අඳුර පලවා හැර නව ආලෝකයක් උදාවන දිනය චන්ද්‍ර දින දර්ශනයන්ට අනුව හින්දු භක්තිකයන්ට ඉතාම සුවිශේෂී වූ දවසකි. ලෝ පුරා විසිරී සිටින හින්දු භක්තිකයන් නව ආලෝක පූජාව සනිටුහන් කිරීම සඳහා නව පහන් දල්වා දෙවියන්ට පූජා පවත්වනවා සේම පහන්වලින් ජීවිත ආලෝකවත් කිරීම සහ සතුට, සෞභාග්‍ය හා යහපත ප්‍රාර්ථනා කිරීම දීපවාලි දිනයේ විශේෂත්වයකි.

දිගු කාලයක් තිස්සේ පැවතගෙන එන ආගමික සංස්කෘතික සම්බන්ධතාවය හේතුකොට ගෙන ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් හින්දු භක්තිකයන් ලංකාව වේ මෙන්ම ඉන්දියාව වැනි වෙනත් රට රටවලද දීපවාලිය ආලෝකයේ ජයග්‍රහණය ලෙස හඳුන්වනු ලබයි. ඔවුන් ඔවුනටම ආවේණික රටාවකට අනුව සමරන මේ උත්සවය හින්දු සංස්කෘතිය කේන්ද්‍ර කර ගන්නා අතරම එදිනට කාන්තාවන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කාන්තාවන්ගේ සියුම් දෑතින් නිර්මාණය වන සහල් පිටි හා වර්ණවත් මල් පෙති වලින් වර්ණ ගන්වන ලද කෝලම් රටා එකම සක්වලකි. දෙවියන් කේන්ද්‍රය කරගනිමින් පුද පූජා පැවැත්වීම මෙන්ම පවුලේ සමගිය නිරූපණය වන මෙම උත්සවයේ ඓතිහාසික කතාන්දරය සූරිය කුමරි ගෙනහැර දක්වන්නේ ඉතාමත් සිත් ඇදගන්නා වක් මාලාවකිනි. දියාස් ඉටිපන්දමි තුළින් දියාරු නොවන ඔවුන්ගේ සතුට වර්ණවත් සැරසිලිවලින් ඔප්නංවන අතරම, හින්දු භක්තිකයන්ගේ සාම්ප්‍රදායික සැමරුම් ක්‍රම භාවිත කරමින් මේ කාලය තුලදී යහපත හා ජයග්‍රහණය පමණක්ම ඔව්හු ප්‍රාර්ථනය කරති.
තවත් සංස්කෘතිකාංගයක් ලෙස, රස කැවිලි හැදින්විය හැක. රසකැවිලි ඇසුරු ප්‍රණීත ඇසුරුම් සමග නෑ හිත මිතුරන් යහළු යෙහෙළියන් හමුවීමට යාම මේ කාලයේ බහුලව දක්නට ලැබෙන අතර ලංකාව ගතහොත් හින්දු භක්තිකයන් අලුත් ඇදුමින් සැරසී, පිච්ච මලින් සැරසිලි කෝලම් රටා තුළින්, පොංගල් බත් සුවඳ දිගේ සුභ දීපවාලිය සඳහා විශාල පෝලිං ගැසෙනු අප දැක ඇත.
දීපවාලි උත්සවය පිළිබඳව ඇති අදහස් බොහොමයකි. විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මිය බේරාගත් දිනය ලෙසද ලක්ෂ්මිය ගේ උපන් දිනය ලෙසද මතයක් පවතින අතරම, ජෛන මහාවීර නිර්වාණාවබෝධය ලැබූ දිනය ලෙස ද හඳුන්වනු ලබයි. හුදෙක්ම මේවා මොවුන් අතර ඇති විශ්වාසයන් මය. සන්තුෂ්ටිය පෙරදැරි කරගෙන ගැඹුරු දාර්ශනික අර්ථයකින් ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් සමරනු ලබන දීපවාලී හෙවත් දීවාලි උත්සවය ඔවුන්ගේ දෛනික ජීවිත හා දින පහක් නොනවත්වා එකම රසකට නොවැම්බර් මාසයේදී වින්දනය කරනු ලබයි.