ලොව කුමන රටක සිටියත් කුමන අභියෝග පැමිණියත්, බාධක බිද තම අරමුණ කරා යන්නට සියලු ලාංකිකයන්ටම හැකියාව තිබෙන බව ඔහුගේ ක්‍රීඩා ජිවිතය අපිට සාක්ෂි සපයයි.
ලොව පුරාම ක්‍රිඩාලොලින් අතර අතිශය ජනප්‍රිය සත් සාමාජික ඔස්ට්‍රේලියානු ජාතික රග්බි ජාතික කණ්ඩායමට (Wallabies Rugby Sevens) ක්‍රීඩා කරන්නට ලැබීම රග්බි ක්‍රීඩාවෙ උපරිම විශිෂ්ඨයින් අතලොස්සකට පමණක් ලැබෙන විරල අවස්ථාවකි. එම සුවිශේෂි අවස්ථාව ශ්‍රී ලාංකික උරුමයක් ඇති ක්‍රීඩකයෙකුට ලැබීම අප දන්නා ඉතිහාසයේ පළමු අවස්ථාවයි. අද අපි ඔබ වෙත ගෙන එන්නේ එසේ ඔස්ට්‍රේලියානු Wallabies Rugby Sevens කණ්ඩායමට එක්වුණු ඒඩන් ඒකනායක (Adan Ekanayaka) ක්‍රීඩකයාගේ කතාන්දරයයි.
අවුරුදු විස්සක් වන මෙම ජවසම්පන්න Flanker ස්ථානයේ ජර්සි අංක 23න් ක්‍රීඩා කරන ක්‍රීඩකයා පිළිබඳ සියලු දෙනාගේම නෙත් යොමුවුයේ පසුගිය ජන්වාරි මාසයේ පර්ත් සෙවන්ස් කුසලාන අර්ධ අවසන් පුර්ව තරගයේ ශක්තිමත් දකුණු අප්‍රිකානු කණ්ඩායමකට එරෙහිව සත්කාරක ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීමට ඔහු අවසන් මොහොතේ වාර්තා කළ තීරනාත්මක ලකුණ සමගිනි. මෙම ජවසම්පන තරුණයා පිළිබඳ මහ ඉහළින් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වර්ණනා කළ අතර ඔහු ඉතිහාසයට එක්වන්නේ ඔස්ට්‍රේලියානු ජාතික රග්බි Rugby Sevens කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු ශ්‍රී ලාංකික උරුමය ඇති ක්‍රීඩකයා ලෙසය.
A standout moment : dramatic injury-time try in the semi-final against South Africa, securing a thrilling victory for Australia.

ක්‍රීඩා ජීවිතය.
ළමා වියේ සිටම රග්බි ක්‍රීඩාවට ඇලුම් කළ ඒකනායක, අවුරුදු 6 දී ඔහුගේ පළමු රග්බි තරගයට ක්‍රීඩා කළ අතර කුඩා කාලයේම රග්බි ක්‍රීඩාවට දැක්වු දක්ෂතාවය නිසා පාසල් කාලයෙන් කළින් අවසන් කළ ඒඩන්, ගෝර්ඩන් රග්බි – කෝල්ට්ස් වැඩසටහන හරහා සිඩ්නි ජූනියර් කණ්ඩායමට ඇතුළත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාසල් සහ 18න් පහළ ජාතික කණ්ඩායමට තෝරා ගන්නා ලදී.
ජාතික කණ්ඩායමට පිවිසීම.
ඔහු 2023 දී ඔස්ට්‍රේලියානු පාසල් සහ යටතේ-18 ජාතික කණ්ඩායම සඳහා තේරී පත්වූ අතර, 2024 දී දකුණු අප්‍රිකාවේ පැවැත්වූ ලෝක රග්බි යටතේ-20 ශූරතා තරඟාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නියෝජනය කළේය.
2024 දී ඔහු ඔස්ට්‍රේලියානු ජාතික රග්බි සෙවන්ස් කණ්ඩායමට පිවිසෙමින්, ඩුබායි සෙවන්ස් (Dubai Sevens) තරඟාවලියේදී තම ආරම්භක තරඟය ක්‍රීඩා කළේය. පසුව ඔහු කේප් ටවුන් (Cape Town) සහ පර්ත් (Perth) තරඟාවලීන්හිද ක්‍රීඩා කළ අතර පර්ත් සෙවන්ස් තරඟාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව අතිරේක කාලය තුළ ජයග්‍රාහී ලකුණක් ලබා දෙමින් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය ලබා දීමට සමත් විය.

පුද්ගලික ජීවිතය.
ඒඩන්ගේ පියා, කුමා ඒකනායක ශ්‍රී ලංකාවේ උපත ලබා පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචි වූවෙකි. ක්‍රිඩාවට ඉමහත් ඇල්මක් දක්වන ඒකනායක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒඩන්ගේ ක්‍රීඩා ජීවිතයට ඉමහත් සහයෝගයක් ලබා දෙයි. ඒඩන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාතික කණ්ඩායමට තරග කළ Dubai 7’s ආරම්භක තරඟය සඳහා ඩුබායි ක්‍රිඩා පිටියට පැමිනෙමින් සහයොගය ලබාදෙන්නට ඔහු ඉදිරිපත් විය.
සම්මාන සහ අනාගතය.
ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා කුසලතා හඳුනාගෙන, ලොක රග්බි සම්මාන සම්මාන උළෙලේ දී 2025 HSBC SVNS වසරේ නවක ක්‍රීඩකයා” (Rookie of the Year) සම්මානය සඳහා නම් කරනු ලැබීය. මෙම නම් කිරිමට ඔහු එන්ගලන්තය හා ප්‍රංශයට එරෙහිව වාර්තා කළ ලකුණු මෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් සුවිශේෂි ලකුණ ද හේතු විය.
ඒඩන්ගේ සාර්ථකත්වය මව්බිමෙන් ඈත රටවල ජිවත්වන ලාංකික උරුමය ඇති ක්‍රීඩකයන්ටත් අනාගතය පිළිබඳ උද්යොගයක් ඇති කරලීමට සමත් වෙයි. ලොව කුමන රටක සිටියත් කුමන අභියෝග පැමිණියත් බාධක බිද තම අරමුණ කරා යන්නට සියලු ලාංකිකයන්ටම හැකියාව තිබෙන බව ඔහුගේ ක්‍රීඩා ජිවිතය අපිට සාක්ෂි සපයයි.
දීප්තිමත් ක්‍රීඩා අනාගතයකට පෙර ලකුණු පෙන්වන මෙම සුවිශේෂි රග්බි ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවට පමණක් නොව සියලු ලාංකිකයන්ට ද අභිමානයක් රැගෙන එයි. ක්‍රීඩාවේ ජිව ගුණය හා එහි ආචාරධර්ම අනුව යමින් අනාගත රග්බි තාරකාවක් වන්නට වාසනාව හා අවස්ථාව ලැබේවායි අපි ඔහුට සුබ පතමු.
බුද්ධි මාතරආරච්චි – ඕක්ලන්ඩ්







