සිතුවිලිත්
එක්ක ඇයට තිබ්බේ ආත්මීය බැදීමක්. , තරමටම ඇය ජීවිතය රස විදිනීය , නිහඩ බව ආභරනය කරගත් ඇය ,සිතුවිලි අතර අතරමන් වෙමින් ,සන්වේදීබව තුරුලු කරගෙන ජීවිතය දිහා සුභවාදීව බලන්නේ තිතැතින්මය. . වෙල් ඉපනල්ලේ හමන සුලන් හා දොඩමලු වෙන්නට ඇය දරන ප්‍රයත්නය අපූරුය .


සිතුමී ගේ ,සියුම් අත් වලින් මැවෙන පාට පිරි සිතුවම් ඇයගේ ලොකේට ආශිර්වාදයක්ම විය!ඉර නැගුනු වෙලේ සිට තරු අහස පුරා දිලිසෙන මුලු වරුව පුරාවට ලස්සනට ,හීනියට සිතුවම් මවන්නට පුලුවන් නිසාමද කොහෙද , මායාවක් වන් සියලු ප්රශ්න අමතක කර සුදු කොලය මත රූරා වටෙන දිය සායම් පොද වැස්ස  මවා පාන්නේද ඇයගේ ජීවිතයමයි !

නමුත්, සිතුමී ගේ අම්මා ඇය ගැන ඇයටත් වඩා හොදින් දන්න නිසාවෙන් , සගවා ගත් කදුලු අතරින් සිනා සෙන්නීය . හැමදාමත් වගේ අදත් සීනි වැඩි කහට කොප්පය දිය සායම් පෙට්ටියට නුදුරින් පිහිටි රාක්කය මත තිබ්බ , සිතුමී ගේ අම්ම , හස්ත මුද්රාවෙන් ස්තුත්යි කී තම දියනිය සිප ගෙන, ඉක්මනින්ම එතනින් නික්ම ගියේ ඇගේ  චිත්‍රය  අහවරවී , සීතල වු තේ කොප්පයද රැගෙන කුස්සියට හා දොඩමලු වීමට එන බව දන්න නිසාවෙනි . නමුදු ඇය සහ සිතුමී දොඩමලු වූ තැන  ඇත්තේ ඔවුනොවුනට හුරුවූ කතා ගොන්නකි.

පාසලෙන් නික්ම චිත්ර ශිල්පිනියක වී , ලෝකයටම වැඩ පෙන්වීමට සිතාගත් ,සිතුමීගේ මේ බලගතු හීනයට කන කොකා හඩන්නේ සේනානායක ලොකු ඉස්කොලේ මහත්තයාට ,එනම් සිතුමීගේ  තාත්තාට, වව්නියාවට අලුත් ගුරු පත් වීමක් ලැබීමෙන් පසුවයි. අකමැත්තෙන් වුවත් , ගමේ ලබැදි ජීවිතයට සමුදෙන සිතුමී ඇතුලු සිය පවුල,  යුද්දයේ දූලි අතරින් පන ගැහෙන වවුනියාවට පදින්චියට යන්නේ වෙන කරන්න දෙයක් නොමැති නිසාවෙනි.

වෙනදා , හිමිදිරි පාන්දර කුරුල්ලඟේ හඩින් නිදි පැදුරින් බැසගත්ම තේ මේසය වටා රොක්වෙන සේනානායක පවුලට අද ඇහෙන්නේ කම්බි වැටකින් තම සීමාවන් වෙන් කල ලයිමේ බවලත් උදවියන්ගේ අඩවැඩියාවන්ය.

