fbpx
13.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ස්වර්ණ පවුර : 10 – Legal Associates. Papatoetoe | කුසුම් එදිරිසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්තයේ නගරයක වීසා නොමැතිව අත දරුවකු සමග අතරමං වූ තරුණ මවකට යළි නවසීලන්ත සමාජයේ නීත්‍යානුකූලව ජීවත්වන්නට නෛතික හැකියාව හිමිකර ගැනීම පහසු නොවේ. එවැනි අසීරු කාර්යයට අතදුන් නීති කාර්යාලයක් ගැන විස්තර දැනගැනීම කවරෙකුට වුව ප්‍රයෝජනවත් වනු ඇත.

එදා වැහිබර දිනයක සවස්වරුවේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි, පැපටෝටෝයි (Papatoetoe) උප නගරයේ ප්‍රධාන මංසන්ධියේ ඇති නීතිඥ කාර්යාලයට මම පියමං කළෙමි. එහි සේවය කරන චේතනී සේරසුන්දර ගේ වෘත්තිය වන්නේ නවසීලන්ත සංක්‍රමණිකයිනට අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමය. මගේ ජීවිතයේ මෑතක ඇසු විරල, සැඟවුණු කතාවක් ගැන තොරතුරු ඇයගෙන් දැන ගැනීම මගේ මෙම ගමනේ අරමුණ වීය.

මෙම කතාවට අදාළ තරුණිය නවසීලන්තයට සංක්‍රමණය වන්නේ ඉගෙන ගැනීමටය. නමුත් තවත් තරුණයකු සමග පෙමින් බැඳෙන ඇයව දරු පිළිසිඳ ගැනීමකින් පසු පෙම්වතා විසින් අතහැර යනු ලැබීම  නිසා ඇය නවසීලන්තයේ අසරණ වුවාය. මිතුරන් කීප දෙනෙකුගේ සහාය නිසා ඇය සියලු කරදර විඳ දරා ගෙන නවසීලන්තයේ හුදකලා වූ කාමරයක දී දරුවකු ප්‍රසුත කළේ රජයේ අනුදැනුමක් හෝ නොමැතිවය. ඒ වන විට ඇයට නීත්‍යානුකූල වීසා අවසන් වී තිබුණු අතර තම රටේ මව්පියන් ඇතුළු ඥාති පරපුරට තම තොරතුරු වසන් කරලීමට ද ඇයට අවශ්‍ය වී තිබුණි.

අවුරුද 10 කට පසු සැඟවුණු උත්පත්තිය ගැනවත් කිසිදු සටහනක් නැති මෙම දරුවා සමග ඇය චේතනී වෙත පැමිණියේ නීති උපදෙස් ලබා ගැනීමටය.

‘මෙම අරුම පුදුම, කිසිදා නවසීලන්තයේ අසා නැති සැඟවුණු කතාවෙ ඇත්තක් තියෙනවද?’ මම චේතනී සේරසුන්දරගෙන් විමසමින් කතාව ආරම්භ කළෙමි.  

‘අපේ වෘත්තියට අනුව අපේ සේවා ලාභීන්  ගැන තොරතුරු පිටට දෙන්න බැහැ. ඒත් ඔය කියන සිද්ධියට අදාළ නෛතික තත්වය ගැන අපි රජය සමග තර්ක කරලා ඇයට සහනයක් ලබා දුන්නා. දැන් ඇයත් දරුවත් නවසීලන්තයේ නීතියට අනුකූලව ජීවත් වෙනවා. ඒක ඉතා අසීරු වුවත් අපේ ආයතනයේ සහයෝගයෙන් මම ලබාගත්ත වෘත්තීය ජයග්‍රහණයක්. මේ වගේ ගොඩාක් සංකීර්ණ ප්‍රශ්න දවස ගානේ අපට එනවා. හැබැයි බොහෝ දේවල් මම විසඳලා තියෙනවා.’ චේතනී පිළිතුරු දුන්නාය.

චේතනී තරුණියක් ලෙස ලංකාවේ සිට නවසීලන්තයට පැමිණ නීති වෘත්තියට අවතීර්ණ වී දැනට වසර හයකි. දැනටමත් මෙවන් සංකීර්ණ වු සංක්‍රමික ගැටළු රැසක් විසඳා ඇත. ඇය පවසන ලද එවන් ගැටළු ලිවීමට මෙම ලිපියේ ඉඩ ප්‍රමාණවත් නැත. නමුත් චේතනී සේරසුන්දර වන ඇය ගැන යමක් ලියන්නට මම අදහස් කළෙමි. ඇය ආගමන නීතිය පිළිබඳ විශේෂඥ නීති වේදිනියක් වූවාය. 2015 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය (LLB) සම්පූර්ණ කළ ඇය 2018 වසරේ දී  ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ විශේෂ උපාධියක් සමඟ නීතිපති උපාධිය (LLM) ලබා ගත්තාය.

