ශ්රි ලංකන්ස් පුවත්පතේ ආරම්භක අරමුණ වුණේ නවසීලන්තයේ ජීවත්වන ලියන්නට කැමති අයට තම නිර්මාණ ඉදිරිපත් කරන්නට ඉඩක් ලබා දෙන්නට. ඉතින් අද වන විට අපේ ඒ අරමුණට ළගා වෙලා තියෙනවා. ඒ ගැන සතුටක් සමගම ආඩම්බරයකුත් දැනෙනවා. පත්තරේට අඛන්ඩවම තම කෙටිකතා එවූ ලේඛකයෙක් තමා දයා ප්රතාපසිංහ මහතා. පුවත්පතේ පළ වූ කෙටිකතා එක මිටකට ගෙන “දුහුවිලි මල්” නමින් පොතක් ඔහු එළිදක්වා ඇත. එපමණක් ද නොව ඔහුගේ කෙටිකතාවක් ඇසුරින් ටෙලි චිත්රපටියක්ද නිර්මාණය කර ඇත. ඉතින් “ශ්රි ලංකන්ස්” පත්තරේට ද ආලෝකයක් වෙමින් දයා ප්රතාපසිංහ මහතාගේ සුරතෙන් තව තවත් රසවත් කතාන්දර නිර්මාණය වේවා යැයි “ශ්රී ලංකන්ස්” කණ්ඩායම හදවතින්ම සුබ පතන්නෙමු