මේ වසරේ Dunedin නුවර පැවැත්වුණු නවසීලන්ත මාස්ටර්ස් ක්‍රීඩා උළෙලේදී ඕක්ලන්ඩ් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන අනුර පූලියද්ද මහතා පදක්කමක් දිනා ගැනීමට සමත් වී ඇත.
නවසීලන්ත මාස්ටර්ස් ක්‍රීඩා උළෙල යනු නවසීලන්තයේ පැවැත්වෙන විශාලතම වාර්ෂික බහු ක්‍රීඩා උළෙල වන අතර මෙම ක්‍රීඩා උළෙල සඳහා නවසීලන්තජාතිකයන් මෙන්ම විදේශිකයින්ද ඇතුළුව 5,000 කට අධික පිරිසක් විවිධ ක්‍රීඩා සඳහා තරඟ වදිති.
ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපත ලබා ඇති අනුර පූලියද්ද මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ මනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. වයස අවුරුදු 12 දී පාසැලේදී මලල ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති ඔහු පිළිවෙළින් අවු 14, 16 සහ 19 න් පහල මලල ක්‍රීඩා සඳහා තරඟ කර මලල ක්‍රීඩා ශූරතාවයද දිනාගෙන ඇත. ඉන්පසු දිස්ත්‍රීක් තරඟ, පලාත් තරඟ, මෙන්ම සමස්ත ලංකා තරඟ වලටද සහභාගී වී අනුර පූලියද්ද මහතාඒවායින්ද ජයග්‍රහණ ලබා තිබේ.
1997 වසරේදී ශ්‍රී ලංකාවේදී මාස්ටර්ස් මලල ක්‍රීඩාවට අවතීර්න වූ අනුරමහතා, මේ වනවිට ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා පදක්කම් 5ක් දිනා ගෙන ඇත.
මීට අමතරව මෙම වසරේ හේස්ටින්ග්ස් නුවර පැවැත්වුනු 46 වන නවසීලන්ත මාස්ටර්ස් ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් චැම්ප්ස් උළෙලෙදීද ඒ මහතා පදක්කමක් දිනා ගෙන තිබේ.
අනුර පූලියද්ද මහතා Auckland නුවර, Pakuranga ප්‍රදේශයේ පිහිටි Riverina පාසැලේ ස්වේච්චා මලල ක්‍රීඩා පුහුණු කරුවෙකු ලෙසද සේවය කර ඇත.