‘ඔබ ආයතනයේ විවිධ විෂයන් පිළිබඳව උපදේශන නීතිඥවරු රැසක් සිටිනවා. මේ විෂයයන් මොනවාද?’ මම විමසුවෙමි. 

‘කිහිපයක් මතක් කරනවා නම්;

    • සංක්‍රමණය (Immigration) පිළිබඳ නීති කටයුතු  
  • පදිංචි නිවාස හා වාණිජ දේපල නීතිය අපරාධ නීතිය (Criminal Law) පිළිබඳ නීති කටයුතු
    • පවුල් හා සේවානියුක්තිය (Family Law and  Employment Law)  පිළිබද නීති කටයුතු 
    • ණය අයකරගැණීම් (Debt Recovery) පිළිබඳ නීති කටයුතු 
  • නොතාරිස් සේවය (Notary Service)

වගේ දේවලට විශේෂඥතාවයක් දක්වන නීතිඥ මහත්වරු අප ආයතනයේ සේවය කරනවා.

නවසීලන්තයේ  හැමිල්ටන්වලත් ලංකාවෙ කොළඹත් ඉන්දියාවෙ නවදිල්ලියෙත් අපේ ශාඛා තියනවා.

‘හැමිල්ටන් කාර්යාලයේ සේවය කරන නිතීඥ නියොමාල් පෙරේරා ගැනත් ඔහුගේන සැපයෙන සේවා ගැනත් යම් විස්තරයක් කියන්න පුළුවනිද?’ මම විමසුවෙමි. 

‘ඔහු නවසීලන්තයේ සුදුසුකම් ලත් බැරිස්ටර් කෙනෙක්, සොලිසිටර් කෙනෙක් ලෙස, Property Law, Conveyancing, Wills & Trusts, Commercial Law- Contracts, Agreements, Employment Law වගේ විෂයන් ගැන කටයුතු කරනවා. නියොමාල් නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන දෙරටේම නීතිය පිළිබඳ විශේෂඥයෙක්. ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල වසර 20 කට වඩා වැඩි පළපුරුද්දක් තිබෙන ගෞරවණීය නීති වෘත්තිකයන්ගෙන් සමන්විත ලාංකීය පවුලකින් පැවත එන නියොමාල්, රට රටවලට අදාළ වන දේශසීමා හරහා අවශ්‍ය නීති සඳහා ඔබේ විශ්වාසදායක මූලාශ්‍රයක්. සිංහල හොඳින් කතා කළ හැකි ඔහුට ලාංකික සේවාදායකයින් රැසක් ඉන්නවා. හැමිල්ටන්වලට  වගේම ඕක්ලන්ඩ්වලටත් ඔහුගේ සේවය ලැබෙනවා.’ ඇය විස්තර කරගෙන ගියාය.

‘කොළඹ කාර්යාලය ගැනත් පොඩි විස්තරයක්,’ මම ඉල්ලා සිටියෙමි.

‘ලංකාවේ මේ කටයුතු  භාරව අපේ ටීම් එකේ ඉන්නෙ ජගත් අල්විස්.  ඔහුට සංක්‍රමණික ගැටළුත් සංක්‍රමණික නීතියත් ගැන විශේෂ  දැනීමක් තියනවා.  නවසීලන්තයෙන් ලැබෙන සංක්‍රමණික ගැටළු නිරාකරණයට කිරීමට සහාය වීම ඔහුගේ කාර්යය යි’

‘නවදිල්ලියෙත් තවත් කාර්යාලයක් තිබෙනවා. අද අපි දකුණු ආසියාතික රටවල් අතර වේගයෙන් ප්‍රචලිත වෙමින් ඉන්නවා.’

‘ඔබ ආයතනයට විවිධ ජාතීන් ගොඩාක් පැමිණෙන බව පේනවා. ඒකට විශේෂ හේතු තියෙනවද?’ 

‘ඇත්ත. නවසීලන්තයේ ජීවත්වන බොහෝ භාෂා කතා කරන ජාතීන් අපේ සේවාවන් ලබා ගන්නට එනවා. එයට හේතුව විදිහට මම දකින්නෙ අපේ කණ්ඩායම් සාමාජිකයින් අතර ඉංග්‍රිසි බසට අමතරව තවත් විවිධ භාෂාවලින් කතා කළ හැකි වෘත්තිකයන් සිටීම.’

‘මොනවගේ භාෂාවන් ද ඒ?’ 

‘ඉංග්‍රීසි භාෂාවෙන් සියලුම වැඩ කටයුතු කෙරෙනවා. සිංහල, දෙමළ, හින්දි, කොරියන්, පිලිපීන්, ඇෆ්ගනිස්තාන්, පන්ජාබ්, ගුජරාටි වගේ විවධ භාෂා දැණුම ඇති නීතිඥවරුන් අපට සිටිනවා. ඒ නිසා සේවාලාභීන්ට පහසුවක්. තමන්ගේ මව් භාෂාවෙන් කතා කර විස්තර කළ හැකි අය සිටින ආයතනවල සේවය ලබා ගැනීමට  ඔවුන් කැමැත්තක් දැක්වීම සාමාන්‍ය දෙයක්. අනික ඔවුන්ගේ සංස්කෘතීන් එකිනෙකට වෙනස්. අපි එම සිරිත් විරිත්වලට ගෞරව කරනවා.’ ඇය පිළිතුරු දුන්නා ය.

