fbpx
15.3 C
New Zealand
Saturday, July 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලාංකික සංස්කෘතික සැඳෑව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

Pukekohe ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද, ‘ශ්‍රී ලාංකික සංස්කෘතික සැඳෑ’ සහ ‘ශ්‍රී ලංකාව වෙනුවෙන් ආධාර එකතු කිරීමේ වැඩසටහන’ පසුගියදා පුකේකොහේ හීදී පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය  Arasan Trust විසින් ලබාදුන් අතර පුකෙකොහේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ නොමසුරු ශ්‍රම දායකත්වයෙන් සැඳෑව සාර්ථක වීය.

වැඩසටහනේ ප්‍රධාන සංවිධායක ෂාර්මෙලා පොන්නම්බලම් මහත්මිය අප හා වචන කිහිපයක් බෙදා ගත්තාය.

‘මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ කොවිඩ් වසංගතය නිසා හුදකලා වූ කුඩා ශ්‍රී ලාංකික කණ්ඩායම්වලට සහයෝගය ලබා දීමේ ප්‍රයත්නයක් ලෙසටය. ඒ නිසාම අපි පුකෙකොහේ වැනි නගරයෙන් එපිට කුඩා නගරයක් තෝරා ගත්තේ එහි වසන ශ්‍රී ලාංකික ජනතාවට නැවත එකතු වීමට අවස්ථාවක් සලසා දීමටය. මේ සඳහා සිංහල, දමිල හා මුස්ලිම් ප්‍රජාවන් එකාවන්ව සහභාගී වී ඉදිරිපත් කිරීම් සිදුකිරීම වැඩසටහනේ සාර්ථකවයට මනා පිටිවහලක් වීය.  ඒ වගේම අප මේ වැඩසටහන හා සමඟාමීව ලංකාව වෙනුවෙන් වෛද්‍ය ආධාර ලබා දීමට අරමුදල් එකතු කිරීමේ වැඩපිළිවෙලවක් ද සංවිධානය කරනු ලැබුවා. ඒ අනුව අප $1600.00 මුදලක් කොත්තු, ආප්ප, තෝසේ විකිනීමෙන් රැස් රැස් කළා.

ඒ වගේම වැඩසටහන සාර්ථකව කර ගැනීමට සහය වූ Arasan Trust හි සභාපති Dr. ලක්ස් සෙල්වනෙසෙන්, භාණ්ඩාගාරික  කිශෝර් කුමාරසාමි මහතාට හා නන් අයුරින් සහය වූ පුකෙකොහේ ප්‍රජාවට ස්තුතිය වෙනවා.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.