හදේ ගැඹුරුම තැනක තනිවු ඔබේ මතකය෴.
පලමු දිගහැරුම
ගුවන් යානය ගමනාන්තයට පැමිනි ඇති බව දැනුම් දීමත් සමගම වන්දනා මෙතෙක් ර්‍වෙලා සිටි සිහින ලෝකයෙන් අවදි වූවාය . මෙය ඇයගේ ප්‍රතම ගුවන් ගමන නොවූවද එය ඉතා වෙහෙස කාරී විය.
හිරැ එලිය ඉතා දැඩි වූ අතර සුලග ඉතා වියලි විය,අත් දිග කොටු කමිසය කිසි සේත්ම මෙවැනි දේශගුනයකට නොගැලපෙන බව දැනීමෙන් ඇය සිතින් තමාටම බැන වදිමින් ඉතා වේගයෙන් ගමන් බෑගය සහිතව මගී පර්යන්තයට ඇතුළු වූවාය .
ඉතා කුඩා ගුවන් තොටුපලක් වුවද එදින ඉතා කාර්යබහුල බවක් දිස් විය, අවශ්‍ය සියළු ලිපි සහතික කිරීමෙන් පසු ඉතා කෙටි වේලාවකින් ගුවන් තොටුපලින් එලියට ආ ඇයට තමන්ගේ නම සහිත පුවරැවක් අතැති ඉතා ප්‍රිය මනාප සිනහවකින් සැරසුන රියදුරා දැකගත හැකිවිය ඉතා සුහද ශීලීව ඇය පිලි ගත් රියදුරා ඇයගේ ගමන් මළු රථයේ පිටු පස දමා රථයේ ඉදිරි පස අසුන ඇයට පිලිගැන්විය.
සියළු දේ නුපුරැදු වූවද රථයේ තවත් කිහිප දෙනෙකු සිටිනු දැකීමෙන් වන්දනාගේ සිතට සහනයක් විය.
තම මව් රටින් පිට තවත් සුන්දර දූපතක තනිවන්නට සිත අමුතුවෙන් සාදා ගැනීමට අවශ්‍ය වූයේ නැත.
මුහුදින් වටවූ මේ සුන්දරත්වයට වශී වූ වන්දනාට බොහෝ අමිහිරි මතකයන් අමතක කිරීමට මේ සුන්දරත්වය ඉඩසලසනු ඇත෴
සාගර තරංගා නුහුරැ නුපුරැදු දූපතේ ෴෴ ඉතා ඡනප්‍රිය ගීයක පදවැල් මුමනමින් නොදැනුවත්වම
ගමනාන්තයට ආ වග දැනුනේ රියදුරු විසින් ඇයට බැසීමට දොරඇර ඇති බව දුටු විටය෴
සුදෝසුදුවට නැගෙන පෙන පිඩු
රන්ඩු කරනා නිල දිය වැල්
හද කොනිත්තන සිහින් මද නල
ලග සිටින්නට නොහැකි වූවද
වෙරලට පෙම්කළ රැල්ල සේ විය
අපේ සෙනෙහස෴෴
✍️ sue
Surani Mahagodage