දැල්වූ පහන් දැල්වී තිබේවා,
සුන් වූ පැතුම් දලු ලා වැඩේවා,
ළං වූ ලවන් හමු වී තිබේවා,
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා.
පුරා දශක හතරකට වැඩි කාලයක් රසික සිත් සතන් සුමිහිරි සංගීතයෙන් මනමත් කළ ඔහු යන්නම ගිහින් මැකිලා. කලාකරුවාණෙනි. පොළොවේ බිම, අහසේ ඉම බෙදන ලෝදම් ගුණ ගීතයෙන් පසක් කළ ඔබ නුවණේ රඟ පසක් කළ හැටි අගනේය.
අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයයෙන් හා කුරුණෑගල මලියදේව විද්‍යාලයයෙන් සිප්සතර හදාරා ‘ගංගා සහ නිශ්ශංක’ රඟමඩල තුළ නිශ්ශංක ලෙස රඟ පාමින් විශිෂ්ට රංගධරයකු වූ ඔබ නො බැඳී පවතින නිර්මල ප්‍රාර්ථනාවන් සුළඟට මුසු කළ හැටි අගනේය. ගංගා තනිකර නිශ්ශංක අද යන්න ගිහින්. ගීත ස්වර තලාවේ සුසර කරන විට සිනා පිපෙනා සඳ පහන් රැයකට තරුවක් වූයේ නුඹමය. ළමා ලොවම එළිය කළ පොඩි උන්ගෙ ලෝකයට ටිකිරි සහ උන්ගී සමීප කළ ඔබේ ළයාන්විත කටහඬ සසර පුරා අප සැරිසරන තුරා මිහිදන් නොවී තිබෙනු ඇති!
ඉතින් මේ ආවර්ජනය ඔබ වෙනුවෙන් ම ය.
රවීන්ද්‍රනාත් ලක්ෂ්මන් ද අල්විස් විජේසේකර : 1948 මාර්තු 14 වන දින විජේසේකර පවුලට උරුමකම් කියන්නට වෝල්ටර් විජේසේකර මහතාගේ සහ කොළොන්නාවේ මීතොටමුල්ල ගර්ට්රූට් ඩේසි මහත්මියගේ දෙවැනි දරුවා වූ ඔහු සංගීත නිර්මාණ කරණයෙහි හිනිපෙත්තට පත් වූ චරිතයකි.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිරහංකාර මිනිසෙකුගේ භූමිකාව පසක් කළ මානව හිතවාදියෙකි, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකි, රංගවේදියෙකි, වෙළඳ දැන්වීම් හා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂක වරයෙකි. සංගීත ගුරුවරයෙකි.
මොහු තම පියාණන්ගේ මතකය රසික ලොවට මුදාහරින්නේ, ජෝන්ද සිලවාගේ රත්නාවලී නාටකයේ , ‘ඇයි තරහින් මාන්නකාරි,’ යන ජනප්‍රිය ගීතය ගායනා කරමින්ය. පියා මදු විත ගෙන සවස නිවසට එද්දී මව අමනාප බවක් පෙන්නුවාය. එවිට පියා පුරුද්දක් ලෙස මේ ගීතය ගායනා කර ඇත.
‘ඇයි තරහෙන් මාන්නකාරී
පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා -ඇයි තරහෙන්
ඉවසිලිවන්තී කෝප නොවෙවී
ශාන්ත දාන්ත වේ
කෝපය නෑ නෙත බැලුවම තී ගේ…’
‘පොඩි සී ඩී’ නමින් අන්වර්ථ නාමයකින්ජනප්‍රියත්වයට පත් මොහුගේ සුන්දරම නවාතැන්පළ ලෙස එදා පැවති ‘සති අන්තයේ සමිතිය’ හැදින්විය හැකි අතර, එහිදී ඔහුට සී. ටී. ප්‍රනාන්දු මහතාණන්ගේ ගීතයන් මිමිණෙන වාර අනන්තය අප්‍රමාණය.
