කවුරු හරි උඹේ එක ඇහැකටවත් පෙනුමක් හදල දෙයි. අම්මා සුසුම් ලෑවාය.
නෑ අම්මේ. එයාට මේ ගෙදරට පය ගහන්න දෙන්න බෑ.’මම විරුද්ධ වුණෙමි.  ආයෙ කිසි දාක.’

උඹට ඒක කරන්න බෑ සුමනෙ.’ අම්මා එකට එක කීවාය.  මේව  ඒ ළමයගෙත් තාත්තගේ ගෙවල්. උඹටයි ඌටයි දෙන්නටම අයිතියි.’ ඇය නැවත ජනෙල් පලුවෙන් එබිකම් කර බලා මා දෙසට හැරුණාය. ‘ආයෙ රණ්ඩුවක් අල්ල ගන්න එපා.  උඹලා සහ සහෝදරයෝ.දැන් ඔය ඇති කා මරා ගත්ත.’

මගේ වචන ආ මග හිර වුණේය
.‘අපේ සල්ලි ඔක්කොම හොරකම් කරගෙන අන්තර්ධාන වෙලා යන්න ගියා.’තාත්තා අපි ඔක්කොටම ඉතුරු කළ සල්ලි. මගේ අම්මෝ ඩොලර් හැටදාහක්!’

නවත්ත ගනින්.’ අම්මා ‍රැව්වාය.  ඈ තව දුරටත් මගේ වචන පිළි නො ගත්තා ය. ‘මම දන්නවා කවුද සල්ලි හොරකම් කළේ කියලා. උඹ දැනගෙන හිටියා පින් එක. බැංකු මැනේජර් මහත්තයා ළඟ තියෙනවා වීඩියෝ වෙච්ච ඒව.උඹ ඒක දන්නවා.’
උන් මේ කාලෙ වීඩියෝ වෙනස් කරනවා. හදනවා. අම්මට ඕව තේරෙන්නෑ.’මගේ කට හඬ කෙනෙකු තුළ විශ්වාසයක් ඇති කරන්නට තරම් ප්‍රමාණවත් නොවී ය.  ඒත් මම දිගට ම කථා කළෙමි. ‘ඒක තමයි අද කාලේ තාක්ෂණය කියන්නේ. මෙහෙමයි, බැංකු කාරයෝ ඔක්කොම හොරු.ස්ථිරවම මේ බැංකු මැනේජර් කාරයා අම්මගේ ඔය අගේ ඇති පුතත් එක්ක එක්කහු වෙලා ඕක කරන්න ඇති.’

අම්මා සිනාසුනාය.  ඒ සිනාව නොනැමෙන සුළු වීය. උපහාසාත්මක වීය.නැවත ඇය කතා කරගෙන ගියා ය.  මොනව උනත් මම පොලීසි ගියේ නෑ.මොකද උඹට දැනටමත් තියෙන නඩු කන්ද නාව හොඳටම ඇති.අට ද? දහයද?  මංකොල්ලකෑම් තුනක්.ගෙවල් බිඳිලි හතරක්. තව  මොන මනවද දෙක තුනක්.’ ඇය දබරැඟිල්ල සහ මාපට ඇඟිල්ල එක්කාසු කර දෑස මිරිකා ගත්තාය. ‘දෙවි හාමුදුරුවනේ  පුතෝ ඔය ඇති.’

ඔක්කොම ගොතාපුව.’ මම කෑ ගැසුවෙමි.  කාලකන්නි පොලිස්කාරයෝ. නියම  හොරා පැනලා දිව්වම ලේසි බිල්ලක් හොයාගන්නවා.’  මම සිනාසීමට උත්සාහ කළෙමි. ‘ඇත්ත.මට පොඩි අත්වැරදීමක් දෙකක් වුණා තමයි.  නෑ කියන්නේ නෑ.  ඒත්, ඒව සාධාරණයි. වලක්ව ගන්න බැරි උන ඒවා. ඔය කියන ඔක්කොම නෙවෙයි.’මම විපරමෙන් අම්මා දෙස බලා සි සිටිමි. ‘මොනව උනත් අම්මේ,ඇත්තටම මේ මනුස්සයට මෙහාට එන්න දෙන්න එපා.  ඌ අපේ සල්ලි හොරකම් කරගෙන අල්ලපු ගෙදර සුද්දියෙක් එක්ක පැනලා ගියා. මොන ලැජ්ජාවක්ද!’

නෑ.’අම්මා විරුද්ධ වෙමින් කතා කළාය.  එයා ඔස්ට්‍රේලියාවට යන්න ගියේ උඹ නිසා.ඒක උඹ දන්නවා හොඳටම. කොහොමද මනුස්සයෙකුත් උඹත් එක්ක එක වහලක් යට ඉන්නෙ?’

