fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

විභාවි : ක්වොන්ටම් ආත්ම

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘අපි බොහෝ දෙනා ආත්මය විශ්වාස කරනවා. මරණින් පස්සෙ අපෙන් ඉවත්ව යන මෙම ආත්මය අපේ මිනිය අවට සැරිසරනවා. ඒ ආත්මයට සියලුම දේ දකින්න පුළුවන්.’ ඇල්බට් කීවේය.

‘ඉතිං ඊට පස්සෙ?’ රංඑතනා ඇසුවාය.

‘දින 07 කට පසුව ඊළඟ භවය සඳහා ගමන් කරනවා… තමන්ගේ එක් රැස් කළ පව් පින් සිතිවිලි ඊළඟ ආත්මයට හේතුවුවද ඉපදීමෙන් පසුව ඒවා මතකයට එන්න ලේසි නෑ.’ ඇල්බට් පිළිතුරු ලෙස පැහැදිලි කළේය.

‘ඒත් පෙර ආත්මය ගැන කතා කරන දරුවෝ ඔය හැම තැනම ඉන්නෙ?’ ගුණපාලද කතාව මැදට පැන්නේය.

‘ඔව් ඔව් ඒ වගේ සමහර විශ්ම ජනක කතා වලින් තමයි පුනරුප්පත්තිය මිනිසුන් අතර වැඩි වැඩියෙන් සනාථ වෙන්නෙ.’ ඇල්බට් එයට එකඟ වීය.

‘මරණයත් සමඟ මිනිසාගේ ශරීරය හා ආත්මය එකට සම්බන්ධ කරන තාරකා ලණුව කැඩිලා… ආත්මය ශරීරයෙන් නිදහස් වී පිටතට ගමන් කරනවා කියල සදාසිවම් එක දවසක් කිව්වා.’ හින්දු භක්තිකයෙක් වන සදාසිවම් දේශනයකදී කළ කතාව ගුණපාල මතක් කළේය.

‘බුදු දහම අනුව නං අපි විශ්වාස කරන්නේ තම තමන් කර ගන්නා කර්මබීජ වල ප්‍රතිඵලයක් ලෙස ඊළඟ ආත්මය පිළිසිඳ ගන්නවා කියලා… ඒක එක පහනක දැල්ලකින් ඊළඟ පහන දැල්වූවා වගේ.’ ඇල්බට් තම අදහස එක් කළේය.

‘ඒ වුණාට ආත්මය අපේ තියෙන තැන නිශ්චිතව කියන්න දන්නෙ නෑ. හදවත හෝ මොළය තුළ ආත්මය තියෙන්න පුළුවනි. ඒත් ඔප්පු කරලා නෑ… ඒත්…’ ගුණපාල මඳකට කල්පනා කරමින් මිමිණුවේය.

‘ඉතිරි ටිකත් කියපංකෝ.’ ඇල්බට්ට කිව්වේය.

‘අලුත් මත අනුව නං අපේ ශරීරය පුරාම විහිදීලා තියෙන ශෛලවල ක්වොන්ටම් අංශු ලෙස මෙම ආත්මය විහිදීලා තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා.’ ඇල්බට් තමන් දැනගත් අලුත්ම තොරතුර මිතුරන්ට ඉදිරිපත් කළේය.

‘මොකක් ක්වොන්ටම්?’ ගුණපාල නළල රැළි ගස්වමින් මිමිණුවේය.

‘ක්වොන්ටම් අංශු යනු පදාර්ථයක් මෙන්ම කිරණයක් බවට පත් විය හැකි අවස්ථාවක්… එනිසා මිනිසෙකු මැරෙනවිට බිලියන ලක්ෂ තුනක් තරම්වූ ශෛල කන්දරාවක් පුරා විහිදී තිබූ ආත්ම ක්වොන්ටම් අංශු විකිරණ ලෙසින් ශරීරයෙන් පිටවෙනවා වෙන්න පුළුවන්. ‘ කියූ ඇල්බට් ඔලුව සොලවා කට කොනකට සිනාවක් ආරූඪ කර ගත්තේය.

‘ඉතිං ඉතිං මරු කතාව කියන්නකෝ… ඊට පස්සෙ?’ ගුණපාල නොවසිල්ලෙන් කීවේ ඇල්බට්ගේ මුහුණ බලමින්ය.

‘ඕ එහෙනං අහගනිං… ඉතිහාසයේ අවුරුදු 100 කටත් ඉස්සර විද්‍යාඥයින් සිදු කරන ලද පර්යේෂණයකින් මිනිහෙක් මැරෙන මොහොතේ ග්‍රෑම් 21 පමණ බර අඩුවන බව සොයා ගත්තා… හැබැයි එය ආත්මයක බර විය හැකියි කීමට තව තවත් ගවේශණය කරන්න ඕන.’ ඇල්බට්ගේ පිළිතුරින් ගුණපාල සෑහීමකට පත් වූයේ නැත.

‘ඉතිං ආත්මය සදාකාලික නම් පිං පව් කටයුතු නිසා ආත්මය වෙනස් වෙන්න බැහැනෙව? එමෙන්ම ආත්මය හා ශරීරය එකක් නම් ශරීරය මිය යන විට ආත්මයද මිය යන්න එපායැ?එහෙම උනාම නැවත ඉපදෙන්නත් බැහැ.’ ගුණපාල කියන දෙය පැහැදිලි මදි බව ඇල්බට්ගේ මුහුණෙන් දිස්විය.

‘හ්ම් හ්ම් ඒකත් එහෙමෙයි?’ ‘උත්තර දිය නොහැකි ප්‍රශ්න දාහතරක් බුදුන් වදාළා…’ ගුණපාල කතාව අවසන් කිරීමට පිළිතුරක් දුන්නේය. ‘ඉතිං ගුණපාල උඹ දන්න විධියට කියපංකො. ඉතුරු ටික.’ ඇල්බට් ඇසීය.

‘බුදු දහමේ අනුව ලෝකයේ පැවැත්ම අස්ථිරයි. ලෝකය රඳා පවතින්නේ මෝහය තෘෂ්ණාව සහ ආශාව මත…මේවා ඇති කල්හි ලෝකය පවතීවි. ඒවා නැති වූදාට ලෝකයේ පැවැත්මත් ඉවරයි. ඉතිං බුදු දහම හරියටම අවබෝධ වෙනවනං ලෝකයේ පැවැත්මක් තියෙන්නත් බැහැනේ? එම ප්‍රශ්නය බුදුන් වහන්සේත් ප්‍රතික්ෂේප කළා. ආත්මයත් ඒ වගේ තමා.’ ගුණපාලගේ බණ පදයට රංඑතනා සාදු කාරයක් දුන්නේ නොදැනුවත්වමය.

(සාකච්ඡාවක උධෘතයකි.) සංවාදයට විවෘතයි – විභවි.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.