fbpx
13.7 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

රට ගොඩගන්න හැටි නව මහබැංකු අධිපති කියයි.

Must read

“අපි දැන් ඉන්නේ පල්ලමකට යන වාහනයක. නමුත් මේක නවත්වා ගන්න පුලුවන්” නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා පැවැති ආර්ථික අර්බුදය හා හදිසි අවස්ථාව විශේෂ සාකච්ඡාව අමතමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට දේශපාලන සහ සමාජ ස්ථාවර භාවය වැදගත් බවත් මේ මොහොතේ එම ස්ථාවර භාවය නැති බවත් සඳහන් කළ නන්දලාල් මහතා එම ප්‍රශ්න විසඳීම දේශපාලන අධිකාරිය විසින් කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය. මෙම තත්ත්වය යථා තත්ත්වයට ගන්නට කාලයක් ගත විය හැකි බවත් ජනතාවට ටික කලක් එම පීඩා විඳ දරා ගැනීමට සිදුවන බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.

ආර්ථික අර්බුදය හා හදිසි අවස්ථාව සම්පුර්ණ වැඩසටහන නරඹන්න.

මහ බැංකුව විසින් රටේ ණය පොලී අනුපාතිකය පදනම් අංක(Basis points) 700 කින් ඉහළ දැමීමට පසුගියදා ක්‍රියාකළ අතර ඒ අනුව පොලී අනුපාතය සියයට 13.5 – 14.5 දක්වා ඉහළ යන බව දැනුම් දී ඇත.

මීට ඉහත දී මෙලෙස පොලී අනුපාත ඉහළ දැමිය යුතු බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී තිබුණ ද මහ බැංකුව මෙතෙක් ඒ සඳහා පියවර නොගත්  බවයි සඳහන් වෙන්නේ. පොලි අනුපාත ඉහළ නොදැමීම රුපියල වේගයෙන් අවප්‍රමාණ වීමට හේතු වූ බවත් දැන් පොලී අනුපාත ඉහළ දැමීම නිසා ඩොලරයේ මිල තවත් ඉහළ යාම පාලනය විය හැකි බවත් ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වේ.

https://upload.wikimedia.org/wikipedia/commons/b/b9/Headquarters_of_the_International_Monetary_Fund_%28Washington%2C_DC%29.jpg

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF – International Monetary Fund) සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස  මේ වන විට නම් කර ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්රි, නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මෙම දූත පිරිසට අයත් වේ. ඒ අනුව අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ලබන 18 වනදා සිට දින පහක කාලයක් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

IM‍‍‍F විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර මීට පෙර පිටු 94කින් යුක්ත වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා රජය විසින් IM‍‍‍F සහාය ලබාගැනීමට තීරණය කිරීමත් සමඟයි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.