අවසන් හමුවීම……..
ඒ උදෑසන දළදා මාළිගයත් නුවර වැවත් අතරින් වැව වටා දිවෙන මාවත දිගේ අපි ඇවිද ගියෙමු. දුරුත්තේ සීතල කැටුව වැව දෙසින් හමා ආ සුළඟේ තාලයට ඇගේ අකීකරු කෙහෙරැලි සෙලැවෙද්දි මම ඇය වෙනුවෙන් ලියූ කවක් ඇගේ සුරත මත තැබීමි. මාවත අබියස අවන්හලක් ළඟ සිට ගත් ඇය, එය කියවන්නට පටන් ගත්තාය.
“රෝස මල් පෙති කොනක පිනි කඳුළු කැට රන්දා,
අරුණැල්ල අරුමැක්කේ අඳුරගෙන යයි කැන්දා,
හුළඟ හරි හීතලයි වැහි වැටේවිද මන්දා,
ලෝකයම ලස්සනයි ඔයා මගේ ළඟ හන්දා”.
ඇය මදෙස බලා ඉතා අවිහිංසකව සිනාසුණාය. අනතුරුව මෙසේ මිමිණුවාය. “ගොඩක් ලස්සනයි. Thanks”..
ඒ අපේ අවසන් හමුවීමයි. නැවත මගේ ලෝකය ලස්සන කරන්නට, ඇය මා වෙතට නොපැමිණෙන බව මම දනිමි.
ක්‍රිෂාන්ත වෑවිට, වෙලිංටන් නුවර
Chrishantha Wevita – Wellington