‘ශ්‍රී ලංකන්ස්’ පුවත්පතේ පසුගිය කලාපයේ සදහන් කළ මෙම සත්කාරය ගැන වැඩිදුර තොරතුරු, සංවිධාකයන් විසින් මෙසේ අප වෙත වාර්තා කර ඇත.
‘මේ වෙනුවෙන් පටන්ගත් ‘වට්ස්ඇප්’ කණ්ඩායමෙන් කළ සම්බන්ධීකරණය මත දින දෙක තුනක් ඇතුළත රුපියල් මිලියන ගණනක ප්‍රධානයන් කිරීමට ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව ලන්ඩනය හා නවසීලන්තය ඇතුලු විවිධ රටවල පරිත්‍යාගලීහු කැමැත්ත පළකර සිටියහ.
‘මෙම වට්ස්අප් කාංඩ සාමාජිකයන්, හිතමිතුරන්, හා අනෙකුත් පරිත්‍යාග ශීලීන්ට පළමුව අප ස්තූතිය පළකළ යුතුය. ආරම්භයේදී විශේෂඥ වෛද්‍යවරුන් වන පුෂ්පා රණසිංහ හා කපිල රණසිංහ දෙපල විශේෂ මෙහෙයක් කළ මානසික රෝහලේ වයෝවෘද වාට්ටු දෙක භාර විශේෂඥ මදුශානි ඩයස් අපවෙත දැක්වු කාරුණික සහයෝගයද මතක් කළ යුතුය.
‘රෝහලේ පවතින ක්ෂණික අවශ්‍යතා වූයේ රෝගීන් සදහා, නිර්ණායකයන්ට අනුව අනුමත කෙරුණ විවිධ භාණ්ඩ හා උපකරණ, විශේෂ ඇඳන්, විශේෂ පුටු යනාදියය.
‘අත්‍යාවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබාදීමේ අනුග්‍රහය කළේ ශ්‍රී ලංකාවේ කමලා ගාල්ලගේ සහ හිත මිතුරන්, ලලනී ජයවර්ධන හා ඒ. ප්‍රතාපසිංහ, ලංඩන්හි මොනිකා හා කුසල් පතිරණ, ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ අශෝක පිලාන විතාන හා දියණිය සහ නවසීලන්තයේ , කලන ඩයස් හා කෞෂි වීරසිංහ, චන්ද්‍රා සහ නිමල් වන්නිගම සහ අනුර බක්මීදෙනිය යන මහත්ම මහත්මීන්ය.නවසීලන්තයේ මධුෂා හා ඉරේෂ් තෙන්නකෝන් යන දෙපල රුපියල් තුන් ලක්ෂයක් පමණ මුදලක් වැය කර දොර ජනෙල් රෙදි තොගයක් හා රෙදි සෝදන මැෂිමක් පරිත්‍යාග කළහ.
‘රෝහල් ඇඳන් පරිත්‍යාගය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි සීතා කරුණානායක හා ගෝමස් දියණිය – (විශේෂ ආනයනය කරන ලද ඇඳ හා මෙට්ට සහිතව), ශ්‍රී ලංකාවේ/ඇමරිකාවේ පදිංචි විපුලසිරි වෙල්ලාල හා සුභද්‍රා ප්‍රතාපසිංහ ඇතුළු පවුලේ සැම, ඇමරිකාවේ දුමිඳු ප්‍රතාපසිංහ හා නවසීලන්තයේ කේ.ඒ.බී.කරුණාරකත්න හා දමයන්ති ඇරව්පොල, ජගත් පුෂ්පකුමාර හා දමයන්ති, කුසුම් හා දයා ප්‍රතාපසිංහ, හර්ෂ හා අනුරාජී වීරකෝන්, මුණසිංහ හා දියමන්ති ගල්පොත්තගේ, සමන්ත ජයතිලක ඇතුළු මිතුරු කැල හා නන්දනී සහ ඩබ්. ඒ.එස්.කරුණාරත්න යන මහත්ම මහත්මීන් විසින් අප වෙත දැක්වූ සහාය අගය කරමු.
‘විශේෂ පුටු පරිත්‍යාගය, ශ්‍රී ලංකාවේ සුනීතා මදරසිංහ, ඩුබායි රාජ්‍යයේ නිරෝෂා ආරච්චි හා නවසීලන්තයේ ප්‍රසාද් දුමින්ද හා සෆීරා ඕස්ට්‍රේලියාවේ ජයන්ති පිලාන විතාන මහත්ම මහත්මීන් විසින් කරන ලදී. සියලුම පුටු සඳහා කුෂන් ලබා දීම ශ්‍යාමලී කැටපෙආරච්චි සම්බන්ධීකරණ කටයුත කළාය.
‘මෙම වැඩසටහනට සමගාමීව රුපියල් ලක්ෂ ගණනක් වටිනා කාර්ය මණ්ඩල පුටු හා වයෝවෘද වාට්ටු බිත්ති අලංකාර ලෙස පින්තාරු කිරීමද විශේෂඥ වෛද්‍ය මධුෂානි ගේ කාරුණික අනුග්‍රහයෙන් මොරටුව Asian Paints Causeway ආයතනය විසින් කරදීම විශේෂ කරුණක් වීය.
රෝහලේ වර්තමාන අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ, වයෝවෘද මානසික විශේෂඥ මධුෂානී ඩයස්, වෛද්‍ය ශෂිකා, වෛද්‍ය මාරන්, වෛද්‍ය බුද්ධික, ප්‍රධාන හෙද නිලධාරි එස්.වී වික්‍රමසිංහ අපගේ මෙම සත්කාර්යයට මහත්සේ සහාය දැක්වූහ.’
අපවෙත එවන ලද ඡායාරූප කිහිපයක්ද මෙම සත්කාරය අගය කරමින් මේ සමග පළකර සිටිමු.