fbpx
12.4 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජාත්‍යන්තර කාන්තා දිනය 2022

Must read

මෙවර  ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වී ඇත්තේ “තිරසාර රටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව” යන්නයි. එමෙන්ම ප්‍රචාරක තේමා පාඨය බවට පත්ව ඇත්තේ “පක්ෂග්‍රාහීත්වය බිඳ දමන්න”(BreakBias)

“තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව” යන තේමාව හරහා,

  • පක්ෂග්‍රාහී, ඒකාකෘති (එකම රාමුවක් තුළට සීමා කිරීම) සහ වෙනස්කම් කිරීම්වලින් තොර ලෝකයක්
  • විවිධාකාර, සමානාත්මතාවය ඇති ලෝකයක්
  • වෙනස අගය කරන හා සමරන ලොවක්

ගොඩනැගීමට අපේක්ෂා කරන්නේ ය.

අප සැමට එක්ව කාන්තා සමානාත්මතාවය ඇති කළ හැකිය. සාමූහිකව අපි හැමෝටම පක්ෂග්‍රාහීත්වය බිඳ දැමිය හැක.

කාන්තා ජයග්‍රහණ සමරන්න,පක්ෂග්‍රාහීත්වයට එරෙහිව දැනුවත් කිරීම් කරන්න, සමානාත්මතාවය සඳහා පියවර ගන්න අපට හැකියාවක් ඇත.

අප සිටින පරිසරයට අනුව එහි කොටසක් වීමට  අපට හැක,

  • මුළු දවසේම හා සෑම දිනක දීම අපගේම සිතුවිලි සහ ක්‍රියාවන් සඳහා තනි තනිව හා අප සියල්ලෝම වගකිව යුතුය.
  • අපගේ ප්‍රජාව තුළ ඇති පක්ෂග්‍රාහීත්වය නැති කිරිමට පුළුවන්.
  • අපගේ සේවා ස්ථානවල ඇති පක්ෂග්‍රාහීත්වය බිඳ දැමිය හැකිය.
  • අපේ පාසල්වල, විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල තියෙන පක්ෂග්‍රාහීත්වය නැති කරන්න පුළුවන්.

ජාත්‍යන්තර කාන්තා දිනයේ දී සහ ඉන් ඔබ්බට අපි සියලු දෙනාටම පක්ෂග්‍රාහීත්වය බිඳ දැමිම සදහා ක්‍රියාත්මක විය හැකිය.

පළමු ජාත්‍යන්තර කාන්තා දිනය යුරෝපයේ සමරනු ලැබුවේ 1911 මාර්තු 19 වැනිදාය. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සහ වෙනස් කොට සැලකීම අවසන් කිරීම සඳහා උද්ඝෝෂණ සඳහා මිලියනයකට වඩා පිරිසක් සහභාගී වූහ.

ජාත්‍යන්තර කාන්තා දිනය සංකේතවත් කරන වර්ණ යොදා ගැනීම ආරම්භ වූයේ 1908 දී  එක්සත් රාජධානියේ කාන්තා සමාජ හා දේශපාලන සංගමයෙනි.

දම්, කොළ සහ සුදු ජාත්‍යන්තර කාන්තා දිනයේ වර්ණ වේ. දම් පැහැයෙන් යුක්තිය සහ ගෞරවය සංකේතවත් කරන්නේ ය. කොළ පැහැයෙන් බලාපොරොත්තුව සංකේතවත් කරයි. මතභේදාත්මක සංකල්පයක් වුවද සුදු පැහැය සංශුද්ධතාවය නියෝජනය කරයි.

#BreakTheBias

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.