උත්සවයේ කටයුතු ඉතාමත් උත්කර්ෂවත් ලෙස නිමා කර ගැනීමට ඔවුනට හැකිවිය. කිසිදු පැමිණිලි කිරීමක් හෝ අඩුපාඩුවක් සිදුනොවිය.
තම පළමු project එක එලෙස සාර්ථකව නිමා වීම ගැන වන්දනා බෙහෙවින්ම සතුටට පත්විය.
තවත් දවසක උදාවත් සමග වන්දනාගේ දුරකතනයට නොකඩවා කෙටි පණිවිඩ පැමිණෙන්නට විය. තමන් සහ අභිමන්යු එකට සිටිනා පින්තූර කිහිපයක් ඇන්ජලා විසින් එවා තිබුණේ කෙටි හැදින්වීම ඇතිවය෴
අද නම් ඇන්ජලාගෙන් කිසිදු ගැලවීමක් නොලැබෙනු ඇත෴෴
දින කිහිපයකින් තම පෞද්ගලික email පරික්ෂා කිරීමට නොහැකි වූ නිසා පරිගණකය රැගෙන යහන වෙත පැමිණියේ ඇයගේ වැඩමුරය අද දිවා කාලයේ ආරම්භ වන බැවිනි.
Email කිහිපයකට පිළිතුරු යැවූ වන්දනා, නැන්දනිය විසින් එවා තිබූ දිගු පණිවිඩය කියවන්නට විය.
කමලාංගනි යනු තමන්ට පියාගෙන් පසුව සිටිනා එකම නෑයාය. තම පියාණන්ගේ එකම සොයුරිය වූ ඇය වෘත්තියෙන් වෙෙද්‍යවරියක් විය.
නැන්දනියකට වඩා මිතුරියක ලෙස තමන් සමග සියල්ල බෙදා ගන්නා ඇයට, වන්දනාට වඩා වයසින් බාල පුතුන් දෙදෙනකු සිටින අතර ඇයගේ සැමියා ඉදුවර බන්ඩාර ප්‍රසිද්ධ ශල්‍ය වෙෙද්‍යවරයෙක් විය.
පවුලේ විස්තර සහ ඇයගේ විශේෂ තොරතුරු කිහිපයක් සදහන් වූ එහි තම පියාණන්ගේ වෙෙද්‍ය වාර්තාවක් පිළිබද විශේෂ සදහන් කර තිබුණාය.
එහි සදහන්ව ඇති ආකාරයට තම පියාණන් අවුරුද්දක පමණ කාලයක් තුළ පිළිකා රෝගියෙකු ලෙස වෙෙද්‍ය ප්‍රතිකාර ගන්නා අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා නේවාසිකව රෝහල් ගත විය යුතු බව සදහන් විය.
ඉහළට ගත් හුස්ම පහළට දැමීමට අමතකව ගිය වන්දනාගේ දෑස් බොද වී කදුළු කඩා හැලෙන්නට විය.
ජිවිතය තමන්ට දුන් දේවලට වඩා උදුරා ගත් දේ බොහොමයක් විය.
ජිවිතයේ ඇය දැකපු අවාසනාවන්ත ලෙස තනි වූ පුද්ගලයා තම පියාණන් විය.
අදත් ඔහු තම ජිවිතයත් මරණයත් සමග නිහඩ සටනක යෙදී සිටින්නේය.
කිසිවක් සිතා ගත නොහැකි වූ වන්දනා තම අත්බෑගය ගෙන රාජකාරියට යාමට නිවසින් පිට වූයේය.
සිහිවිකල් වූවකු සේ ඇවිද ගිය ඇය නතර වූයේ අභිමන්යුගේ නිවස ඉදිරියේය෴෴