හරි ආසයි අයියේ යමුද මුහුද පැත්තට
වතුර සැරයි එපා මල්ලි ඇතට යන්ට
අනේ බලන් හිටිය අපිට බැහැ ඉවසන්ට
මල්ලි ගියා මුහුදු වතුරේ ගහගෙන යන්ට
අම්මා අඬනවා කොහොමද බැහැ ඉවසන්නේ
මම පනිනවා අම්මේ මල්ලි බේරන් එන්නේ
හැබැයි මගේ ගමන මටත් සැක ඇතිවන්නේ
කිව්වා අයිය මල්ලි අරන් ගොඩ පීනන්නේ
අනේ පුතේ මගේ ආදර රත්තරන් පුතේ
කොහොමද ඔය හයිය ආවේ රත්තරන් පුතේ
මල්ලි බේරලා දුන්නට රත්තරන් පුතේ
උබට ණයයි මම ආදර රත්තරන් පුතේ
By U. A. Rathnasiri – Sri Lanka