තද නිල්පාට ඩෙනිම් කලිසමක් ඇද, සුදු පැහැති අත් කොට කමිසයක් ඇද නේවාසිකාගාරය ඉදිරිපිට බගී රථයකට පිට දී සිටි අභිමන්යු අප දැක අප ඉදිරියට පැමිණියේය.
මා ඔහු පසුකර මදක් ඉදිරියට ඇවිද ගියේය. ඇන්ජලා සමග මද වේලාවක් කතා කළ ඔහු මා පසු කරමින්
“let’s go I’ll drop you both” කියමින් ගොස් බගීරථය අප ඉදිරියට රැගෙන ආවාය.
මගේ අතින් ඇදගෙන කිසිවක් පැවසීමට පෙර ඇන්ජලා රථයට නැග්ගාය.
අපගේ නවාතැන් අසලට පැමිණෙන තුරුම කිසිවෙක් කතා නොකළ අතර ඇන්ජලා පමණක් තනියම සිනාවෙමින් පැමිණියේය.
නවාතැන අසල රථය නැවතූ විගස එයින් බැස ගත් මා
” Thank you so much Mr Abhimanyu ” යැයි පවසා ඇන්ජලා පැමිණෙන තුරු නොයිදාම නවාතැන තුළට ඇතුළු විය. විනාඩි කිහිපයකින් පසු පැමිණි ඇන්ජලා ඇය දමා ආ බව කියමින් නෝක්කාඩු කිමට පටන් ගත්තේය.
” Why you just left like that?
He might think you don’t like him ”
කටේ තිබුණ වතුර ද පිට පනිමින් ආ සිනහව මා හට නවතා ගත නොහැකි විය.
” You only told me he is like a star and bla bla …
Ok ok calm down did I ever tells you that I like him?
Ok whatever I’m going , see you tonight madam ”
එලෙස කියු ඇය මට විරිත්තා පිටවිය..
ඇයගේ බොහෝමයක් ගතිගුණ රන්දිමාට සමානය. ඇන්ජලා සමග සිටින සෑම මොහොතකම රන්දිමා සිහිවන්නේ අනේ ඇය සිටියානම් කතා කිරීමට බොහෝ දේ ඇත෴෴෴
වේලාව බැලූ වන්දනා අයිලිෂ් ගේ නිවසට යනවාදැයි නිශ්චිතව තීරණයක් නොමැති බැවින් ඉතා වෙහෙසට පත්ව සිටි නිසා සුව නින්දකට පිවිසියාය෴