fbpx
14.6 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලංකික කිවී කරාතේ හපන්නු – ශ්‍රී LankaNZ

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ
 

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන සෙන්සේ ධම්මික ආරියරත්න විසින් මෙහෙයවන ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝ කායි සංගමය(AUCKLAND KARATE DO WADOKAI) නවසිලන්ත ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ඇති,බලය ලත් නිල කරාතේ පාලක මණ්ඩලය වන නවසීලන්ත කරාතේ සම්මේලනයට ( KARATE NEW ZEALAND ) අනුබද්ධ හා ලියාපදිංචි සංගමයක් ලෙස කටයුතු කරයි.

එහි ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරන සෙන්සේ ධම්මික නවසීලන්ත ක්‍රිඩා අමත්‍යංශය යටතේ ඇති නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනයේ සහතික ලත් ලියාපදිංචි පුහුණුකරුවෙකි.
ඔහු ලෝක කරාතේ විනිසුරුවකු ලෙස ජාත්‍යන්තරව නවසීලන්තය නියෝජනය කරන එකම ශ්‍රී ලංකික කරාතේ විනිසුරු වන අතර, වර්ෂ 2016 සිට මේ වනතෙක් නවසිලන්ත කරාතේ පාලක මණ්ඩලයේ විනිසුරු කවුන්සිල ලේකම් වශයෙන් ද කටයුතු කරයි.

ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝ කායි සංගමය නවසීලන්තයේ වාසය කරන අපේ ශ්‍රී ලංකීය දු දරුවන් කරාතේ ක්‍රීඩාවෙන් ඉහලට ගෙන ඒමේ මුලික පරමාර්ථය පෙර දැඩි කරගෙන වර්ෂ 2009 යේදී ඕක්ලන්ඩ් නගරයේ වෙසෙන දු දරුවන් කිහිපදෙනුකු සමග ආරම්භ කල අතර පසුගිය වසර10 ක කාලයක් තුලදී නවසීලන්තයේ පළාත් හා ජාතික කරාතේ ශුරයන් බොහෝමයක් බිහි කර ඇත.
ජපානයෙන් උපත ලැබූ කරා -තේ නැතහොත් හිස් අත් සටන් ක්‍රමයේ ආරම්භය වසර 100  කටත් වඩා පැරණිය. කරාතේ යනු හිස් අතින් කරන සටන් ක්‍රමයකි. එය වර්තමානය වන විට ලෝකයේ රටවල් 188 කට වැඩි මිලියන 100 ක් පමණ පුහුණුවන ඔලිම්පික් ක්‍රිඩා සදහා සුදුසුකම් ලැබූ ලොව ඉතා ජනප්‍රිය ක්‍රීඩාවකි. කරාතේ ප්‍රගුනකිරීමෙන් පුද්ගලයෙකුගේ කායික, මානසික ශක්තිය හා ඉවසීම,දරාගැනීමේ ගුණය ඉහල නංවාගත හැකි සටන් ක්‍රමයක් මෙන්ම ක්‍රීඩාවක් ලෙස ලොව ප්‍රචලිතය.
පුහුණුකරුවකු ලෙස වසර 30 කට අධික පළපුරුද්දක් හා කළුපටි 5 වැනි ශ්‍රේණිය ලබා ඇති සෙන්සේ ධම්මිකගේ කරාතේ සුදුසුකම් හා අත්දැකීම් සංශිප්තයක් ලෙස ගත් කල ,
ඔහු වර්ෂ 1978 දී කරාතේ පුහුණුව ආරම්භ කරන්නේ කරාතේ ගුරුවරයෙකු වන සෙන්සේ ජයසිරි පෙරේරා ගුරුතුමා යටතේය.
80 අග හා 90 මුල් දශකයේදී ලංකාවේ පැවැත්වූ ජාතික කරාතේ ශුරතවලිදී ජයග්‍රහණ ලබා ඇති සෙන්සේ ධම්මික ලෝක කරාතේ ශුරතාවලි 2ක් සඳහා ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
1990 වර්ෂයේදී පාසැල් කරාතේ පුහුණුකරුවකු ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පත්වීම් ලැබ කැළණිය ශ්‍රී ධර්මාලෝක, කොළඹ වේළුවන,වැල්ලම්පිටිය විද්‍යාර්ථ ,කොළඹ නාලන්ද යන පාසල් වල කරාතේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. මෙයින් කැලණිය ශ්‍රී ධර්මාලෝක ජාතික පාසැල වසර 3ක් ජාතික කරාතේ පාසල් ශූරයන් ලෙස කිරුළු පැළඳුවේ සෙන්සේ ධම්මිකගේ මග පෙන්විමෙන්ය.
කලක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකායේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා විද්‍යාතන ක්‍රීඩා උපදේශක සුදුකම ද සපුරා ඇත .

