fbpx
18.2 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කඨින පිංකම්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කඨින පිංකම්

නවසීලන්ත බෞද්ධ විහාරස්ථාන වල මෙම කටයුතු නොවැම්බර් මාසයේ කරන්නට යෙදුණි.
බොහෝවිට රටෙහි අනෙකුත් නගරවල ඇති ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානවල වැඩවසන ස්වාමීන් වහන්සේලා ට හා සමීප ආරාම වල වැඩවසන අනෙකුත් ජාතික බෞද්ධ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට මෙම උත්සව වලට සහභාගි වීමට ආරාධනා කරනු ලැබේ.

ශ්‍රී ලංකාරාමය, ඕක්ලන්ඩ්.
නවසීලන්තයේ, ඕක්ලන්ඩ්, ඔටාහුහු ශ්‍රී ලංකාරාමයේ නොවැම්බර් මස තුන්වැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්විණ. නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක ගරු වල්ගම් මුණින්ද්‍රවංශ නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ නේවාසික ස්වාමීන් වහන්සේගේ හා නවසීලන්තයේ අනෙකුත් බෞද්ධ විහාරස්ථානවල ස්වාමීන්වහ්නසේලා ගේ සහභාග්ත්වයෙන් නොවැම්බර් මස 5 වැනි දින උදාසන කඨින චීවර පෙරහර, පිංකම හා මහා සාංඝීක දානය පැවැත්විණ. විහාරස්ථ භාරකාරත්වයේ සංවිධානයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවයට ඕක්ලන්ඩ් හා වෙනත් ප්‍රද්ශවලින් විශාල දායක දායකාවෝ පිරිසක් සහභාගි වූහ.

වෙලිංටන් ධම්මගවේශී ආරණ්‍ය සෙනසුන.
වෙලිංටන් ධම්මගවේශී ආරණ්‍ය සෙනසුනෙහි කඨින පුණ්‍ය මහෝත්සව කටයුතු, සෙනසුන් අධිපති පූජ්‍ය වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහිතව, විහාරස්ථ භාරකාරත්වය හා දායක දායිකාවන් විසින් වයිනුමාටාහි පිහිටි විහාරස්ථ ශාලාවේදී නොවැම්බර් 10 සහ 11 වැනි දිනවලට සංවිධිනය කර තිබුණි. නොවැම්බර් 10 වැනි දින අටවිසි බුද්ධ පූජා හා පරිත්‍රාණ ධර්ම දේශණය වූ අතර, 11 වැනි දින වස් පෙරහැර, බුද්ධ පූජා, චීවර පූජා, හා සංඝගත දක්ෂීණාව වීය.

ක්‍රයිෂ්චර්ච් සමාධි විහාරය.
විහාරාධිපති පූජ්‍ය මකුල්දෙනියේ සෝමරත්න ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ භාරකාරත්වය විසින් උත්සව කටයුතු නොවැම්බර් මස 24 හා 26 දිනට සංවිධානය කර තිබුණි. 24 වන දින පරිත්‍රාණ දේශනාව යෙදී තිබුණ අතර, 26 දින කටින චීවර පූජාව හා අනෙකුත් පිරිකර පූජාවන් යෙදී තිබුණි.

හැමිල්ටන් වයිකාතෝ භාවනා මධ්‍යස්ථානය.
2023 නොවැමිබර් 11 දින, විහාරස්ථ දායක සභාව හා අනෙකුත් දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන්, හැමිල්ටන් පිරිමි විද්‍යාලශාලාව සුදුසු අයුරු පිළියෙල කරනු ලදුව, වයිකාතෝ භාවනා මධ්‍යස්ථානයේ කටින පිංකම නොවැමිබර් 12 දින පවත්වන්නට යෙදුණි. විහාරස්ථානාධිපති පූජ්‍ය දුනුවිල මෙතෛය ස්වාමීන්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ චීවරපූජා පිංකමට වයිකාතෝ හා අනෙකුත් නගරවල බෞද්ධ විහාරවාසී භික්ෂූන් වහන්සේලා හා පූජ්‍ය ධම්ම විමුත්තා මෙහෙනින් වහන්සේ ද සහභාගි වූහ.

විමුත්ති ආරණ්‍යය, පපරාටා, ඕක්ලන්ඩ්.
ඔක්ත‌ෝබර් 29 වස්කාලය නිම වූ පසු ඕක්ලන්ඩ් ථෙරවාද බෞද්ධ සංගමය, පපරාටා විමුත්ති භාවනා මධ්‍යස්ථානය වෙළිංටන් බෝධිනාරායාම ආරණය සෙනසුනේ අජාන් කුසලෝද හිමිගේද ආශීර්වාද මැද කටින උත්සව කටයුතු සංවිධානය කර තිබුණි. නොවැම්බර් 2-7 කාලය ඇතුළත බෝධිනාරායාම ආරණය සෙනසුනසිට පපරාටා වලට වැඩම කළ සංඝයා වහන්සේ මෙම කටයුතු වල නියැළුණහ.

ඕක්ලන්ඩ් බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රය.
පෙන්රෝස්ල ෆෙයාර් ෆැක්ස් මාවතේ ඇති බෞද්ධ අධයයන කේන්ද්‍රයේ කටින චීවර පූජාව හා වස් අවසාන පිංකම්ල භාරකාරත්වයේ සංවිධනය අනුව, නොවැම්බර් 10 හා 11 දිනවලට යෙදී තිබුණි. 10 දින පවත්වන්නට යෙදුන සෙත් පිරිතකින් පසු 11 දිනට කටින චීවර පූජාව ද, නවසීලන්තයේ විවිධ විහාරස්ථාන වලින් වැඩම කළ සංඝයා වහන්සේ විෂයෙහි කරන ලද සංඝගත දක්ෂිණාවද සංවිධානය කර තිබුණි.

නෝත්ෂෝ ථෙරවාද බෞද්ධ විහාරය.
නෝත්ෂෝ ථෙරවාද බෞද්ධ විහාරයේ නොවැම්බර් 19, මරේස් බේ ප්‍රාථමික විද්‍යාලයේදී විහාරාධිපත් ගරු තල්පාවැව සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදුණි. පෙරහැර කටයුතු පෙරවරු 9.30 ට ආරම්භකරනු ලදුව උත්සවය පෙරවරු 10.00 ට පටන්ගනු ලැබිණ. මහ සංඝත්නය විෂයෙහි දන්පිළිගැන්වීම පෙරවරු 11ග30ට ආරම්භ කරන ලදී. ඕක්ලන්ඩ්, නෝර්ත්ෂෝ, වයිටකරේථ හෙලන්සිවිල්, සිල්වඩේල්, ෆන්ගෆොරෝවා හා ෆංගරෙයි වැනි පළාත්වලින් දායක දායිකාවෝ පැමිණ සිටිනු දක්නට ලදහ.

මහමෙවුනා අසපුව-ඕක්ලන්ඩ්.
මහමෙව්නා බෞද්ධ ආශ්‍රමයේ කටින පිංකම වෙනුවෙන් නොවැම්බර් 10 පාලි සිංහල පරිත්‍රාණ දේශනයක් පැවැත්විණ. නොවැම්බර් 11 වෙනි දින, මවුන්ට් ඇල්බට් වෝ මෙමෝරියල් ශාලාවේදී පෙරහැරින් වැඩම කරන ලද කටින චීවරය සංඝයා විෂයෙහි උත්කර්ෂවත් අන්දමින් පූජා කරන්නට යෙදුණි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.