මංදාරම් වැහි අඳුරටයටින්, හීනියට වැටෙනපොද වැස්සට බයේමිනිස්සුන් දුවන්නෙ හරියට, අහස කඩන් වැටෙන්න ළං වෙලා වගේ.
මුලු දවසම මහන්සි වෙලා වැඩ කරලගෙදරට යන්න හදනවෙලාවෙත්, මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙන්නෙ තරඟෙටදුවන්න.
ඒත් දවස තිස්සෙ එහෙටයි මෙහෙටයි හක්කලං කෙරුව කාක්කන්ට නම්, වැස්ස ගැන වගේවගක් නැති ගාණටතවමත් විදුලිය රැහැන් උඩට වෙලා ඉන්නෙ, කඩි රැළ වගේඑහෙ මෙහෙ දුවනමිනිස්සුන් දිහාබලා ගෙන හරී අනුකම්පාවෙන් වගේ.
‘පිටකොටුව‘, රැයක් දවාලක් නැතුවකොයි වේලෙත් එක හා සමානකලබලේකින්. හැබැයි, මිනිස්සුන්ගෙ කෑ කොස්සන් ගැහිල්ල, වාහන සද්දෙ පරයානැගෙන්නෙ හවස් ජාමෙතමයි. හීනියට වැස්සවැටුණත්, ඉක්මනට ගිහින් බසයකට ගොඩ වෙන්නකිසිම උනන්දුවක් නොදක්වපු කෙනෙකුත් මේ මොහොතෙ පිටකොටුවෙ හිටිය. ඒ සුමිත්.
සුමිත් හිටියෙ ගතටවඩා සිතින් විඩා බර වෙලා. හැමදාම අතේතියෙන සහතික ගොන්න, අදත් සුමිත්ගෙ අතේරැඳිල තිබ්බ. අද, ඒ සහතික මිටිය, වෙනදටත් වඩා සුමිත්ගෙ අතට බර පැටවූවා. ඔව්, සුමිත් අදත්පිටකොටුවට ඇවිල්ල හිටියෙ, නුගේගොඩ ප්‍රයිවට් කම්පැණි එකක තිබ්බ ඉන්ටර්වීව් එකකට ගිහිල්ල ගෙදරයන ගමන්.
“අපිඅසරණ වෙලා වගේ
සිතට දැණෙනවා
බුදු හාමුදුරුවනේ“
පිටකොටුවෙ CD කඩේකින් ගලාගෙන ආව, කපුගේ ගෙ ශෝකීගී රාවය, මේ ඉන්ටර්වීව් එකත් අසාර්ථක වේදෝයි සිතමින් සිටි සුමිත්ගේ චිත්ත පීඩනය තීව්‍ර කරන්නට සමත් වුණා.
කොටුව සහ පිටකොටුව පරිශ්‍රය, කොළඹින් පිටඉපදී හැදී වැඩුණත් සුමිත්ට නම් එතරම්නුහුරු තැන් නෙමේ. මොකද කැම්පස් යනකාලෙ, සුමිත්ල වැඩි පුරමහිටියෙ ලිප්ටන් වටරවුමෙයි, කොටුව ස්ටේෂන් එක ඉස්සරහයි හින්ද.
“ශිෂ්‍ය අයිතීන් වහා දියව්.“
“පංතිතහනම ඉවත් කරව්.“
“අත්අඩංගුවට ගත් සිසුන්, වහානිදහස් කරව්.“
ඒ කාලෙ සුමිත්ලගෙ කටේ තිබ්බෙම මේ වචනටික තමයි. පීඩිතශිෂ්‍යයන් රැසක්, දැන් වගේමඒ කාලයෙත්, නිබඳඋද්ඝෝෂණ කරමින් සිසුඅයිතීන් සුරක්ෂිත කරන්නට වෙහෙසුණ හැටි සුමිත්ට නිතර නිතර මතක්වුණත්, කිසිම පිබිදීමක් සුමිත්ට ඒ කිසිමවිටක දැණුනෙ නෑ. කොතරම් වෙහෙසී උපාධිය සම්පූර්ණ කළත්, විරැකියාවෙන් පෙළෙමින් ගෙවුණ පසුගිය වසර දෙකක කාලය, සුමිත්ගේ විප්ලවකාරී චින්තනය මුලිනුපුටා දමා තිබුණා. කැම්පස් යන කාලෙඕන වැඩකට ඔට්ටුදැඩි සිත, මේ වන විටමැලවී ගොස් තිබුණා. තම අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ගැනවිතරක් නෙමේ, තමන්ගැනම උපන් මහත්වූ ආත්මානුකම්පාවක්, සුමිත්ව වෙලාගෙන තිබුණා.
