සසිරිබර මෙසිරිලක
ප්රචලිතයි ලෝ වටා
අනේ අද දුක් බරයි
රටේ ඇසෙනා තතු නිසා
තුන්වේල කෑ දනන්
දිනපතා මහා මුහුදේ
නැව් යනෙන දසුන්
දැක සිත් හදාගන්නවා
පිටි සහල් එයි කියා
දුක හිතිලා ලක් ජනට
ඉන්දියන් හිඟන්නෝ
මුදල් රැස්කර එවති
එය දැකපු චීනෙනුත්
සම්මාදම් කරලා ගොඩක්
සසිරිබර ලක් බිමට
එව්වනේ මිල මුදල්
දස අතින් ඇසෙන හඬ
රජය කරපු නායකයෝ
මහබැංකු කඩාගෙන
සීනි සුදුළූණු සොරාගෙන
ලෝ වටා ධන කුවේරයන් වී
22 තරුණයෝ එකතු වී
හැදුවා ගෝඨාගම
එළි කළා සොර මුල
එයින් සාටක නඩේ
අහු වුණා කර මුලට
By V.M. Dissanayake – Kurunegala