fbpx
8.8 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Whittakers Chocolate | තිළිණ තුෂාන් දිසානායක | ක්‍රයිස්ට්චර්ච්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ස්විට්සර්ලන්තයේ Teuscher, අමෙරිකාවේ Vosges Haut සහ බෙල්ජියමේ Godiva වැනි ලෝක ප්‍රසිද්ධ චොකලට් වර්ග සේම නවසීලන්තයේ ද ප්‍රකට සහ රසවත් චොකලට් වර්ගයක් වන්නේ Whittakers. 

1868 උපන් දී ජේම්ස් හෙන්රි විටෙකර්ස් විසින් හඳුන්වා දුන් මේ චොකලට් සන්නාමය සමඟින් කර්මාන්ත ශාලාවක් ඇරඹෙන්නේ 1896 වසරේදීයි. එතැන් පටන් විවිධාංගිකරණයට ලක්වන මේ සමාගම 1911 දී නවසීලන්තයේ වෙලින්ටන් නුවරට සම්ප්‍රාප්ත වෙනවා.

ඉන් අනතුරුව නවසීලන්තය තුළ ප්‍රචලිත වන මෙම චොකලට් සන්නාමය 2013 වසරේ සිට මේ දක්වා “New Zealand’s Most Loved Brand” ලෙස චොකලට් අතර තම ශ්‍රේණිය රැකගෙන සිටිනවා. එමෙන්ම 2011 වසරේ සිට “New Zealand’s Most Trusted Brand” ලෙස ජනතාව අතර රස බෙදමින් සැරිසරනවා.

චොකලට් වර්ග විවිධයි. රස, මඳ රස, සීනි ඇති සහ නැති, තිත්ත චොකලට් වගේ විශාල වර්ගීකරණයක් අද ලොව පුරා පවතිනවා.  අපේ ජීවිතවලත් ඒ වගේ රසමුසු තැන්, තිත්ත තැන් හැම කාලෙදිම අප වෙත පැමිණෙනවා. ඒ වගේ තැන්වලදී ඒ අත්දැකීම් විඳලා මුහුණ දෙන එක තමා ජීවිතේ කියන්නේ. ලැබෙන්න තියෙන අත්දැකීම් රසවත් වෙන්නත්, තිත්ත වෙන්නත් ඒවාට මුහුණ නොදී බෑ. හරියට චොකලට් එකක් වගේ.

“ලෝකයේ තියෙන හොඳම චොකලට් එක සාක්කුවේ එහෙමත් නැත්නම් අතේ තියාගෙන, ඒක රසවිඳින්නේ නැත්නම් ඒ ලෝකෙ තියෙන හොඳම චොකලට් එකේ කිසිම වටිනාකමක් නෑ.”

අපේ ජීවිතත් අන්න ඒ වගේ… ජීවිතේ අත්දැකීම් ලබාගන්න, ලැබෙන හැම අවස්‍ථාවෙම ඒවා විඳගන්න පැකිලෙන්න එපා.

By Thilina Tushan Dissanayake – Rolleston, Christchurch

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.