fbpx
18.2 C
New Zealand
Thursday, October 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය | ක්‍රිෂාන් ගාල්ලගේ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය.

UNITED SRI LANKA ASSOCIATION

වසර තිහකට පෙර ආරම්භකරන ලදුව, 1998 දී සංස්ථාපනය කරනු ලැබූ ඕක්ලන්ඩ්, එක්සත් ශ්‍රී ලංකා සංගමය, පරමාර්ථ කිහිපයක් උදෙසා ස්ථාපිත කරන ලද, ශ්‍රී ලාංකික සාමාජිකයන්ගෙන් සැදුම්ලත් සමාජ සංවිධානයකි. එහි පරමාර්ථ වන්නේ;

  1. සියලුම ශ්‍රී  ලාංකිකයන් අතර සුහදතාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරීම.
  2. ශ්‍රී  ලංකාව සියලුම මිනිසුන්ට සමාන අයිතිවාසිකම් ඇති,  සාමයෙන්  සහ සමගියෙන් ජීවත්විය හැකි, ස්වාධීන  ස්වෛරී  රාජයයක් ලෙස තහවුරු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
  3. එහි සාමාජිකයින්ගේ  අවශ්‍යතා සහ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම.
  4. සාමාජිකයින්ගේ නවසීලන්ත ජීවන රටාවට නැඹුරු වීමට උපකාර කිරීම.
  5. සාමාජිකයන්  අතර සමාජ, සංස්කෘතික සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම.

මෙකී පරමාර්ථයන් ඉටුකර ගැනීම සඳහා සංගමය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලාංකික සංස්කෘතිය ඔප්නංවන වැඩසටහන්,  නවසීලන්තයේ  සිටින විවිධ කුසලතාවයන් සහිත බාල තරුණ වැඩිහිටි සියලු දෙනාට  තම හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන වැඩසටහන් සහ සාමාජිකයන්ගේ  සුහදතාවය වර්ධනය කරන වැඩසටහන් එහි මුල්තැන ගනී.

එසේම ශ්‍රී ලංකාවේ වසන අප  සහෝදර ජනතාවට විවිධ ආකාරපේ උපකාර ලබාදීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වසර පුරා දියත් කෙරේ. සංගමය නිතරම උත්සාහ කරන්නේ  ශ්‍රී ලංකාවේ දුෂ්කර පුදේශවල ජීවත්වන, විවිධ අවශ්‍යතා සහිත පිරිස් තෝරාගෙන ඔවුනට උපකාර ලබා දීමටයි. මේ ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගෙන යමින්  2023  වසරේ පත් වූ  නව නිලධාරි මණ්ඩලය “USLA Helpline” නමින් විශේෂ ව්‍යාපෘති වලට අවශ්‍ය උපදෙස් සහ මග පෙන්වීම් නොමිලයේ  ලබාදීමට කටයුතු කෙරේ. උපදෙස් හා පහසුම්  අවශ්‍ය අයත් එවැනි උපදෙස් හා මග පෙන්වීම් ලබාදිය හැකි, විශේෂඥ  දැනුම  ඇති අයත් මුණගැස්වීම මේ ව්‍යාපෘතියෙන් සිදු කෙරේ.

සංගමයේ  සියලු වැඩසටහන් පිළිබද  විස්තර  www.uslaauckland.net.nz වෙබ් අඩවියේ  සහ uslaaucklandnz  ෆේස්බුක් පිටුවේ පළකර ඇත.

By Krishan Gallage – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.