ කාන්තාවක් ශබ්දනගා කීවේ ‘Avargal payangkaramana ardkal’ (‘මෙව්වගේ උං සමාජෙටම පිලිළයක්’ ) කියාය.

‘අනේ, අහිසක ළමයි කාගෙ හරි උගුලකට අහුවෙලා,’ යනුවෙනි කාන්තාවක් පශ්චත්තාපවූයේ.

යාපනය පොලීසියේ අපරාධ අංශයට පැමිණි පසු එම පැමිණි තරුණියන් තිදෙනා බංකුවක වාඩි කරවීය. පැමිණිලි ලියන රාලහාමි මේස පුටුවේ හරිබැරි ගැසී, ‘මොකක්ද නෝනලාට කියන්න තියෙන්නෙ?’ යනුවෙන් උස් හඬින් අසන විට මුලින්ම ඉදිරිපත් වූයේ ගීතාය. ඇය, දෙනෙතින් ගැලූ කඳුළු තම සාරි පොටින් පිසදා ගනිමින් කට උත්තරය මුල සිට අගට පැහැදිලිව ඉදිරිපත් කළාය.  

ගීතා, නයනා සමග කමලා අගනුවරින් පටන් ගත් දුම්රියේ මුහුණට මුහුණලා තිබු ආසනවල වාඩි ගත්තේ යාපනය යාමටය. ඔවුහු  සරසවියේ එකට ඉගෙන ගත් මිතුරියෝය. ඔවුන් සමගම ඉගෙන ගත් යාපනයේ පදිංචි ශිවානිගේ මංගල්‍යට සහභාගි වීමට තිදෙනාම සැලසුම් කර ගත්තේ කල්වේලා ඇතිවය. නයනාගේ යාබද අසුනේ සිටියේ මැදිවියේ පෙනුමැති මහත්මයෙකි. මඳක් ඉදුණු හිස කෙස් ඇති, උපැස් යුවලක් හා පැළඳි වටිනා තොප්පිය නිසා ඔහුට වතු පාලකයෙකුගේ පෙනුම ලබා තිබුණි. තම අතෙහි තිබූ ඉංග්‍රීසි පුවත් පත කියවමින් සිටි ඔහු තරුණියන් ගැන වැඩි අවධානයක් යොමු කළේ නැත. දුම්රිය කොළඹ කොටුවෙන් ගමන ආරම්භ කරන විට තරැණියන් තිදෙනා පැරණි කතා පටන්ගෙන අහවරය.

ඉදිරි පසින් වාඩිවී සිටි තරබාරු කමලා නයනාට වඩා වැඩිමහල් වූ අතර ජනේලය අසල ආසනයේ සිටි ගීතා නයනාට වඩා වයසින් අඩු ගුරුවරියෙකි. ටිකෙන් ටික තිදෙනා දොඩමළු වන විට කීප වරක්ම තම අසල වාඩිවී සිටින මැදි වයසේ අංකල් කතාවට සම්බන්ධ කර ගැනීමට නයනා උත්සාහ කළත් කෙටි පිළිතුරක්දී ඔහු නැවතත් පුවත් පතටම තම නෙත් යොමු කළේය.

යෙහෙළියන් තිදෙනා දොඩමළු වන විට එකිනෙකා තම මිතුරියගේ මංගල්‍ය ගැනත් තම යොජිත මගුල් ගැනත් කතිකා විය. විවිධ අතීත කතා කියමින් දොඩමළු වන විට වරක් දෙවරක් අන්කල් තරුණියන් සමග වචනයක් දෙකක් කතා කර ඔවුන්ට සුහද සිනහවකින් සංග්‍රහ කිරීම නිසා නයනා, ‘අංකල් වත්තකද වැඩ කරන්නෙ?’ යැයි ඇසුවාය.

‘ම්හුම් ම්හුම්, ‘යැයි හිස සැලූ ඔහු, ‘මම අනුරාධපුරය පහුවෙලා සැතපුම් 40 ක් විතර වනාන්තරයේ තිබෙන සමාධි යෝග්‍රාශමයේ භාරව ඉන්නෙ,’ යි කීවේය.

‘හානේ අන්කල් හරි ශෝක්නේ. ‘ යි තිදෙනාටම කියවිණ. 