පින්සල අතට ගත් සිතුමී නොසලෙන සිතින් යුතුව සිතුවම් කරන්නේ ,දවස පුරා ඇගේ ඇස ගැටෙන ,කාශ්ටක අවුවේ පිම්මේ දුවන, සොල්දාදුවන්ය.උන්ගේ අවිනිශ්යිත ජීවිත දරු දුකට හඩන අම්මලාට දනෙන හැටි ඇය චිත්රයට නගන්නේ ඇස් වලි රූරා වැටෙන කදුලු පිරි දෙනෙත් සහිතව්මය. ඇය සිතන්නේ මෙවැන්නක්යි,


චුරු චුරු වැස්සට වැටෙන වැහිබින්දු මැවන හැඩතල රටා පසුතලය කරගෙන තම සිතුවිලි වලට තිතතින්ම පන පොවන  සිතුමී, අටොරාශියක් වැඩ පසෙකලා අවුරුදු 21 වු අද දිනයේ සුබ මන්තරයක් අසනුවස් ,අම්මගේ තුරුලට යන්නේ තවමත් ඇය අම්මාගෙ චූටි දුව වූ නිසාමය. ආලින්දයට ගොඩවත්ම ඇය දකින්නේ කලබලකාරි අම්මගේ ඇස්ය .ඇස් යටින් කඩා හලෙන අති විශාල කදුලු කැටය.

“ අනේ……. ලොකු පුතේ ….” අම්ම ගිරිය පුප්පාගෙන කැගසනු ඇසෙයි , කලු පටි වලින් මුහුනු බැදගත් නාදුනන පිරිසක් ලොකු අයියා බලහත්කාරයෙන් අරගෙන යන්නට වෙර දරන තැන ,කිසිත් කර කියා ගත නොහැකිව උනුන්ගේ දෙපා පාමුල වැද වටුනේ හති වටුනු කිරිලියක , පිපාසය නිවාගන්නට පැන් බිදක් ඉල්ලන පරිද්දෙන්යි. සිතුමී යවුවනියක වුවද  ,ඇයට කරගන්න පුලුවන් වුනේද ඒයයි ,මන්ද හැමදාම වගේ අදද ඇය අසරනයි. හති වැටුනු ඇය අම්මගේ උනුහුමට තුරුලු වෙන්නෙ ,සන්වේදී ඇයට මෙය නුහුරු නිසාමය .

සතුටින් පිරි නිවහන තුල මහා බියන්කාර අදුරක් පාවෙන වෙලාවක ,දිගු නිහැඩියාවට සමුදෙන්නට සිතාගෙන  සිතුමී පින්සල ,අතට ගත්තේ කුතුහලයකිනි. නිලට දිව ගිය පැහදිලි අහස් කුස වෙනුවට , කලුවලාවන් පිරි අහසත් ,ඒවටා පිරුනු ගිනි පුපුරු ජාලාවක් …..


කාලය ගෙවි යනවාත් එක්කම , සිතුවම අදිනවාට වඩා වැඩි කාලයක් දෙස බලා සිටින පුරුදු උන  සිතුමී නෙතින් සාක්ශිය කරගත් වර්තමානයේ බිහිසුනුකම තම හදවතේ පහුරු ගාන අන්දම තව දුරටත් පසක් කර ගනු වස් අවසානයක් දකින තෙක්ම සිතුවම් කලේ තම අයියාගෙ සමු ගැනීමය.එතරම්ම එය ඇයට සමීප විය.


සිතුවිලි අතර අතරමන්ව වීදි කොනේ ඇවිදන් ගිය ඇයගේ  පපුව දෙබෑවි ලේ ගන්ගාවක් මැදින් කඩා වැටෙන්නට පොරතුව හැමදාම වගේ , ඇස්දෙකින් වචන එක්තැන් කොට අසරනව , නොදැනීම  තම අත දික් කරන්නේ තමා අසල තුවක්කුව අමෝරා සිටින ලොකු අයියා දෙසටය.මගේ චූටියෙ …” යැයි ලොකු අයියාගෙ හඩ වාතලයට මුසු වෙනවාත් සමග ඇය, මතු ආත්මයේත් මම ඔබෙම ගොලු නන්ගී වී ඉපදේවායි පතන්නාක්මෙන් ලොකු අයියාගෙ පපුව මත සදහටම නින්ද තුරුලු කරගත්තාය.


Gavithri Yatigammana