මීට වසර පනහකට පෙර ලංකාවේ සර්වෝදය මෙහෙයවූ ජාතික මට්ටමේ වැඩ සටහන් අතර උතුරුමැද හා සබරගමුව පළාත්වල ඈත එපිට සැතපුම් ගණන් පා ගමණින් යායුතු ඉතා දුෂ්කර ගම් රැසක ආරම්භ කරන ලද ව්‍යාපෘති වල වගකීම තරුණ හිමිනමකට භාර වීය. තමන් වෙත පවරන ලද මෙම සාමාජ සේවා කටයුතු වලට තමන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ ලේඛණ කලාවෙන් උපයා කරගත් සුළු මුදල වියදම් කිරීමට සිදු වුවද තරුණ හිමියන් එය සතුටට පත්කර වීය. සර්වෝදය මගින් ගමන් පහසු කම් සපයා තිබුණ ද නවාතැන් පහසුකම් ගැමි නිවසකින් සලසා ගන්නට සිදුවීය.
ඉතාමත් දිළිඳු ජනතාවක් ජීවත් වූ එම ගම් යායට වාහන පහසුකම් නොවූ බැවින් සැතපුම් පහක් හයක් පමණ දුරක් පාගමනින් යාමට මෙම හිමියන් ට සිදු වූයේය. ගමේ ජීවත්වූ ජනතාව හේන් වලින් ලැබෙන අල බතල වැනි දෙයකින් ජීවත් වූ අතර කැළෑව ඔවුනට නිජ බිමවීය. දඩයම් කිරීමටත් කැළෑ ගෙඩි කොළ ගන්නා වෙද හෙද කම් වැනි සෑම කටයුත්තකටමත් කැළය ඔවුන්ට නැතුවම බැරි සම්පතක් වී තිබුණි. දරුවන් තරුණ හා වැඩිහිටි සැමගේ වැසිකිළි පහසුකම් වුයේද කැළයේ කුඩා ඇළ මාර්ගයක් අවට ගස් මුල් මතය. එබැවින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ පාරම්පරික ගති පැවතුම් සිරිත් විරිත් දියුණු සමාජයට යා වූයේ නැත.
මෙවැනි සමාජයක ප්‍රජා සංවර්ධන කටයුතු වෙනුවෙන් ජනතාවගේ සිතුම් පැතුම්වල වෙනසක් ඇති කිරීම ලෙහෙසි පහසු නැත. ජන්මෙට වඩා පුරුද්ද ලොකුය. මෙබැවින් මෙවන් හද්දා පිටිසර ගැමි ජීවිත වල සෞඛ්‍ය හා චාරිත්‍ර පිළිබඳව කරුණු කරණා පිළිබඳව දේශනා සාකච්ඡා සිය ගනනින් සිදු කිරීමට මෙම තරුණ හිමි නම ඇතුළු කණ්ඩායමට මාස කීපයක් මෙම ගම්වල සැරි සැරීමට සිදුවිය. ගම්වැසියන්ට මෙම ප්‍රජා සංවිධානය මගින් ලබාදෙන ප්‍රණීත ආහාර වර්ග බෙහෙත් හා එදිනෙදා අවශ්‍ය විදුලි පන්දම් කැති උදලු වැනි පරිත්‍යාගයන් නිසා එම ජනතාව ඔවුන්ගේ හිත මිතුරු බවට පත්වූහ. අවසානයේ අකමැත්තෙන් වුවද ඔවුනොවුන්ගේ නොදියුණු ගති සිරිත් විරිත් වෙනස් කිරීමට තරුණ හිමි නම දක්ෂ වූහ.
තරුණ සමාජ සේවාවලට ඇප කැපවූ මෙම හිමිනම තරුණ වියේදීම හතර කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට පත් වූහ. වර්තමානයේ නවසීලන්තයේ ප්‍රධන සංඝ නායක තනතුර හොබවන මේ හිමිපානන් අද ජ්‍යාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන්ද ඇප කැප වන්නේ එදාටත් වඩා මහත් සතුටකිනි.
අද අප කතා බහට ලක් කරන්නේ එකල තරුණ වියේ පසු වූ අද නවසීලන්ත ඕක්ලන්ඩ් ශ්‍රී ලංකාරාමාධිපති නවසීලන්ත ප්‍රධාන සංඝ නායක වල්ගම ශ්‍රී මුණින්ද්රවංශ මාහිමියන් ගැනය.
