පුංචි සටහනක් ලියන්නහිතුණා, “තණමල්විලකොල්ලෙක්” ටෙලිවෘතාන්තය පිළිබඳව. ටෙලි නාට්‍යවිකාශනය වීඅවසන් වුවදඒ පිළිබඳවූ මතකයන්තවමත් ඇත. “තණමල්විල කොල්ලෙක්” මගේ හදවතටසමීප වන්නටත්ඇතැම් විටකඇසට කඳුළක්ගෙනෙන්නටත් සමත්වූයේ එහි පාරිසරිකවටපිටාවත් චරිතත්තවමත් අපේගම්වල ජීවත්වන නිසාය. පාසලේ දීමවන සිහිනලෝකය ගරා වැටෙමින්යන සමාජසංදර්භය තුළබිඳී විසිරීයන අයුරුදීප්ත, කිතුලා, කූරා,ජගා,සුලෝ, දම්මි වැනිචරිතවලින් පෙන්නුම්කරයි.
කථා සාරාංශය ලෙසගතහොත් දුෂ්කරගමක වෙසෙනදීප්ත නම්තරුණයාත් ඔහුගේමිතුරනුත් ඇසුරු කරගෙන ගොඩ නැගෙනකතාවකි. වර්තමාන අධ්‍යාපනරාමුවෙන් එළියටවී අතරමංවූ මෙමතරුණ පිරිසජීවිතය ගැටගසා ගන්නටවිවිධ වූදේ කරති. කුමන අගහිඟකම්තිබුණද, ගමේපන්සලේ වැඩ වල දීමූලිකත්වය ගන්නේද අනෙකුත්ගමේ ප්‍රශ්නවලදී මූලිකත්වයගන්නේ දමොවුන්ම ය. කුමන අවස්ථාවක්වුවද මිත්‍රත්වයඅත් නොහරින ඔවුන්ගේසබැඳියාව තරඟකාරීවදියුණුවේ මංසොයමින් අනෙකාවපාවාදෙන වර්තමානයටකදිම පාඩමකි. යශෝධරා අක්කාගේමග පෙන්වීම මතරැකියාවක් සඳහාකොළඹට එනදීප්තට තමමිත්‍ර සමාගමෙන්දුරස් වන්නටසිදුවේ. සිතුවම් කලාවප්‍රගුණ කළදීප්තට අවසානයේදී විදේශ ගතවීමේඅවස්ථාවක් හිමිවේ.
මා හට සංවේදී මවූ චරිතයවූයේ කිතුලාය. පාලකයන් තමපැවැත්ම උදෙසායුද්ධය භාවිතාකරන විටඑයට ජීවිතයෙන්වන්දි ගෙව්වේකිතුලා වැනිගම්මාන වලජීවත් වූඅහිංසක තාරුණ්‍යයයි. සාපෙළ අසමත් වීමෙන්පසුව විරැකියාවෙන්පෙළෙන තමජීවිතය කෙලෙසගොඩනඟා ගතයුතු දැයිනොදැන අතරමංවන ගම්මානවලබොහෝ තරුණයන්ගේ නැවතුම වන්නේත්‍රිවිධ හමුදාවයි. දැනුම පමණක්ඔපමට්ටම් කරන්නටවෑයම් කරනශ්‍රී ලාංකිකඅධ්‍යාපන රටාවතුළ ,හැකියාව තුළින්තම ජීවිතයදිනූ දීප්තටමග පෙන්වූයශෝදරාවන් තවමත්හමුවී නැත.
නාගරික සාටෝප ජීවිතයද ඇතැම්අවස්ථාවන්හිදී සියුම්ව කොනිත්තන, ප්‍රශ්න කරනඅවස්ථාවන් දදක්නට ලැබේ. ගිනි කාෂ්ටකඅව්වේ දිවුල්ගස් සෙවණකමිතුරන් එකතුවී මීවිතතොලගාමින් අල්ලාපසල්ලාපයේ යෙදෙන්නේසැබෑම වූසහෝදර ප්‍රේමයෙනි. නමුත් කොන්ක්‍රීට්පවුරෙන් වටවවිදුලි බුබුළුවලින්අඳුරු වූමුහුණු බබළවන ප්‍රිය සම්භාෂණයන්වල දීබීර වීදුරුසමග දියකරහරින්නේ මානවසබඳතාවයන් ය.
වර්තමානයේ ගමේපන්සලට අත්වඇති ඉරණමසම්ප්‍රේෂණ කුලුනසහිත ඉබියතුරු දමාවසා ඇතිපන්සල් ගේට්ටුවදර්ශනය වීමෙන්මනාව පැහැදිලිවේ. පන්සලේ ගේට්ටුව වසාඇති නමුත්පන්සලේ හාමුදුරුවන්ගේබණ ගුවන්විදුලියන්ත්‍රයෙන් නිතරමඇසෙන බවකූරා විටකදී දීප්තටකියයි.
කාබන්ඩයොක්සයිඩ් පමණක්ඉතිරි කළධනවාදය හමුවේදිය වීයන වාමාංශිකදේශපාලන ලකුණදීප්තිට කොළඹදී මුණගැසෙන සහෝදරයාතුළින් පිළිබිඹුවේ යැයිමට හැගේ. “මම යනවාගෙදර. දුර පාරකින් “. ඔහු ගමට යන්නේ1993 සිට ලියපුසිංහල සමාජයේහෘද සාක්ෂියපිළිබඳ ලියූකවි, අරගල අතුරුදන් කරපු වාර්තා සහිතපොත් ගොන්නක්පොහොර මල්ලකදමා ගැටගසා ගෙනය.
නියඟයෙන් වගාපාළු වනඅමාරුවෙන් රැකගත්ගොවිතැන වල්අලින්ට ගොදුරුවනසරල ජීවන රටාවක්සහිත සුන්දරයැයි සිතනගමක ජීවත්වනතාරුණ්‍ය වටාගෙතුණු තණමල්විලකොල්ලෙක් ටෙලිනාට්‍යයේ අවසානයේද ඉතාඅපූර්වය. වර්තමානයේ දීආගම් නිසාප්‍රචණ්ඩත්වයටත් අනෙකාසැක කරන්නටත්පෙළඹෙන සමාජයටසිතන්නට යමක්කුරුසයක් පැළඳිතාරුණ්‍යය අතින්නිරාවරණය කරනුලබන සමාධිසුවයෙන් සිටිනබුදු රුවින්නිරූපණය වේයැයි හැඟේ. යෞවනයේ අප්‍රකාශිත පරිච්ඡේදයවූ “තණමල්විල කොල්ලෙක්” ග්‍රාම්‍ය ජීවිතයේහා නාගරිකජීවිතයේ ඇතිසැබෑ ස්වරූපයන්කෙටි රූපරාමු යොදාගනිමින් ගොඩනැගූසොඳුරු මෙන්මප්‍රේක්ෂකයාට සිතන්නටයමක් ඉතිරිකළ ටෙලිනාට්‍යයකි.