“අයියෝමොකක්ද බං ඔය හැමදාම රස්සාවල් හොයාගෙන කම්පැණි ගානෙ බඩගාන බඩගෑවිල්ල. උඹල ඉස්කොලේ යන කාලෙඉඳංම හොඳට ඉගෙනගත්ත. ඊට පස්සෙකැම්පස් ගියා. ඒත්මොනාද බං උඹලටලැබුණෙ. තාමත් අම්මලගෙන් කකාබි බී රස්සාහොයනවා“
සුමිත්ව දකින දකිනවාරයක් පාසා එවැනිදේවල් කිව්වෙ, සුමිත් ගෙ පාසල් කාලයේයාලුවෙක් වන නිරානොහොත් නිර්මාල්. නිරාකෙරුවෙ සාමාන්‍ය පෙළවිතරයි. පාසලෙන් අස්වුණ ගමන් තම පියාගෙ අඩිපාරෙ යමින්, ‘රා‘ බිස්නස් එකක් පටන්ගත්තු නිරා, අද ගමේඉන්නෙ රජ පැටියෙක් වගේ.
“මොකෝළමයො, තවම රස්සාවක් හම්බුණේ නැතෙයි. විස්සවිද්දාලෙන් එලියට ඇවිල්ලත් දැන් අවුරුද්දක් දෙකක්උනා නේද“
ගමේ එපාම කරපුචරිතයක් වන, අංගොආච්චිත්, සුමිත්ව දකිනදකින වාරයක් පාසාමෙහෙම කිව්වෙ සමච්චල් ස්වරූපයෙන්.
ගමේ ඉඳිල්ල ඇතිවෙලා තිබ්බත්, යාලුවෙක්ගෙ ගෙදර නැවතී හෝ බෝඩිමක නැවතී රස්සාවක් හොයන්නට සුමිත්ට කැමැත්තක් වත්වත්කමක් වත් තිබුණෙ නෑ. ඒත් ගෙදරඉන්නත් පුළුවන් කමක්නොතිබුණ නිසාම, හැමදාමත් සහතික ගොන්නත් අරගෙන, අයදුම් කළසහ නොකළතැන් වලින් රස්සාවක් හොයාගන්නට හිතාගෙන පාන්දර ජාමෙ ගෙදරින් එළියටබහින සුමිත්, ආයෙත්ගෙදර ගියේ රෑ8, 9 වෙද්දියි. ඒකෙන් ගෙදරඉන්න කාලය අඩුවෙනව වගේම, ගමේමිනිස්සුන්ට මුලිච්චි වීමෙන් අසන්නට ලැබෙණ කර්කෂවදන් වලින් බේරීමටත් සුමිත්ට හැකි වුණා.
හීන් වැහි පොදදැන් නම්, මොරසූරන වැස්සක් තරමටවැඩි වෙලා. සුමිත් ලඟ තිබ්බ තේ කඩේකටරිංගුවෙ වැස්සෙන් බේරෙන්න විතරක්ම නෙමේ, උදේඉඳං බඩගින්නෙන් හෙම්බත් වෙලා හිටපු හින්දප්ලේන් ටී එකක්වත් බොන්න ඕන කියලහිතුණු හින්දයි.
