සුරතල් කෙරුවේ දෝතට අරගෙන මාව
පළතුරු දුන්නේ කොළඹින් ගෙනැවිත් බෝම
වේලක් වැරැද්දුවේ නැහැ කිරි පිටි දීම
පුතු රජවෙනවා දැකුමයි මට සැන සීම
පුතු මගේ රත්තරං කෙටියෙන් “රුවන් ” නම
තැබුවේ සිතින් යහපත් අදහසින් මම
වරදින්නට ඉඩක් නැහැ ඉදිරියට හෙම
දියුණුව අත ළගයි අපි ඉවසමු මෙහෙම
මම ආදරෙන් දරු සුරතල් බලපු පුතා
මොහොතක් නෑර මව් සෙනෙහස ලබපු පුතා
පරිගණකයට ජීවිතය කැප කරපු පුතා
දෙවියන් රැක දෙන්න ආදර රුවන් පුතා
ජිනදාස මුණසිංහ – ශ්රී ලංකාව






