fbpx
12.3 C
New Zealand
Tuesday, April 23, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

හදේ ගැඹුරුම තැනක තනිවු ඔබේ මතකය෴9 වන දිගහැරැම෴

Must read

නම වන දිගහැරුම
දිගු නින්දකින් පිපිදුන වන්දනා ජංගම දුරකතනය අතට ගත්තේ වේලාව බැලීමටය. කෙටි පණිවිඩ කිහිපයක්ම අලිෂ්ගෙන් සහ ඇන්ජලාගෙන් පැමිණ තිබුණේ ඇයගේ පැමිණිම සහ ඇයට කෙසේද කියා දැන ගැනීමටය.
ඔවුනට පිළිතුරු යවා පැමිණිමට නොහැකි බව දැන්වූවේ තවමත් ඇගට එතරම්ම ප්‍රබෝදයක් නොමැති නිසාය.
දුරකතන ඇමතුමකුත් තිබුණමුත් නොදන්නා නොම්බරයක් නිසා , පසුදින කාර්යාලයට යාමට අවශ්‍ය සියළු දේ සකසා නැවත නිදියහනට වැදුනාය෴෴
හිමිදිරියේ පිපිදුන වන්දනා කඩිනමින් සූදානරම් වී නිවසින් පිට වූයේ උදෑසන ආහාරය ගැනීමට ආපනශාලාවට යාම සදහාය. ඉදිරියෙන් ආ යතුරුපැදිය තමන් ඉදිරියේ නැවතූ සැනින් ඇය ඒ කවුරුන්දැයි හදුනා ගත්තාය.
‘Good morning Vandana’
‘Good morning’ ෴෴
මා ඉතා මිත්‍රශීලි සමාඡශීලි යුවතියක් වුවද ඔහු ඉදිරියේදී මගේ හදවත නතර වී වචන පැටලී යන්නේ මටත් නොදැනීය.
‘Let’s have some breakfast, come ‘
ගොළුවකු මෙන් යතුරුපැදියේ හිද ගත් මා, ඔහු කීමට පෙර ඉතා තදින් ඔහුගේ උරහිස අල්ලා ගත්තේය. මින් පෙර කෙසේවත් යතුරුපැදියක වන්දනා ගමන් කර නොතිබුණේය.
නිලනිවස් කිහිපයක් පසු කරමින් අරලියා මල් ගසක් ඉදිරිපිට ඇති නිවසක් අසල යතුරුපැදිය නැවතූ විට වන්දනාගේ සිතට දැනුන සියුම් බිය නැතිව ගියේය.
‘It’s my house come let’s go inside, don’t worry mom is there’
මා නිවසට ඇතුළු වන විටම රෝද පුටුවක ඉද ගත් මගේ මවගේ වයසට සමාන රුවැති කාන්තාවක් ඉතා සුන්දර සිනාවකින් මුව සරසාගෙන මා ඉදිරියට ආවාය.
“Good morning child. I’m Shobana Abhimanyu’s mom.
Thank you for accepting my invitation.
You must be hungry now go inside.
Abhimanyu take her to the dining room”
මා ඔහු පිටුපසින් ගොස් කෑම මේසයේ හිද ගත්තාය.
බිත්තියේ තිබූ විශාල ඡායාරූපය දෙස මොහොතක් බලා සිටි මා නෙත් අභිමන්යු දෙස හැරුනේ නිතැතින්මය.
It was an accident , it’s almost 10 years now and she is back to normal and doing well.
මා කිසිවක් ඔහුගෙන් ඇසුවේ නැත. ඔහු නොකියූ කොටස මට පැහැදිලි වුවාය. ඔහුගේ පියා එම අනතුරින් මිය ගොසින්ය෴෴
ඇසීමට බොහෝ දේ තිබුණද ඔහු ඉදිරියේ වචන ගළපා ගැනීමට මා හට තවමත් නොහැකි බැවින් ගොළුවකු සේ කෑම ගැනීම ඇරබුවේය.
ප්‍රමාද නොවී නැවත කාර්යාලයට යා යුතු බැවින් කඩිනමින් කෑම කා ඉවර වූ මා අභිමන්යු පැමිණෙන තුරු ඔහුගේ මව සොයා ගොස් ඇයට ස්තූති කර ඇය සමගම නිවසින් පිට කුඩා අලංකාර විවිධ මලින් පිරි ගෙවත්තට පැමිණියේය.
අභිමන්යුගේ මව ඉතා කරුණාවන්ත කාන්තාවක් වූවාය. බොහෝ දේ ඉතා කෙටි කාලයක් තුළ කතා කළ මා ඇයගෙන් සමුගත්තේ නැවත පැමිණෙන බවට පොරාන්දු වෙමින්ය.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.