වර්ෂ 1993 දී ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ඇති ජාතික කරාතේ සම්මේලනය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ පරිපාලන කටයුතු වලට තේරී පත්වන සෙන්සේ ධම්මික එහි බස්නාහිර පළාතේ ලේකම් ධුරයත්, පසුව එහි සභාපති ධුරයත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් හා එහි උප සභාපති ධුරයත් හෙබවූ අතර ජාතික කරාතේ විනිසුරු කවුන්සිලයේ ලේකම් වශයෙන්ද කටයුතු කල අයෙකි. ජාතික සම්මේලනයේ විධායක තනතුරු රැසක් හෙබවූ සෙන්සේ ධම්මික එවකට ශ්‍රී ලංකා කරාතේ දියුණු කිරීමට මහඟු සේවයක් කල පරිපාලන නිලධාරියෙක් ලෙස ප්‍රකටය.
පරිපාලන නිලදාරියකු ලෙස ජාත්‍යන්තර කරාතේ ශුරතාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු 1999 දී ප්‍රථමයෙන් පිහිට වූ දකුණු ආසියාතික කරාතේ සම්මේලනයේ උප ලේකම් වශයෙන්ද පත් වී ඇත.

ඔහු 1989 වර්ෂයේ දී ජාතික කරාතේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේදී විනිසුරු කටයුතු අරම්භ කර අදවන විට එහි ඉහලම සුදුසුකම වන ලෝක කරාතේ පාලක මණ්ඩලයේ AA ශ්‍රේණියේ විනිසුරුවකු ලෙස නවසීලන්තය නියෝජනය කරමින් සිටි.සෙන්සේ ධම්මික ලෝක කරාතේ සම්මේලනයේ විනිසුරුවකු ලෙස පුර්ණ සුදුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වේ.
තවද ,2020 දී පැරිසියේදී පැවැත්වීමට තිබු ඔලිම්පික් පාරිසාදක කරාතේ ශුරතවලියට නවසීලන්තය නියෝජනය කරමින් විනිසුරුවරයෙකු ලෙස සහභාගී වීමට සුදුසුකම් ලැබිය.


ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝ කායි සංගමයේ සහය උපදේශකවරුන්ගේ හා ජාතික හා පළාත් ශුරතා ජයග්‍රහණය කල ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ විස්තර පහලින්


සහය උපදේශක – සෙන්සේ මලිත් දිසානායක

කළුපටි 3 වැනි ශ්‍රේණිය හා නවසීලන්තයේ ලියාපදිංචි කරාතේ පුහුනුකරුවෙකි.
හිටපු ශ්‍රී ලංකා පාසල් කරාතේ ශුරයෙකි.
නවසිලන්ත කරාතේ ඕක්ලන්ඩ් පළාත් විනිසුරුවරයෙකි.
2019 නවසිලන්ත ඕක්ලන්ඩ් පළාත් කරාතේ ශුරතාවයේ ජෙෂ්ට ඉස්සවූ රන් පදක්කම හා ජාතික රිදී පදක්කම ජයග්‍රහණය කර ඇත.