මාහිමියන්ගේ මග පෙන්වීම තුළින් අද වන විට ලංකාරාමය ගොඩ නැගීමට අවුරුදු 25 කාලයක් තුළ විහාරවාසී හිමිවරුන් මෙන්ම දායක සභාව විශාල කැපවීමක් කළ බව ප්‍රකට කරුණකි. එසේම දහස් ගණනින් ඇපකැපවු දායක දායිකාවන් නොවන්නට මෙවන් විහාරස්ථානයක් බිහිවීම සිහිනයක් වනු ඇත. මේ නිසාම මම උන්වහන්සේ බැහැ දුටුවෙමි. මා හිමියන් වහන්සේ මට වදාළ කෙටි පිළිතුර තුළ දිගු කතාවක් ඇතුළත් වීය.
‘මම මෙම ඉතිහාසය ගැන නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳිනවා. විහාරස්ථාන දායක සභාව සමග නවසීලන්ත දහස් ගණනක් ජනතා කැපවීම තමයි මට තිබුණු ශක්තිය. මට තිබුණු එකම හීනය අංග සම්පුර්ණ විහාරස්ථානයක්. තවත් මට හීන නෑ. තියෙන හීන ඉටු කරන්න ගෝල හාමුදුරුවරුන්ට භාරයි. දැන් මම සියල්ල අත්හැරිය හිමි නමක්,’ යැයි උන්වහන්සේ මෙවර ‘ස්වර්ණ පවුර’ පිටුවට වදාළෝ ය.
නවසීලන්ත ප්‍රධාන සංඝනායක වල්ගම ශ්‍රී මුණින්ද්රවංශ නායක හාමුදුරුවන්ගේ අනුශාසනා නවසීලන්ත Srilankanz පුවත් පතට හැමවිටම ලැබුණි. දිනක් පුවත් පත බලමින් සිටි වෙලාවක මම උන්වහන්සේ බැහැ දුටුවෙමි. ඒ වෙලාවේ ‘ඤාණය, ප්‍රඥාව ගැන ලියවෙන තීරුවක් පටන් ගන්න,’ යනුවෙන් උන්වහන්සේ අපට උපදෙසක් දුන්හ. පුවත් පතේ ‘වීභාවී ‘ පිටුව මීට වසරකට පෙර ආරම්භ වූයේ එසේය.
වල්ගම මුනින්ද්‍රවංශ මාහිමි ගැන විවිධ කතෘවරුන් හා පුවත් පත් ලේඛකයින් අතින් ලියවුණු පොත් පත් හා ලිපි ලේඛණ රැසකි. එමෙන්ම මාහිමියන් අතින්ද ලියැවූ දහම් පොත් පත් මෙන්ම දහම් කාව්‍ය නිබන්ධන ද රැසකි.
නවසීලන්තයේ, ඕක්ලන්ඩ්, ඔටාහුහු ශ්‍රී ලංකාරාමය ආරම්භ වූයේ 1999 වෙසක් මස 29 වෙනි දිනය. මුගුණවෙල අනුරුද්ද හිමියන් සමග ප්‍රථතම සභාපති දෙල්වල මහතා 146, Church st, Otahuhu යන ස්ථානයේ කුලියට ගත් නිවසක ස්වාමීන් වහන්සේලාට නේවාසික පහසුකම් ද සහිතව තාවකාලික විහාරස්ථානය ආරම්භ විය. අනුරුද්ධ හිමියන් දිගින් දිගටම මහන්සි වී උගත් ධර්මධර මුණින්ද්රවංශ හිමිපාණන් විහාරස්ථානය ආරම්භ කිරීමට පෙර ලංකාවේ සිට නවසීලන්තයට වැඩම කිරීමට කැමැති කරවා ගැනීමට දක්ෂ වූහ. ඒ අනුව විහාරස්ථාන දායකයින් ඉතා කඩිනම්න් මාහිමියන්ට නවසීලන්තයට පැමිණීමට අවශ්‍ය වීසා ලබා ගත්තද ලංකාවේ විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ නවසීලන්තයට වැඩම කළේ සති දෙකකට පසු 1999 ජුනි 13 දිනයේය.
ඊට පසු ඉතා කෙටි කලකින් විහාරස්ථානයේ සභාපති ධුරයට තිස්ස ප්‍රනාන්දු පත්වීමත් සමග ඔහුගේ ප්‍රධානත්වයෙන් වර්තමාන විහාරස්ථාන සඳහා මුල් ගොඩනැගිල්ල මිලදී ගැනීමට හැකිවීම විහාරස්ථාන ඉතිහාසයේ නව නැම්මක් විය. 2002 වසර වන විට නොසිතූ පරිදි අනුරුද්ධ හිමියන්ට නවසීලන්තයෙන් බැහැරවීමට සිදුවූ අතර විහාරස්ථානය පිළිබඳව වල්ගම මාහිමිපානන්ට විශාල වගකීම් රැසකට මුහුණ දීමට සිදුවිය.
