හැන්දෑවට මුනි පුදනට පන්සල් යන අම්මා
පහනින් පහන දල්වාලන පහන් සිලයි අම්මා
සුවඳ පැනින් කුසුම් දොවන සිරි දෙවඟන අම්මා
හඳුන් කපුරු සුවඳ මවන සඳුන් රුකයි අම්මා
පැන් අරගෙන බෝ සමිඳුන් පැදකුණු කර අම්මා
බුදුන් පුදා දරු කැළ වෙත පින් පවරන අම්මා
පින් මදිදෝ දැයි සිතමින් දෙවිඳු යදින අම්මා
දරුවන්ගේ යහපත පමණක්ම පතන අම්මා
තරු හිනැහෙන රෑ අහසේ සිකුරු තරුව අම්මා
සඳ සාවුන් රැක ගන්නා සඳවතියයි අම්මා
දරු සෙනෙහස වාන් දමන මහ වැව් දිය අම්මා
ගෝතම සම්බුදු සසුනේ නිවන් දකින් අම්මා