මේ වන විට සංක්‍රමණිකයාගේ සෑම දවසක් වගේම අවසන් වෙන්නේ සංක්‍රමණය වීමට තතු විමසන්නන්ගේ දුරකථන ඇමතුමකින් හෝ පණිවිඩය හුවමාරුවකින්. සංක්‍රමණිකයා අදාල ක්ශේත්‍රය පිළිබඳ වෘත්තිකයෙක් නොවුනත් කරන්න පුලුවන් යමක් වෙතොත් ඉටු කරන්නට නොපැකිලව ඉදිරිපත් වන්නේ ලංකාවේ මිනිස්සු තව දුරටත් විඳවිය යුතු නැතැයි යන මතයේ සිටින නිසාය. සංක්‍රමණිකයාගේ මව් රට තවදුරටත් මුතු ඇටයක් නොවන බව නම් තහවුරුය. මිනිසුන් කබලෙන් ලිපට වැටිලාය. දේශපාලකයන් තවමත් බලන්නේ බළලුන් ලවා කොස්ඇට බාවා ගන්නටය. දේශපාලන පුද්ගල නාම ඇති, නමුත් ක්‍රමවේද නැති රටක හෙට දවස ගැන කීමට මේ වන විට නම් ශක්‍රයාටවත් හැකියාවක් නැති බව සංක්‍රමණිකයාට හොඳටම විශ්වාස ය.
ශ්‍රී ලංකාව සර්වජන ඡන්ද බලය ලබාගෙන අවුරුදු 91ක් ගත වෙද්දි, බහුතර ජනතා ජන්ද වලින්ම රට පාලනය කිරීමට නුසුදුස්සන් පත් කරගෙන, වෙනත් වචනයකින් පැවසුවොත් අද ලංකාවෙ තත්වයට මූලික හේතුවක් වනුයේ වනුයේද ලංකාවේම බහුතර ජනතාවය. මේය හිනාවෙන්න ඕන දෙයක් ද, ඇඬියයුතු දෙයක්දැයි සංක්‍රමණිකයාට තවමත් වැටහෙන්නෙ නැත.
ජීවිතය යන්තම් පටන් ගත්, සමාජයට යන්තම් පය තැබූ තරුණ ප්‍රජාවට මේ සිඳුවීම් ජාලවන්ගෙන් සිදුවිය හැකි හානිය සුලු පටු වන්නේ නැත. ඔවුන් මෙතෙක් කල් දුටු සිහින බොඳ වී ගොසින් ය. අනාගතය ගැන අවිනිශ්චිතය. බොහෝ විට මෙම ක්‍රියාදාමය අවසාන වන්නේ අතරමං වූ පරම්පරාවක් බිහිකරවීමෙන් ය. මෙහි හානිය ලංකාවට හානිය දැනෙන්නේ අද හෙට නොව, තව අවුරුදු ගනාවකින් පසුවය.
රටින් පිට සිටින ඔබ ලංකාවට තමන්ට හැකි අයුරින් උදව් කරනා බව සංක්‍රමකිකයා හැම අතකින්ම අත් දැක ඇත. තරුණ ජීවිතයට අතරමං නොවී ජීවිතයට අරමුණක් ලබා දිය හැකිනම් කරුණාකර එයට දායක වන්න. බොර දියේ මාලු බානා නියෝජිතායතන වැහි වැසී ඇත. දවස් හයකින් නවසීලන්තයට වීසා ගැනීමට පුලුවන් යැයි ඔව්හු පවසති. දහසක් සුන්දර කතා මවා පාති. ඔවුන් මේ අනාථ කරන්නට හදන්නේ මේ වන විටත් කබලෙන් ලිපට වැටී සිටිනා අහිංසක ජනතාවකි.
ලිපිය අවසන් කිරීමට යන මොහොතේදී සංක්‍රමණිකයාට ලැබෙන්නේ ලංකාවේ සිටින මිතුරියකගෙන් කෙටි පණිවිඩයකි. එහි සඳහන් වන්නේ ඇය යුරෝපයට සංචාරක වීසා සඳහා කල විමසීමට ලැබූ උත්තරයක පිටපතකි. ඒ අනුව මේ වනවිට ලංකාවේ මිනිසුන්ට වීසා ලැබෙන්නේ අත්‍යවශ්‍යය විදෙස් ගමන් සඳහා හෝ, ඉගෙන ගැනීමට යාමට පමණකි. කොතරම් මුදල් පෙන්නුවත් සංචාරක වීසා නිකුත් කිරීමට එම්බසි මැලිකමක් දක්වන බවත් ය.
සංක්‍රමණිකයාගේ තවත් සටහනක් සමඟින් හමුවෙමු.
By Yasasi Gunarathna – Auckland