‘සියලුම හිමිවරුන්ගේ විය පැහැදම් කරන්නෙ මගේ වියදමින්. ‘

‘හරි සතුටුයි අඳුනගත්තට අංකල්.’ 

‘අපි හිතුව අංකල් දකින කොටම වැදගත් මහත්තයෙක් කියල.’

‘ළමයිනේ දේපල යාන වාහන කිසිවක් අපි ගෙනියන්නෙ නැහැ. යන දවසක කර කියා ගන්නා කුසල් අකුසල් තමයි සංසාරේ අපි ගෙනියන්නේ.’ඒ හින්ද විනෝදයෙන් ඉන්නව වගේම තම තමන්ගේ සිත් රාග ද්වේශ මෝහ කියන තුන් හිතෙන් ටික ටික නිදහස් වෙන්න දැන් දැන් ඉඳලම පුරුදු පුහුණු වෙන්න ඕන.’ අංකල්ගේ දිග බණ දේශනාව තුන්දෙනාම අනුමත කළෝය.

දැන් ටිකෙන් ටික අංකල් සමග හිතවත් වන විට සම්ප්‍රප්පලාප දෙඩවීම නැවතුණ අතර අංකල්ගේ ගැඹුරුවූත් අර්ථවත්වුත් උපදේශ අවවාද දිගින් දිගටම ඇසීමට යෙහෙළියෝ උනන්දු වූහ. ගීතා අසුනෙන් නැගී සිටියේ කැන්ටිමට යාමටය. ‘මම ගිහින් කැන්ටිමෙන් කෝපි හතරක් ගේන්නං.’

‘ඔයා තනියම යන්න එපා මමත් එන්නං.’ කමලාද නැගිට්ටාය. 

‘නයනා ඔයා අංකල් එක්ක කතා කර කර ඉන්න. මොනවද අංකල් කැමැති කිරි කෝපිද?’

‘සමාවෙන්න, මට නං මොනවත් නැති වුණාට කමක් නැහැ. මම කිරි මස් මාළු භාවිතයක් නැහැ,’ 

අංකල් කියන විටම, ‘හරි අංකල් එහෙනං කිරි නැතිව කලු කෝපියක්,’  ගීතා පිළිතුරු දුන්නාය.

‘හොඳයි, හොඳයි, ඔය ළමයින්ගේ කැමැත්තක්.’

‘මෙන්න අංකල්ගේ කෝපි එක,’යි කියමින් ගීතා රැගෙන ආ කොපි කෝප්පය අංකල් අතට දෙන විට ‘වැඩිවැඩියෙන් ඔබලාට ලැබෙන්න ඕන. කෙනෙකුට දෙන හැම ආහාරයකට පිනක් අත්පත් කර ගන්නවා. ඒවා තම තමන්ගෙන් පින් බලාපොරොත්තු වන අයට අනුමෝදන් කරල කුසල් බවට පත් කරගන්න,’ යැයි ඔහු තවත් බණක් කීය.

තිදෙනාම දැන් දිගින් දිගටම අංකල්ගේ රසවත් ගැඹුරැ බණ පද වලට සවන්දුන් අතර දුම්රිය කුරුණෑගලට ළඟාවිය. අංකල් මැදවච්චියෙන් බැස යාමට නියමිතය. ඔහු තම බෑගයේ තිබූ ආරණ්‍යයට ගෙනයන බෑගයක් විවෘතකොට සියඹලා රසැති ටොපියක් කටේ දමාගත් අතර ගැහැනු දරුවන් තිදෙනාටද එම බෑගය පිරි නැමීය. 

ගීතා එක ටොපියක් තම ඇඟිලිවලින් ගන්නා විට, ‘කමක් නැහැ තව ගන්න මේවා මම තව ගොඩක් ගෙනියනවා ඇතිවෙන්න,’ වැඩිහිටියා කීවේය. ‘ගන්න ළමයිනේ ගන්න.’

ටික වේලාවකින් එකිනෙකා තම ආසනවල නින්දට වැටුණු අතර ගීතාට සිහිය එනවිට තිදෙනාගේම බෑග් තුනත් සමගම අංකල් අතුරැ දහන්වී තිබුණි. 

මංගල්‍යට සහභාගිවීමට රැගෙන ආ වටිනා ඇඳුම් හා රත්තරං බඩු කට්ටල එම බෑග්වල විය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.