‘මට මෙම ආයතනයේ ඉතිහාසය ගැනත් කෙටියෙන් හරි කියන්න පුළුවන්ද?’ මම ඉල්ලා සිටියෙමි.

‘2014 අපේ ආයතනය Legal Associates නමින් ආරම්භ කළේ තිදෙනෙකුගෙන්.

එම වසරේදී මෙම ආයතනය බිහිකරන්න මුලික වුණේ නීතිඥ රාජ් සිං හා ඔහුගේ බිරිඳ අශීමා සිං. පසුගිය අවුරුදු 10 ඇතුළත සේවා ලාභීන්  13,000 කට වඩා ප්‍රමාණයක ගැටළු සාර්ථකව නිරාකරණය කර දීමට හැකිවී තිබෙනවා. එම සංඛ්‍යාව මෙම ආයතනයේ ජනප්‍රියතාවයේ ඉහළ මිම්මක්. අද අපි දකුණු ආසියාතික රටවල් අතර වේගයෙන් ප්‍රචලිත වෙමින් ඉන්නවා. මේ වනවිට අපේ කණ්ඩායමේ 30 දෙනෙක් ඉන්නවා.’

‘මේ අයතනයේ නිර්මාතෘ රාජ් සිං ගැනත් කෙටි විස්තරයක් කරන්න පුළුවනිද?’ මම විමසා සිටියෙමි.

‘ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ලබාගෙන දිල්ලි මහාධිකරණයේ නීතිඥවරයෙක් ලෙස සේවය කර, ඕස්ට්‍රේලියාවේ ද සුදුසුකම් සහිතව, නවසීලන්තයේ, ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ සහ නවසීලන්ත නීති සංගමයෙන් ප්‍රවීණතා පාඨමාලා සමත් වුණා. මීට අමතරව ඔහුට දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේ දී උපාධියක් (ගෞරව) තියෙනවා. 2010 දී රාජ් සිං නවසීලන්ත මහාධිකරණයට ඇතුළත් වුණා. සමාජ සේවකයෙක් ලෙස ජනප්‍රිය චරිතයක්.

‘රාජ් සිං ප්‍රජාව තුළ ජනප්‍රිය චරිතයක්. ඉතිං සමාජ ඇගයීම් සම්මාන හෙමත් ලැබිල ඇති නේද?  

‘ඔව්. කිහිපයක් මතක් කළොත්:

  • ‘නවසීලන්ත කම්කරු පක්ෂයේ බහු සංස්කෘතික අංශයේ 2024 අතුරු සභාපති
    •  ඉන්දියානු ව්‍යාපාර සම්මාන උළෙලේ 2018 වසරේ උත්තරීතර ව්‍යාපාරය හා අලෙවිකරණයේ ව්‍යාපාර විශිෂ්ටත්වය.
    • රොටරි සම්මාන උළෙලේ පෝල් හැරිස් ෆෙලෝ 2018, 2022, 2024 හා ප්‍රජා සම්මානය 2018. 
  • 2018 වෙස්ට්පැක් ඕක්ලන්ඩ් ව්‍යාපාර සම්මාන උළෙලේ උපාය මාර්ග අවසන් තරඟකරු.
  • සැලසුම්කරණය සඳහා අවසන් තරඟකරු.
  • ජනතා තේරීම සඳහාද අවසන් තරඟකරු.  
  • හා හොඳම සේවායෝජකයා සඳහා අවසන් තරඟකරු බවට පත් වුණා. 

‘රාජ් සිංගේ පවුල ගැනත් යමක් කියන්න පුළුවනිද?’ 

‘රාජ් සිං  සමඟ විවාහ වී සිටින අෂිමා සිං නොතාරිස්වරියක්. අපේ ආයතනයේ සම හවුල්කාරියක්. එකම පුතා සමර් ජයි සිං දැනට ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයයේ නීතිය හා වාණිජ්‍ය ඉගෙන ගන්නවා.  දියණිය සමයිරා රාජ් සිං ශාන්ත කත්බර්ට්ස් විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

Locations-

  • Auckland-  31 East Tamaki Road,Level 1 ,Papatoetoe, Auckland 2025. Tel 09 279 9439 office@legalassociates.co.nz
  • Hamilton- A5 101 Greenwood Street, Frankton, Hamilton Tel 022 5600 036
  • Sri Lanka- ‘Red Fern Migration’, 502, R. A. De Mel Mawatha, Colombo 03-Tele/WA : +94 77 721 7022- info@redfernmigration.com

චේතනී සේරසුන්දර සමග සාකච්ඡා කළා – කුසුම් එදිරිසිංහ, ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.