fbpx
Home Poems අළුත් ටීච | නයනශාන්ති දිසානායක | කිරිඳිවැල – ශ්‍රී ලංකාව

අළුත් ටීච | නයනශාන්ති දිසානායක | කිරිඳිවැල – ශ්‍රී ලංකාව

58

උසම උසම උස් පඩිපෙල් මුදුන කරා
හැල්මේ දුවන මුත් හීනය දුරයි ඉතා

කදක් බරට පිටේ පටවගෙන දුවලා
කුරුටු අකුරු පොත් කොලවල පුරවාලා
උසම උසම උස් පඩිපෙල් මුදුන කරා
හැල්මේ දුවන මුත් හීනය දුරයි ඉතා

රිදෙන පුංචි සමනල තටු අස් වස්සා
සිඹ සිඹ සිරස ගෙන තුරුලේ ම හොවා
පහදමි ළංව මෙලෙසින් සෙනෙහස තවරා
පුතේ…!!

විලක, උස් ගසක සේ බිම් පලස පුරා
සොදුරු මල් පිපෙන්නේ ඒ ඒ සුවද දරා
හැම හැම මලක් පිපුනොත් උස් අතුම අරා
ලොවක් මිහිරි වෙද එක ඒ පැහැය දරා

ඉර රැස් සේම පොලොවේ සාරය උකහා
තමන් හුරු සුවද පැහැ ගෙන දිලි ඔපදා
වැඩෙන් පිපෙන් ඒ ඒ ඔබ ඔබ ම වෙලා
ලොවක් සොදුරු වන්නේ ඒ බෙදුම නිසා.

නයනශාන්ති දිසානායක, කිරිඳිවැල – ශ්‍රී ලංකාව

 

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.