උනත් නූනත් මවක්
ආඩපාලි නෑසෙන රටක්
සොයා ඉගිලුනි ඈ
නොවී මව් රටට බරක්
කිසිවෙක් නොනගයි පැනක්
නැතිද ඉතින් දරු ගැබක්
උදෑසන ඈ දුටුවත්
සුභ අසුභ නැති රටක්
අනුන් විනිශ්චය මදි නැතත්
පිච්ච මල් පුජා ඇති තරම්
පිළිතුරු බැඳ නෑ නිමක්
කුමට වෙසෙනු ඈ එහි තවත්
බුදු දහමේ සැබෑ හරයන්
පිළිපදිනා පිං බිමක්
මවක් නොවූ ගැහැණියක්
ඈද වීය එහි පිංවන්තියක්
තිමාලි ද සිල්වා
සිඩ්නි, ඔස්ට්‍රේලියා