අප සැමට හුරුපුරුදු නවසීලාංකීය කරාතේ ඇකඩමියේ අධ්‍යක්ෂක හා ප්‍රධාන උපදේශක සෙන්සෙ ධම්මික ආරියරත්න ගුරුතුමා පසුගිය දිනෙක ලෝක කරාතේ සම්මේලනයේ විනිසුරු පරීක්ෂණ කොමිෂන් සභාවට ඔෂියානියා කලාපයේ නියෝජිතයා ලෙස පත්කෙරිණි.
එම පත්වීම සමඟම ඔහු, ඔෂියානියා කලාපයේ රටවල් 14 ක විනිසුරු කොමිෂන් සභාවේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කිරීමට ද පත්විය.
මෙම ලෝක කරාතේ සම්මේලනය මගින් පත් කරනු ලැබූ මෙම සුවිශේෂී හා වරප්‍රසාදිත තනතුර නවසීලන්ත ජාතිකයෙකුට මෙන්ම දකුණු ආසියාතිකයෙකුට හිමිවූ ඉහළම කරාතේ විනිසුරු තනතුර ලෙස සැලකේ.
කරාතේ විනිසුරුවෙකු ලෙස සෙන්සෙ ධම්මික මෙතෙක් ශ්‍රී ලාංකිකයෙකු දැක්වූ ඉහළම සුදුසුකම හිමි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙකු වේ. කරාතේ ක්‍රීඩකයෙකු, නිලධාරියෙකු සහ විනිසුරුවරයෙකු ලෙස ඔහු ශ්‍රී ලංකාව 1994 සිට 2008 දක්වා ජාත්‍යන්තරව නියෝජනය කර ඇත.
වර්ෂ 2009 සිට මේ වන විට, ලෝක කරාතේ ශූරතාවලි, ඔෂියානියා ශූරතාවලි, පැසිෆික් තරඟාවලි සහ පොදුරාජ්‍ය මණ්ඩල තරඟ 50කට අධික සංඛ්‍යාවක දී නවසීලන්තය නියෝජනය කරමින් කරාතේ විනිසුරුවකු ලෙස ඔහු කටයුතු කර තිබේ.

සෙන්සෙ ධම්මික විනිසුරුවකු ලෙස ආ ගමන් මග :
- 1988 – ශ්‍රී ලංකා කරාතේ විනිසුරු පත්වීම
- 1999–2005 – ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ විනිසුරු කවුන්සිල ලේකම්
- 2009 – නවසීලන්ත විනිසුරු පත්වීම
- 2010 – ඔෂියානියා විනිසුරු පත්වීම
- 2016 – වර්තමාන – නවසීලන්ත කරාතේ විනිසුරු කවුන්සිලයේ ලේකම්
- 2022 – පොදුරාජ්‍ය මණ්ඩල කරාතේ විනිසුරු කොමිසමේ සාමාජික
- 2023 – වර්තමාන – ඔෂියානියා විනිසුරු කොමිසමේ සාමාජික
- 2025 – ඔෂියානියා විනිසුරු කොමිසමේ ප්‍රධාන විනිසුරු ලෙස පත්වීම ලැබීම.
- 2025 – ලෝක කරාතේ විනිසුරු කොමිසමේ සාමාජික පත්වීම ලැබීම .
මෙම සුවිශේෂී වරප්‍රසාද සහ පත්වීම්, සෙන්සෙ ධම්මික ආරියරත්න ගුරුතුමා විසින් නවසීලන්තයට හා දකුණු ආසියාවට කරාතේ ක්‍රීඩාවේ නව ඉතිහාසයක පිටුවක් ලිවීමක් ලෙස සැලකිය හැකිය.
අපේ කලාපයෙන් මේ වරප්‍රසාදිත තනතුරට පත්වූ ප්‍රථම පුද්ගලයා ලෙස සෙන්සෙ ධම්මික ගුරුතුමා ඉතිහාසගත වේ.
-කරාතේ විනිසුරුවකුගේ ඉහළම සුදුසුකමට පත්වූ ඔබට, සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට – ශ්‍රී ලංකන්ස් අපගේ සුභාෂිංසන !-