එමෙන්ම, කාන්තා හඬකින් ගී ගැයූ පළමු සහ එකම සහෝදරයා ලෙස නම් දැරීමට මොහු සමත් විය. වෝල්ටර් විජේසේකර : ආදරණීය පියාණන්ගේ නිර්මාණ හැකියාව ඉහළ මට්ටමක පැවතුන ඔහු ඉන්දියාවේ තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය හැදෑරූ බව කියවෙන අතර ඔහුගේ ලොකු තාත්තා ශ්‍රී ලංකාවේ සංස්කෘත භාෂා විශාරදයකු වීමද විශේෂත්වයකි. නිර්මාණාත්මක කලා පවුලකට උරුමකම් කී විජේසේකරයන් ගේ මව අති දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ඇයගේ නිර්මාණාත්මක හැකියාව ලක්ෂ්මන් විජේසේකරයන්ගේ කාමරයට පිවිසෙන ඕනෑම කෙනෙකුට සාක්ෂි සපයන්නේ, ඔහුගේ කාමරය පිරී තිබූ ඇගේ නිර්මාණ රාශියයි.
1968 දී රජයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන මොහුගේ සමකාලීනයන් ලෙස රෝහණ වීරසිංහ, මාලනී බුලත්සිංහල, බන්දුල විජේවීර හා ආනන්ද වීරසිංහ හැඳින්විය හැකිය. තම සංගීත ඥානය පුළුල් ලෙස විදහා පාමින් අනුරාධපුර තම්මැන්නාවේ වේළුසුමන විද්‍යාලයෙන් ගුරු ජීවිතය අරඹන මොහු විජයපුර ආදර්ශ විද්‍යාලයය, ඩී එස් සේනානායක විද්‍යාලයය ආදී පාසල්වල සංගීත උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
කුමරදාස සපුතන්ත්‍රී ලියූ;
‘දෑත දෙපාලන ගිගිරි සරින්,
පෙර සුසුම් නොහෙලන්…’
ලක්ෂ්මන් ගයන තවත් ලස්සණ ගීතයකි.
ජනප්‍රිය සංගීතයෙන් ප්‍රසිද්ධියට පත් වූ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නොසෙල්වන චරිතයකි. නාට්‍ය හා රංග කලාව තුළ මෙන්ම තම ජීවිත යථාර්ථය තුළ ද මෙලෙස තමාට සාධාරණයක් ඉෂ්ඨ කළ මොහු ‘රේඛා’ ටෙලි නාට්‍යයට සංගීත අධ්‍යක්ෂණයෙන් ද සහය විය. ලක්ෂ්මන් චන්ද්‍රලේඛා පෙරේරා දෙපළ සම්මාන පිදුම් ලබන්නට තරම් ජනප්‍රිය වුනු ‘රේඛා’ ටෙලි නාට්‍යය, ප්‍රාර්ථනාවන් අරුණ අහසේ දිස්වනවා සේ අදටත් අප කා අතරත් අමරණීයය.
බක්මහට පායන සඳ සේ ‘බක්මහ අකුණු’ තුළින් හඳුනාගත් ලක්ෂ්මන්- චන්ද්‍රා යුවල අතිනත ගත්තේ 1975 වසරේදීය. එදා පටන් තම පවුලට ආදරණීය සැමියෙකු ආදරණීය පියෙකු වු සොඳුරු සංගීත මානවහිතවාදියා මනුසත් බව කරපින්නා ගෙන වසරහැත්තෑ තුනක් සපිරෙන තෙක් ශ්‍රී ලාංකීය රසිකයා පින වූ බව නොරහසකි.
‘සඳ කිනිති’ නැමෙන ලතාවට ප්‍රේම සීමා මාලකයේ පෙම් හැඟුම් රසවත් කරන මෙන්
ඔබ අප පුරා වසර හැත්තෑ තුනක් වැළඳගෙන අවසන්ය. ඉතින් ඉඳහිට පැමිණ සිත් සතන් සැනසූ, මිනිසුන් ඇතිවන හේතුව නොකියාම නික්මුණු ඔබ, විටෙක අපට තුරුණු දරුවෙකි ඔබේ ඔය ප්‍රණීත වත් කටහඬ සුළඟට මුසු භාවනාවකි.
**********
අප සිත හඬයි,
නමුදු අද,
සිත හඬන හඬ ඔබට නොඇසේ,
ලක්ෂ්මන් විජේසේකර
කලාකරුවාණනී හිතවත්,
නිවන දුර නොවේවා,
ඔබට තවදුරටත්.
**********