2000 වසර කාලයේ ඕක්ලන්ඩ් ලාංකික ජනගහනය සැලකිය යුතු පිරිසක් නොසිටියහ. විහාරස්ථානය පවත්වාගෙන යාම වෙනුවෙන් එම ස්ථානයට පැමිණියේ අල්ප සංඛ්‍යාවකි. එහෙත් ඔවුන් කළ මහත් ඇප කැපවීම සිහිපත් කළ යුතුයි. විහාරස්ථාන දායක සභාව ක්‍රීඩාංගන පවිත්‍ර කටයුතු කිරීමෙන් ලැබෙන ආදායම පන්සලේ නඩත්තු කටයුතුවලට යෙදවීම වැනි කරුණු විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. නම් ගම් වශයෙන් කිවයුතු තරම් සියගණනින් දායක දායිකාවෝ නිලතල ඇතුව හෝ නැතුව සිය ශ්‍රමය, කාලය හා ධනය කැප කරමින් විහාරස්ථානයේ දියුණුවට වැඩ කළහ. වීඩියෝ පටි බදුදීම, ලංකාවේ පුවත්පත් අලෙවි කිරීම, තුනපහ වර්ග විකිණීම, ගාරාජ් සේල්, ස්ට්‍රෝබෙරි වැනි පළතුරු විකිණීමෙන්ලත් ආදායම් පවා පරිත්‍යාගය කරමින් ඔවුන් කළ කැපවීම අසීරුවෙන් ආරම්භ කළ මෙම විහාරස්ථානයට මහත් රුකුලක් විය.
අද නවසීලන්තයේ ලාංකික ජනතාව ආගම් භේදයකින් තොරව සහභාගි වෙමින් තමන්ගේ පොදු දේපලක් ලෙස ආගමික හා සමාජීය කටයුතු මෙම විහාරස්ථානයේ අඛණ්ඩව වසර පුරා පවත්වා ගෙන යාම දක්නට ලැබෙන කරුණකි. සිල් සමාදන් වීම, භාවනා කටයුකු කිරීම, දාන මාන බෝධිපූජා සෙත් පැතීම් පිරිත් බණ දේශනා මෙන්ම අවමංගල්‍ය කටයුතු ලාංකීය සංස්කෘතියට අනුව කරගැනීම හැකිවීම සෑම ලාංකිකයෙකුටම වැදගත් වේ. ඊට අමතරව ළමුන් දහ දොළොස් දෙනෙකුගෙන් ආරම්භ කළ මිහිඳු දහම් පාසැල අද ළමුන් 200 ක් පමණ සහභාගි වන විශාල ව්‍යාපෘතියක් වී ඇත.
එදා අපේ ගමේ තිබුණු ලාංකික සංස්කෘතිය අද නවසීලන්තයේ ජීවමාන කිරීමටද මෙම විහාරස්ථානයේ කෙරෙන තවත් වැදගත් සේවයකි. අවුරුදු චාරිත්‍ර, වෙසක් තොරණ, කැරකැවෙන වෙසක් කූඩු, මහා දන්සැල්, භක්ති ගීත බෞද්ධ නාට්‍ය හා අලංකාර හා සංවිධානාත්ම කඨින පිංකම් ලංකාවේ අප දුටු පැරැණි දර්ශන නැවත සිහිපත් කරවීමට සමත් වේ. වරක් විහාරස්ථානයේ පැවැත් වූ සමාජීය වැඩ සටහනක් සඳහා පැමිණි ජනකාය අප සියැසින් දුටු පරිදි 5000 කට වඩා වැඩි මිස අඩු නොවීය. එයින් කියවෙන්නේ නවසීලන්ත ඕක්ලන්ඩ් ජනතාවගේ අනන්‍යතාවය බවට ශ්‍රී ලංකාරමය පත් වෙමින් ඇති බවය.
මෙම සියලුම සංවිධාන කටයුතු ආරම්භයේ සිට අද දක්වා ඉතා සුක්ෂමවත් සැලසුම් සහගතවත් සංවිධානය කිරීමේ ගෞරවය වල්ගම මාහිමි පාණන්ට හිමි විය යුතුය. මුල් කාලයේ පටන් කොච්චිකට්ටුවේ පඤ්ඤාසිරි හිමියන් සියලුම දායකයින් එක් රැස් කරගන්මින් ඉහත කාර්යය කිරීමට ඇපකැපවීමත් මෑත කාලයේ ඉතා වෙහෙසෙමින් මනාව සංවිධානය කරමින් ඇපකැප වන වල්ගම රේවත හිමියන් මෙන්ම යසස්සී හිමියන් නවසීලන්ත ප්‍රධාන සංඝනායක වල්ගම ශ්‍රී මුණින්ද්රවංශ මා හිමිපානන්ගේ නවසීලන්ත සිහිනය සාක්ෂාත් කිරීමට උපකාරී වන හිමිවරුන් අතර සඳහනක් කළ යුතුව ඇත.
-විහවි ගේ සටහනක්