fbpx
15.1 C
New Zealand
Wednesday, November 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

මහා සයුරේ බිහිසුණු චාරිකා: දෙවන චාරිකාව – ගෙම්බකුඩෝමෝ | ජයසිරි ප්‍රනාන්දු | ශ්‍රි ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වසර තිස් හතරක් පුරා නාවිකයෙකු ලෙසින් ලද අත්දැකීම් එකතු කර ජයසිරි ප්‍රනාන්දු මහතා ලියූ ‘මහා සයුරේ බිහිසුණු චාරිකා’ පොතේ එන කතාංගයකි . මෙම කතාංග ශ්‍රී ලංකාවේ අරුණ පුවත්පතේ ද පළවී ඇත.

එක පාරක් අපේ නැව ජර්මනියේ හැම්බර්ග් වරායෙන් බෙන්ස් කාර් පටවාගෙන ජපානයට එනකොට නැවට ලැබුණු RADIO MESSAGE එකකින් නැවේ සියලු දෙනා සතුටට පත්වුහ. ඒ පණිවිඩය වුයේ මේ පාර නැව වාර්ෂිකව කරන අලුත්වැඩියාව සඳහා YOKOHAMA වියළි තටාකයට යන බවයි. එම නිසා වැඩිපුර දින කිහිපයක්ම නැව ජපානයේ නතර කර තබන බවය. එබැවින් ජපානයේ ගොඩබිම ඇවිද යාමට පුළුවන් වනු ඇත.

මම ලංකාවේ තව කිහිප දෙනෙකුත් අප මිත්‍ර ඉන්දියන් ජාතිකයන් කිහිප දෙනෙකුත් කතා වී තිබුණේ හිරෝෂිමාහි පරමාණු බෝම්බ වැටුන ස්ථානය නැරඹීමට යාමටය. නැව ජපානයේ වකයමා වරායට පැමිණියේය. ඒ 1999 මැයි මාසයේ 10 වැනිදාය. හෙට අපි කට්ටියටම නිවාඩුවක් ලැබෙන බැවින් හිරෝෂිමා යාමට තීරණය විය. මැයි 11 වැනිදා උදෙන්ම මා සමග තව 7 දෙනෙක් නැවෙන් එළියට බැස්සෝය. ඔවුන් අතර ශ්‍රි ලංකා සහ ඉන්දියන් ජාතිකයන් විය.

නැවෙන් එළියට ආවත් හිරෝෂිමා පරමාණු බෝම්බ වැටුණ ස්ථානයට යාමට කිසි කෙනෙක් දැනගෙන සිටියේ නැත. අපි ඉදිරියට හමුවුණ ජපන් ජාතිකයන්ගෙන් ඒ ගැන විමසුවත් ඔවුන් කිසිවෙක් ඒ ගැන දැනගෙන සිටියෙත් නැත. සමහරු අන්දමන්ද වුහ. ජපන් ජාතිකයන් ඉංග්‍රීසි  භාෂාව භාවිත කළේම නැත.

එහොම අපි 8 දෙනා පාර දිගේ ඇවිදගෙන යන විට ගැහැනු ළමයින්ගේ ඉස්කෝලයක් ඇති ඔවුන් ගේට්ටුවෙන් එන අයුරු දුටුවෙමු. අපි ඒ ළමයි ළඟට ගියවිට ඔවුන් අප වටකර ගත්හ. ඔවුන්ගෙන් යම්කිසි උදව්වක් අවශ්‍ය දැයි ඉතාමත් ව්‍යක්ත ඉංග්‍රිසි භාෂාවෙන් ඔවුන් අපෙන් විමසූහ. ඔවුන් ඉතාමත් හොඳින් ඉංග්‍රිසි භාෂාව කතා කරති. ජපානයේ අලුත් පරම්පරාව ඉංග්‍රිසි භාෂාව උගනිති.

අපි ශ්‍රි ලාංකික හා ඉන්දියන් ජාතිකයන් බවත් අපි වැඩ කරන නැව ජපානයේ වකයමා වරායට පැමිණ ඇති බවත් අපිට අවශ්‍ය වන්නේ හිරෝෂිමාහි පරමාණු බෝම්බය වැටුන ස්ථානය බැලීමට යාමට බවත් කී විට ඔවුන් කීවේ ඒ සඳහා අපිට උදව් කළ හැකි බවත් විනාඩි 5ක් ඔවුන්ට කල් දෙන ලෙසය. ඒ විනාඩි 5 අතරතුරදී ඔවුන් කළේ සියලු දෙනා වටවී ඔවුන්ගේ භාෂාවෙන් මේ ගැන සාකච්ඡා කිරීමය. හිරෝෂිමා පැත්තට යන කුඩා දරුවන් පස් දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් විය. ඔවුන් අපිට සදහන් කළේ මේ යාළුවන් පස්දෙනා අපිව නිසි තැනට අරගෙන යන බවය.

අපිට ඔවුන් පසුපස එන ලෙස කියා ඔවුන් අපිව රැගෙන ගියේ දුම්රිය පොළකටය. අපි සියලු දෙනාට හිරෝෂිමා දක්වා ටිකට් අරගෙන දුන්නේය. තව විනාඩි 5කින් දුම්රිය එන බව කීවේය. දුම්රිය ආ පසු එකා පසුපස එකා දුම්රියට නැගගත්තහ. එය විදුලි දුම්රියකි. දොරවල් ස්වයංක්‍රියව ඇරෙයි වැසෙයි. අප ළඟින්ම අසුන්ගත් ඔවුන් ලංකාවේ සහ ඉන්දියාවේ විස්තර විමසූහ.

අප උදයේ සිටම හිරෝෂිමා ගමන ගැන ජපන් ජාතිකයන්ගෙන් විමසූ නමුත් ඔවුන් කිසි කෙනෙක් ඒ ගැන නොදැන සිටි බව කීවෙමු. එවිට ඒ දරුවන් අපිට කීවේ එම ස්ථානයට ජපන් භාෂාවෙන් කියන නම අප නොදැන සිටීම නිසා එම රස්තියාදුව වූ බවය. එය ප්‍රසිද්ධ ස්ථානයක් බවත්, එතැනට කියන්නේ ‘ගෙම්බකුඩෝමෝ’ (GENBAKUDOME) බවත් අපිට පැහැදිලි කර දුන්හ.

මේ කුඩා දරුවන් ඉතා සුහදශීලිය. ඔවුන්ගේ ඉස්කෝලයේ සියලු විස්තර අපට කීහ. දුරකතනයෙන් ඔවුන්ගේ දෙමාපියන් අමතා අද ඔවුන්ට ලංකාවේ සහ ඉන්දියාවේ අය කිහිප දෙනෙක් හමු වූ බවත් ඔවුන් අප රටට පැමිණ ඇත්තේ නැවකින් බවත් ඔවුන් ජපන් භාෂාව නොදන්නා නිසා ඔවුන්ට ගෙම්බකුඩෝමෝ ස්ථානය පෙන්වා ඊට පසු ගෙදර එන බවත් කියා සිය දෙමාපියන්ගෙන් අවසර ගත් බවත් අපිට කීහ.

ඔවුන්ගේ අත්දැකීම කෙසේ වේවිද? ඊළඟ කලාපයෙන්

ජයසිරි ප්‍රනාන්දු – ශ්‍රි ලංකාව

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.