fbpx
15.5 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පහන්සිළ නුඹ මගේ, නවකතාව ගැන…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මේ වනවිට ශ්‍රී ලංකාවේ පළව ඇති මෙම නවකතාවේ කතුවරිය, චේතනා වික්‍රමසිංහ, ‘ශ්‍රී ලංකන්ස්’ වෙත දැක්වූ අදහස් කිහිපයකි. ‘අපට ලැබුණු පොතක්’ තීරුව යටතේ  මෙම පොත ගැන කෙටි විමසුක් ‘ශ්‍රී ලන්කන්ස්’ ඉදිරි කලාපයක පළ වනු ඇත.

ආදරය… ඊට හැමවිටම එක අර්ථ දැක්වීමක් දීම අසීරුයි. ඒත් දහස් ගණනක් දෙනා එකම ආදර කතාවකට එකම විදියේ නිර්වචනයක් දුන්නොත්..? “ඒ ආදරේ භාවනාවක් වගේ…” සුන්දර අහඹුවක් ලෙස වසර කිහිපයකට පෙර සයිබර් අවකාශයට පිවිසි මගේ කුළුඳුල් නවකතාව ‘පහන්සිළ නුඹ මගේ’ කියවූ පාඨකයින්ගෙන් දිනපතා නොවැරදීම ඇසුණු වචන. එකම දේ දහස් ගණනකගේ වචනවලින් දැනෙද්දි, කුළුඳුල් ලේඛිකාවක් විදිහට මට දැනුනු පුදුමය මුසු සතුට අප්‍රමාණයි.

යන්තම් අකුරු අමුණන වියේ පටන් ගෙතූ කවි කතා බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වුවත්, දහස් ගණන් පාඨකයින් වෙනුවෙන් ලියන ලේඛිකාවක් වීමට වරම් ලැබීම සැබවින්ම අහඹුවක්. කොළඹ සරසවියේ කථිකාචාර්යවරියක ලෙස වෘත්තීය ගමන් මගට අවතීර්ණ වූ පසු අධ්‍යාපන කළමනාකරණය පිලිබඳ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා නවසීලන්තයේ වෙලින්ටන්හි වික්ටෝරියා සරසවියට මම පැමිනුණේ 2019 වසරේදී. මව් බිමෙන් සැතපුම් ගණනාවක් දුර ඇවිත් සැමියා එන තුරු දින ගනිමින් ගෙවුණු මාස කිහිපයක පාළුව කාන්සිය මකාගන්නට කාලයක් තිස්සේ හිතේ පැලපදියම් වෙලා උන් චරිත කිහිපයකට වචනවලින් පණ දෙන්න ගත්තු උත්සාහයක ප්‍රතිඵල ලෙසයි ‘පහන්සිළ නුඹ මගේ’ නවකතාව ලියැවුණේ. සුපුරුදු පරිදි පරිඝනක ලිපි ගොනුවක සැඟවිලා දිගු කලක් ගත කරපු මේ කතාව සුවිශේෂී පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මගපෙන්වීම මත මුහුණු පොතේ පල වීමෙන් පසු හෙමි හෙමින් ඒ වටා එකතුවූ පාඨක පිරිස දිනෙන් දින වැඩි වුනේ නොසිතූ අයුරින්. ඉතින් දහස් ගණනකගේ ආදරය ලැබූ මේ කතාව මුද්‍රිත ප්‍රකාශනයක් ලෙස එළි දක්වන්නට ජොඈන් ප්‍රකාශන ආයතනය අධිපති ජයමාලි ජයරත්න සොයුරිය ලබා දුන් අවස්ථාව මම පිළිගත්තේ ඉතාම ගෞරවයෙන්.

අවසානයට මේ ගමනට සහය දුන් සියලු දෙනාටම ස්තුති කරන අතරේ පාසල් අධ්‍යාපනය සහ ප්‍රථම උපාධියෙන් පසු සරසවි ඉගැන්වීම්, පර්යේෂණ සහ පශ්චාත් උපාධි කටයුතු හේතුවෙන් බොහෝ මන්දගාමී වී තිබූ මගේ නිර්මාණ ජීවිතයට වෙලින්ටන්හි ඇරඹුණු නව කාල පරිච්චේදයේ ලැබුණු උද්යෝගීමත් පුනරාරම්භය සිහි කළ යුතුමයි. ඉතාම සාමකාමී සොඳුරු පරිසරය මෙන්ම මට මුණගැසුණු ළබැඳි මිතුරු මිතුරියන්ගේ ඇසුර මා තුළ හුන් ලේඛිකාව අවදි කරවන්නට විශාල පිටුවහලක් වුණා.

එසේනම් හමුවෙමු, යුනිකේත අතර සැඟවී ගිලිහෙන්නට තිබූ අහඹු හීනයක සොඳුරු කල එලි දැක්ම ‘පහන්සිළ නුඹ මගේ’ සමගින්.

චේතනා වික්‍රමසිංහ-වෙලින්ටන් 

මෙම නව කතාව ගැන විමසුමක් ශ්‍රී ලන්කන්ස් මතු කලාපයක පළ වනු ඇත. –
ශ්‍රී ලන්කන්ස්)

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.