fbpx
18.2 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සුපුන් සඳක් සේ පායා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය  ප්‍රභාශ්වර  කළ සංගීත්  නිපුන් සනත් නන්දසිරි 

Must read

කලක සිට රෝගාතුරව සිටි සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා 2023  මාර්තු 27 වන දින අභාවප්‍රාප්ත විය.1942  ගොතටුවේ දි උපත ලද ඔහු මිය යන විට අසු එක් වන වියේ පසු විය.

කුඩා කාලයේ සිටම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ පහස ලද ඔහු මඩවල එස්. රත්නායක, කරුණාරත්න අබේසේකර, සනත් විමලවීර වැනි විශිෂ්ට ගී පද රචකයන්ගේ ඇසුර ලැබීමට තරම් භාග්‍ය ලද්දේ ය. එය ඔහුගේ ගායන දිවියට මහඟු අත්වැලක් වන්නට ඇත. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව  අධ්‍යාපනය හදාරා 1965 දී නැවත ලංකාවට  පැමිණ  තම ගායන දිවිය ආරම්භ කළ ඔහු  රජයේ සංගීත විද්‍යාලය  හා  කැළණිය සරසවියේ ආචාර්යවරයෙකු ලෙසින් කටයුතු කළේය. එහි දිගුවක් ලෙසින් සනත් නන්දසිරි මහතා (2016)  සෞන්දර්ය හා රංග කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා බවට ද පත්විය. සංගීත “නිපුන්” විභාගයෙන් (1992) පළමු පන්තියේ සාමාර්ථයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුමය.

1971 දී ඔහු විවාහ ගිවිස ගන්නේ ගායිකාවක් වන මල්කාන්ති පීරිස් මහත්මිය සමගය. ඔහුගේ එකම දියණිය වන අනුරාධා නන්දසිරි මහත්මිය ද පියාගේ අඩි පාරේ යමින් ගීත  ගායනයට පිවිසියාය. එමෙන්ම සිය බිරිඳගේ සහෝදර සහෝදරියන්ට ද කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් අපමණය.

සනත් නන්දසිරි මහතා සිය මියුරු හඬින් සුවහසක් රසික ජනයාගේ හදවත් මුසපත් කළේ මේ ප්‍රථම වසන්තයයි, බෝ මළුවේ මල් සුවඳ, ගමේ කෝපි කඩේ, එක යායක මල් පීදුනු, විකසිත වත කමලේ, දූ අනුරාධා, නුඹෙ සුවඳ පිරුනු පුංචි කාමරේ වැනි ගීත රාශියක් ගායනා කරමින්ය. ඔහු ගායකයෙක් පමණක්ම නොව චිත්‍රපට පසුබිම් ගායකයෙක් තනු නිර්මාපකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකි.  ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ “සඳමාලිගේ කතාව” සඳහා සංගීත නිර්මාණය කළේ ද ඔහුය. සංගීත ක්ෂේත්‍රයට  ඔහු කළ අනුපමේය සේවය නිසාම  මහාචාර්ය පදවියකින් ද පිදුම් ලැබුවේය.

දිවි අරණින් සමුගත්ත ද ඔහු දශක හයක් පුරාවට සංගීත කලාව හැඩ කරමින් ගැයූ ගී රසික හද තුළ නින්නාද දෙනු ඇත තව බොහෝ කල්.

විමල් ජයශාන්තයන් ලියූ ‘එදා මෙදා තුර’ ගීතයේ පහත සදහන් දෙවැකිය මෙම අසහාය ගාන්ධර්වයා වෙනුවෙන් ඔහුගේ රසික කැල විසින් තබන සටහනක්  ද වනු ඇත.

‘ඊයේ ඉපදී  අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ  වේඟේ අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ…’

By Dimuthu Wijesooriya

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.