මංගලම් ජය මංගලම්- වැන්දේ පළමුව බුද්ධ රාජය…
නදී ප්‍රියදර්ශනී මහත්මිය ඕක්නලන්ඩ් හි මෙහෙයවන Dancing Angels නර්තන අධ්‍යන ආයතනයේ නර්තන ශිල්පය ප්‍රගුණ කළ දැරියෝ සය දෙනෙක් 2021.05.23 වැනි දින ඕක්නලන්ඩ්, ශ්‍රී ලංකාරාම පරිශ්‍ර භූමියේ දී මෙම අවස්ථාවට සහභාගී වූහ.
ආගම දහමට අනුව බුදුන් පුදා සියලු චාරිත්‍ර වාරිත්‍ර සමග කිරි ගසක්ද කපා, මල් බුලත් තට්ටුවේ ඇති කැඩපතෙන් මුහුණ බැලූ ඔවුහු, මුහුණු ආවරණය කෙරුණු සුදු රෙදිකඩ ගුරුවරිය විසින් ඉවත් කළ පසු දෙවියන් පුදා පැමිණ සිටි සියලු ජනයා ඉදිරියේ පායිම්පත් හිස පැළඳු නර්තන ශිල්පිනියන් ලෙස තම පළමු මංගලම් නර්තනය රඟ දැක්වූහ.
අනෙකුත් ඡායාරූප ඇතුළත් විස්තර අපගේ ඊළඟ කලාපයේ, වෙබ් අඩවියේ හා සමාජ මාධ්‍ය වල පළවනු ඇත.