සහය උපදේශක – සෙන්සේ ධනුෂ එදිරිසිංහ
කළුපටි 3 වැනි ශ්‍රේණිය හා නවසීලන්තයේ ලියාපදිංචි කරාතේ පුහුනුකරුවෙකි.
හිටපු ශ්‍රී ලංකා පාසල් කරාතේ ශුරයෙකි හා කනිෂ්ඨ ආසියාතික කරාතේ ලෝකඩ පදක්කම් ලාභියෙකි.
2019 නවසිලන්ත ඕක්ලන්ඩ් පළාත් කරාතේ ශුරතාවයේ ජෙෂ්ට ඉස්සවූ කරාතේ රන් පදක්කම ජයග්‍රහණය කර ඇත.


මොවිඳු ආරියරත්න

නවසිලන්ත කරාතේ ඕක්ලන්ඩ් පළාත් කනිෂ්ට සහය විනිසුරුවරයෙකි.
වයස අවුරුදු 7 සිට නවසීලන්තයේ කරාතේ සම්මේලනය මගින් පවත්වපු පළාත් හා ජාතික කරාතේ ශුරතා වලට සහභාගී වී,

රන් පදක්කම් – 6 ක්
රිදී පදක්කම් – 12ක්

ලෝකඩ පදක්කම් – 8ක් ජයග්‍රහණය කර ඇත .
2018 හා 2019 දී නවසිලන්ත ජාතික කරාතේ ශුරතයේදී වයස අවුරුදු 13 හා 14 ජාතික කරාතේ ශුරයා ලෙස පත් වූ ප්‍රථම ශ්‍රී ලංකික, නවසිලන්ත ක්‍රීඩකයා වේ.

2020 දී පැවැත් වීමට නියමිත ආසියා ශාන්තික කර කරාතේ ශුරතා වලියට සුදුසුකම් ලබා ඇත.

චෙනුල්  විජේසේකර 

නවසිලන්ත කරාතේ ඕක්ලන්ඩ් පළාත් කනිෂ්ට සහය විනිසුරුවරයෙකි.
2017 , 2018 හා 2019 නවසීලන්තයේ කරාතේ සම්මේලනය මගින් පවත්වපු පළාත් කරාතේ ශුරතා වලට සහභාගී වී,

රන් පදක්කම් 2 ක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කර ඇත .

ජනිත් ප්‍රනාන්දු

2018 හා 2019 නවසීලන්තයේ කරාතේ සම්මේලනය මගින් පවත්වපු පළාත් කරාතේ ශුරතා වලට සහභාගී වී.
ලෝකඩ පදක්කම් 3ක් ජයග්‍රහණය කර ඇත.

ලේහාන් සමරවික්‍රම

2018 නවසීලන්තයේ කරාතේ සම්මේලනය මගින් පවත්වපු පළාත් කරාතේ ශුරතා වලට සහභාගී වී.

රන්,රිදී,ලෝකඩ පදක්කම් 1 බැගින් ජයග්‍රහණය කර ඇත.
මෙයට අමතර 2020 වර්ෂයේ මාර්තු මස 8 වැනි දින පැවැත්වූ නවසිලන්ත ඕක්ලන්ඩ් පළාත් ක්ලැසික් කරාතේ ශුරතවලියට
අප සංගමයේන් සහභාගී වූ කනිෂ්ට දු දරුවන් සියලු දෙනාම ජයග්‍රහණය කොට සමස්ත ශුරතවලියේදී ඉදිරියෙන්ම සිටියහ.
Movindu & Lehan

Malith & Danusha

Chenul & Janith
2020 ඕක්ලන්ඩ් ක්ලැසික් කරාතේ ශුරතාවලිය ප්‍රථිපල.