 තවත් ගොතපු කතාවක්.’  මම සිනාසෙන්නට උත්සාහ ගත්තෙමි. ඔහු මුදල් ද සොරකම් කරගෙන  යාබද නිවසෙහි සුදු ජාතික කාන්තාව සමග පැන ගිය වග වඩාත් නිවැරදි වකියන්නට මට වුවමනා විය.

උඹ අපේ සල්ලි ඔක්කොම හොරකම් කළා.’  අම්මා සාලයේ ඔබ මොබ ඇවිද්දාය.
 ඔක්කොම නෙවෙයි.’ මට කියවුණි.

ඇය හිටිවනම නැවතුනාය.  දෑස් බැමි එක්කාසු කර රැව්වා ය. ඒ සිනාවෙහි  සුපුරුදු අවඥා සහගත බව පෙනෙන්නට වීය. ඔක්කොම නෙවෙයි? ආන් මම කිව්ව හරිද?’

නෑ.’ මම මගේ ස්ථාවරය වෙනස් කරන්ට අකමැති වුණෙමි. මගේ සහෝ සහෝදරයා අපව රැවැට්ටුවේ ය.  ඔහු අප සියලු දෙනාටම අයත් මුදල් සොරකම් කර ගත්තේය.  මම එයාට ඇතුලට ඉන්න එන්න ඉඩ දෙන්නේ නෑ.පයින් ගහල එලවනවා.  ආයෙමත් වචන දෙකක් නෑ.’ මම කෑ ගසුවෙමි.
ඌ එන්නේ බෙහෙත් ටිකක් ගන්න. අනේ අහිංසකයා.’ අම්මා නැවත ජනේලයෙන් පිටත බලමින් කීවා ය.
 අහිංසකයා…!’ මට සිනහ නොවී සිටිය නො නොහැකි විය. ‘හැටදාහක් හොරකම් කළත් ඌ නම් අහිංසකයෙක්.’
 දොරට කෙරුණ තට්ටුවක් නිසා අපගේ වාදය නතර වුණේය. මට කිසි දෙයක් කිරීම්ට ඉඩකඩක් ලැබුණේ නැත.  මගේ සහෝදරයා හා ඔහුත් සමඟ පැන ගිය සුදු කාන්තාව පැමිණෙමින් සිටියහ. මෝඩ සුද්දි ඕනැ එකෙක් එක්ක පැනල යන්නම බලා ඉන්නව. සුදු කළු ඕනැ එකක්… ඒත් ඔවුන් සමග තවත් කෙනෙක්
ඒ ළමයි එනවා.’ අම්මා මා දෙස බැලුවා ය.  මම කියන්නේ සුමනෙ උඹට ඕන්නම නම් පැයක් හමාරකට එළියට ගිහින් වරෙන්. හතුරෙක් උනත් ලෙඩක් වුණ තැන අපි උදව් කරනවා. ඒකයි මනුස්ස ගතිය.’
මගේ හිස් කැරකෙන්නට විය. ලෙඩ! මා ප්‍රමාද වුණා වැඩි ය. ඔවුහු දොරකඩ අබියස ම  පැමිණෙමින් සිටියහ.දෙදෙනෙක් නොවේ. තිදෙනෙකි.  අලුත උපන් කුඩා දරුවෙක් ඔහුගේ අතෙහි ඇඹරෙමින් සිටියේ ය. කුඩා කොලු පැටියා තම පියාගේ පපුවට තව තවත් තුරුළු වී ගත්තේ ය. කොච්චර ලස්සණ දර්ශණයක්ද? මොන පුදුමයක්ද?  මේකයි අහිංසක කම!
ඔයා…’මම ගොත ගැසුවෙමි.  වචන උගුරේ සිරවුණි.  ඔයාට දුවෙක් ඉන්නවා?’මම ඇසුවෙමි.
පුතෙක්.’ කී මගේ සහෝදරයා සිනාසුණේ ය.
සනීප නැද්ද?’
අවාසනාවකට.’  ඔහු සුසුමක් හෙළුවේ ය.
මොකද  ?’
ඇස්ස් ස්.’ ගොත ගැසූ ඔහුගේ දෑස් වේගයෙන් පිරී ගියේ ය. මගේ සහෝදරයා හා ඔහුගේ බිරිය එකිනෙකාගේ මුහුණු බලා ගත්තෝය.තද නිහඬඬතාවයක් පැවතියත් ඔවුහු හඬමින් සිටියහ.
පේන්නේ නෑ.’ ඔහු දරුවා මා අත තැබීය.
කුමක් කියන්න දැයි මට තේරුම්ක් නොවීය.
 ඇස්?’









බී.කරසිංහ ආරච්චි

_____________________________________________________

You can make a contribution from as little as $1.

Be part of our story, and help us tell yours.