fbpx
9.5 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය -සුපුන් රජිත හෙට්ටිආරච්චි-

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

 

ක්‍රීඩාවකට ආදරය කරන්න කිසිවෙකුට කිසිඳු බාධාවක් නොමැත. එමෙන්ම ක්‍රීඩාවට තිබෙන ආදරය නිසාම ඒ ක්‍රීඩාවේ නිරත වෙන්නත් ඕනෑම අයෙකුට හැකියාවක් ඇත. ඊට වයස අදාල නොවන බවට තවත් නිදසුනක් මාර්තු මස මුල් කාලයේ දී අපට දකින්නට හැකිය. ඒ වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයි.
 
දෙවන වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා  සෙනරත් සෙනවිරත්න ගේ නායකත්වය යටතේ  ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමයක් එක්වන අතර ඊට නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් ද සහභාගී වීම විශේෂත්වයකි. ඔහු චන්න වීරප්පෙරුම ය. කොළඹ නාලන්දා විද්‍යාලය බිහි කළ දක්ෂ පිතිකරුවෙක් ද වන ඔහු ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය ද නියෝජනය කළේය. බොස්ට්වානා ජාතික කණ්ඩායම ද නියෝජනය කර ඇති ඔහු අදටත් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සක්‍රිය ක්‍රීඩාවේ නිරත වන්නේය.  
 
 
මාර්තු මස අටවන දින ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය කේන්ද්‍ර කර ගනිමිනි.
ඒ සඳහා රටවල් 11ක් තරග වැදීමට නියමිතය. 
 
දකුණු අප්‍රිකානු කණ්ඩායම ට ඇලන් ඩොනල්ඩ් ජොන්ටි රෝඩ්ස් ද  ක්‍රීඩා කරන අතර සිම්බාබ්වේ කණ්ඩායම ට එඩෝ බ්‍රැන්ඩර්ස් ද ක්‍රීඩා කිරීමට නියමිතය. තවත් කණ්ඩායම් රැසක ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුලත් බැවින් මෙම තරගාවලිය උණුසුම් තරගාවලියක් වනු නොඅනුමානය.
 
-සුපුන් රජිත හෙට්ටිආරච්චි-
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.