‘ක්රාස්‘ හඬින් පුටුවක් ඇදලගත්ත සුමිත්, පුටුවඋඩට කඩා වැටුණෙ ඇණවුම් කරපු තේ එකලැබෙනකන්. එළියෙ වැස්සජයට යනවා. සට සට ගාලදොඹ ගෙඩි තරම්වැහි බිංඳු වැටෙද්දි සුමිත්ගෙ ඇහැ ගියෙ, ඒ වැස්සට යටින්කුඩයක් ඉහලන් තුරුල් වෙලා යන පෙම්වතුන් දෙන්නෙක් දිහා. එතකොටසුමිත්ට මතක් වුණේවරුණිව. වරුණි තමයිසුමිත්ගෙ කැම්පස් ප්‍රේමය.
“මංදාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙණවෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම්
ඔබ සිටියා නම්.“
සුමිත් සිහින් ස්වරයෙන් ඒ ගී පද මිමිණුවෙ අතීතාවලෝකයනයක යෙදෙන ගමන්. වරුණිත් සුමිතුත් විශ්වවිද්‍යාල ජීවිතය නොයෙකුත් හැලහැප්පීම්, උද්ඝෝෂණ, උපවාසමැද ගෙව්වත්, දෙදෙනාගේ ආදරය නම් ගලාගියේ කිසිදු කරදරයකින් බාධකයකින් තොරවයි. අනාගත පැතුම් පොදි බැඳගෙන දෙදෙනා අධ්‍යාපන කටයුතු කෙරුවත්, දෙදෙනාගෙ සමාජ පංතිපරතරය, ඒ පැතුම් මල් තලා පොඩිකර දැමුවේ, සිත්පිත් නැති අයුරිනුයි. විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ වී මාසයක් යන්නටත් පෙර පටන්ගත් ආදර සම්බන්ධය, විශ්ව විද්‍යාල ජීවිතය අවසාන වී මාසයක් යන්නටත් මත්තෙන් කෙළවරවුණේ, වරුණිගේ ධනවත්මාපියන්, වරුණිගේ කැමැත්ත අකමැත්ත නොවිමසා ඇයවපිටරට යැවීම නිසාවෙන් බව සුමිත්ට සිහිපත් වුණේ, මේ කුරිරු ලෝකය ගැන සියහිතේ ඇති වෛරීඅදහස් අලුත් කරමින්.
තේ කුඩු මංඩිවලින් පෙරා, සීනිඇබිත්තක් එකතු කර සෑදූප්ලේන් ටී එක, සුමිත් තොල ගෑවේඅමෘතය වගෙයි. කඩේෂෝ කේස් එක, නා නා මාදිලියේ කෑම වර්ග වලින්පිරී තිබුණත්, සුමිත් ඒවා දිහා නොබලාසිටීමට ප්‍රවේසම් වුණා. මේ ලෝකෙ දරුණුම ගින්න බඩගින්න බව, පසු ගිය මාසකිහිපයේ ඉඳන්ම සුමිත් හොඳින් වටහාගෙන සිටියේ, හැමදාමත් ගෙදරින් එනවිටඅම්මාගෙන් ලැබුණ රුපියල් පනහ නොගෙන සිටීමට සුමිත් තීරණය කළ නිසයි.
වැස්ස නම් දැන් තුරල් කරල. තේ එකේ සල්ලි දුන්න සුමිත් කඩෙන් එළියට බැස්සෙ, කාලෙකින් වැහැපු වැස්ස හින්ද පොළවෙන් නැගුණු නැවුම් දූවිලි සුවඳ ආඝ්‍රාණය කරන ගමන්. ඈත අහසේ හරි ලස්සනට දේදුන්නක් පායලා තිබ්බ.
සුමිත්ගෙ හිත වෙළාගෙන තිබුණු තිමිර පටලඉරා දැමීමට, ඒ දේදුන්නේ සුන්දරත්වය සමත් වුණා. අනියත අනාගතය අත දරා, ආත්ම විශ්වාසය පෙරදැරිව ඉදිරියට යෑමට, සුමිත් කඩයෙන් එළියට බැස්සා.
මලිත් චතුරංග සමරසිංහ
Auckland