fbpx
10.2 C
New Zealand
Tuesday, March 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලාංකික ජීවිත කෝවිඩ් රකුසාගෙන් බේරා ගනිමු

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පසුගිය මැයි 23 වෙනිදා වල්ගම ශ්‍රී මුනින්දවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 වසංගත තත්වයෙන් පීඩා විඳින අපේම සහෝදර ජනතාවට පිහිට වීමට ආරාධනා කරන ලෙස ඉල්ලමින් අප විසින් ඔබ වෙත කරණ ලද කාරුණික දැනුම්දීමට ඔබගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතා ඉහලින් අපි අගය කරමු.ඒ අනුව මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය වී ඇති වෛද්‍ය උපකරණ මිළදී ගැනීම සඳහා ආධාර එකතු කිරීම සඳහා වැඩ පිළිවෙලක් අප විසින් ආරම්භ කරන ලදී.මෙහිදී මෙම ආධාර රැස් කිරීම වැඩි දෙනෙකු අතරට ගෙන යෑමේ අදහසින්, “Give a Little” නමැති වෙබ් අඩවිය හරහා ආධාර රැස් කරන්නට අපි තීරණය කළෙමු.ඒ අනුව මෙම පුණ්‍යක්‍රියාවට සම්බන්ධ වීමට කැමැති ඔබගේ ආධාර පහත දිගුව ඔස්සේ සම්බන්ධ වී ලබා දිය හැකි බව කාරුණිකව ඔබට දැනුම් දෙන අතර, මෙම පරිත්‍යාග සඳහා ලදු පත් නිකුත් කිරීම එම වෙබ් අඩ්විය විසින්ම සිදු කරන බවද දැනුම් දෙනු කැමැත්තෙමු.https://givealittle.co.nz/…/save-lives-of-sri-lanka…මෙහිදී රැස්වෙන සියළුම ආධාර මුදල් වලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ මිළදී ගැනීම සහ ශ්‍රී ලංකාවේ රෝහල් වලට එම උපකරණ ලැබෙන්නට සැළැස්වීම නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරකාරත්වය විසින් සිදු කෙරේ.මේ අසීරු අවස්ථාවේ අපි සැවොම එකට එකතු වී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගන්නට කටයුතු කරමු.

නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරකාරත්වය.
ශ්‍රී ලංකාරාමය

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.