රනුකී රණසිංහ – බාලිකා වයස අවුරුදු 5-7 කතා සහ කුමිතේ ප්‍රථම ස්ථානය
විනුග කෙම්සර – බලක වයස අවුරුදු 5-7 කතා සහ කුමිතේ ප්‍රථම ස්ථානය
අරුෂා ජයසීලන් – බාලිකා වයස අවුරුදු 5-7 කතා 4වන ස්ථානය සහ කුමිතේ ප්‍රථම ස්ථානය
බීවෝන් ශ්‍රීනුක් – බලක වයස අවුරුදු 5-7 කුමිතේ 3වන ස්ථානය
රිෂෝන් පඬිගමබලක වයස අවුරුදු 5-7 කුමිතේ 4වන ස්ථානය
ආකාෂ් ජයසීලන් – බලක වයස අවුරුදු 8-9 කතා 4වන හා කුමිතේ ප්‍රථම ස්ථානය
ඕකිත පඬිගම – බලක වයස අවුරුදු 8-9 කතා හා කුමිතේ 4වන ස්ථානය
රයන් ඇන්තනි – බලක වයස අවුරුදු 8-9 කතා 2වන හා කුමිතේ ප්‍රථම ස්ථානය
රැමෝන් ශ්‍රීනුර – බලක වයස අවුරුදු 8-9 කතා හා කුමිතේ 3වන ස්ථානය
රිථික ලොර්ඩන් – බලක වයස අවුරුදු 8-9 කුමිතේ ප්‍රථම ස්ථානය.
අධිත සෙත්මින – බලක වයස අවුරුදු 10 -12 කතා හා කුමිතේ ප්‍රථම ස්ථානය
මමීත් පෝරුතොට – බලක වයස අවුරුදු 10 -12 කතා හා කුමිතේ 2වන ස්ථානය
කෙවීන් ප්‍රනාන්දු – බලක වයස අවුරුදු 10 -12 කතා 4වන හා කුමිතේ 2වන ස්ථානය
මිලාන් පෝරුතොට – බලක වයස අවුරුදු 12-13 කතා 3වන හා කුමිතේ 2වන ස්ථානය
මේනුල තේජාන් – බලක වයස අවුරුදු 12-13 කතා 3වන හා කුමිතේ ප්‍රථම ස්ථානය

මෙයට අමතරව ඕක්ලන්ඩ් කරාතේ දෝ වදෝ කායි සංගමය ආරම්භ කල මුල් අවදියේ දස්කම් දැක්වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ නම් පහතින් සදහන් වේ .


ලිමල් මංජිත – ජාතික රිදී පදක්කම් හා පළාත් රන් , රිදී, ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කර ඇත .
ටිෆ්නි ගාන් – පළාත් රිදී පදක්කම්ලාභී.
නිමේෂ් ෆොන්සේකා – පළාත් රන්,රිදී, ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කර ඇත.
දිනිති එදිරිවික්‍රම – පළාත් ලෝකඩ පදක්කම්ලාභී.
නදිත  එදිරිවික්‍රම- පළාත් ලෝකඩ පදක්කම්ලාභී.
සමීර ඉලේපෙරුම – පළාත් රිදී පදක්කම්ලාභී.
සසැන් රඩ් – පළාත් ලෝකඩ පදක්කම්ලාභී.
ප්‍රගීතා සෙන් – පළාත් ලෝකඩ පදක්කම්ලාභී.
අනුෂ්කා සෙන් – පළාත් ලෝකඩ පදක්කම්ලාභී.
ක්‍රිෂ් පටෙල් – පළාත් ලෝකඩ පදක්කම්ලාභී.
මහීමා සෙන් -පළාත් රන්,රිදී, ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කර ඇත.
උපාශානා සෙන් – පළාත් රන්,රිදී, ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කර ඇත.
දසුණි පීරිස් -පළාත් රන්,රිදී, ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කර ඇත.
ඕවීන් ගුණතිලක -පළාත් රන්,රිදී, ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කර ඇත.

මෙම සටහන අවසන් කිරීමට පෙර,
2008 වර්ෂයේදී සෙන්සේ ධම්මික නවසීලන්තයට පැමිණි අවදියේදී ඔහුගේ නවසීලන්ත කරාතේ ගුරුවරයා මෙන්ම මාර්ගඋපදේශකයා වූ අද ජිවතුන් අතර නොමැති සෙන්සේ රොබී ස්මීත් ගුරුතුමා ඉතා ගෞරවයෙන් සිහිපත් කරන අතර මුල් අවදියේ සහය උපදේශක ලෙස මහඟු සේවයක් කල අද ෆිජී හී ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින සෙන්සේ තුෂාන් ගුණසේන මහතා ද ඉතා ආදරයෙන් සිහි පත් කරයි.
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.