fbpx
9.9 C
New Zealand
Saturday, March 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාවේ නවතම තත්ත්වය…

Must read

මහින්ද රාජපක්ෂ පසුගිය මැයි නම වන දින සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මැයි මස 12 වන දින දිවුරුම් දුන්නේය. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ පාර්ලිමේන්තුව තුළ එක් අසුනක් පමණක් හිමි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහට  මෙම තනතුර ලැබීම ය. ඔහු මීට පෙර පස්වතාවක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කර ඇත. ඔහුගේ පත්කිරීම පිළිබඳ අරගලකරුවන් සිය විරෝධය මේ වන විට පළ කරමින් සිටී.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ද සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සිදු වූයේ ජනතා අරගලයෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා ය. ජනතාව නිරන්තරයෙන් ප්‍රකාශ කරමින් සිටියේ රාජපක්ෂලා පාලනයෙන් ඉවත් විය යුතු බවත් පවතින දේශපාලන ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් ය. දූෂිත දේශපාලකයින් ගේ අමනෝඥ ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකාවේ ජනතාව පීඩාවට පත්වෙමින් සිටියෝය. එහි උච්චතම අවස්ථාව වූයේ පසුගිය මාස කිහිපයේ දි රට තුළ ඇති වූ ඉන්ධන හිඟය  සහ විදුලි කප්පාදුවයි.  මේ නිසා පුරවැසියෝ   ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයට සිය අප්‍රසාදය පළ කරමින් සිටියෝය. එහි දිගුවක් ලෙස අප්‍රේල් 9 වන දින සිට නොනිදන ජනතා අරගලයක් ගාලු මුවදොර දී ආරම්භ කරන ලදී. පෙර පැවති ජනතා නැගිටීම් තුළ දක්නට ලැබුණු   ප්‍රචණ්ඩකාරී ස්වභාවය මේ අරගලය තුළ දක්නට නොලැබීම විශේෂත්වයකි. ඔවුන්ගේ විරෝධය විවිධ ප්‍රකාශනයන් ඔස්සේ පළ කරමින් සිටිහය. නාට්‍ය,ගීත,චිත්‍ර, සාකච්ඡා වැනි විවිධ හැඩයන්   මෙම අරගල භූමියේ  දි දක්නට ලැබුණි.

නිර්පාක්ෂික සහ නිරායුධ ගාලුමුවදොර අරගල භූමියට  මාසයක් සපිරෙන මැයි මස නව වන දිනය ඉතාමත් ඛේදනීය දිනයකි. සාමකාමීව ජනතාවගේ දුක්ගැනවිලි පවතින රජයට කියමින් සිටි අරගලකරුවන්ට ඉතාම නින්දිත ආකාරයෙන් පහර දීමක් මෙදින සිදු කෙරුණි. අරගලකරුවන් තනි නොකළ කොළඹ අවට වැඩ කරන ජනතාව මිනිස් පවුරක් සදමින් ඔවුන් රැක්කේය.

කෙසේ වෙතත් මෙම පහරදීමත් සමග රට පුරා ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවිය. මැති ඇමතින් ගේ නිවෙස්වලට පෞද්ගලික දේපලවලට සහ ඔවුන්ගේ පක්ෂ කාර්යාලවලට ජනතාව විසින් පහරදීම් සිදු කරන ලදී. මෙම ගැටුම් නිසා මිනිස් ජීවිත අහිමි වීම් සහ   දෙසීයකට ආසන්න  පිරිසක් රෝහල්ගත කිරීමට ද සිදු විය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවා ඇත.

සෑම අඳුරු වළාවක් තුළම රිදී රේඛාවක් ඇතැයි යන කියමනක් ඇත. ශ්‍රි ලංකාව තුළ මතු වී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය සමනයට පත් වී ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් ගොඩනැගේ වී යැයි අපි සැමගේත් බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව වන්නෙමු.

නිවෙමු !! නිවමු !!ආදරය වපුරමු !!

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.