fbpx
11.3 C
New Zealand
Wednesday, October 23, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සංක්‍රමණිකයාගේ තීරුව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

 2021 අවුරුද්දත්කෝවිඩ් එක්කම ගෙවිලා යනවා. සංක්‍රමණිකයාට මතක් වෙන්නේ කෝවිඩ් වලට පෙර නත්තල් නිවාඩුවට වූ සූදානම. මාස හයකට පමණ කලින් ගුවන් ටිකට් මිලදී ගෙන ඉතුරු මාස පහ චාරිකාවට සූදානම් වීමේ තිබුණේ වෙනම උද්දාමයක්. නමුත් දැන් ඒ සියල්ල කෝවිඩ් සමගම වෙනස් වෙලා.කෝවිඩ් වසංගතය තුන්වෙනි ලෝක යුද්ධය කියලයි සංක්‍රමණිකයාට හිතෙන්නේ. මිනිසා, මිනිසාට එරෙහිව අවි අමෝරා ගැනීම වෙනුවට වයිරසයක් මිනිසාට එරෙහිව අවි අමෝරාගෙන. නුදුරු අනාගත ලෝකය අපට පුරුදු ලෝකයට වඩා වෙනස් වීම නම් නොඅනුමානය.

  • මෙම සටහන තබන මොහොත වන විට ලෝක ජනගහනයෙන් 42% ක්ද, නවසීලන්ත ජනගහනයෙන්  72.5%  එන්නත් දෙකම ලබාගෙන.
  •  එන්නත් නොකළහොත් කෝවිඩ් මරණ අනුපාතය බොහෝ උණ රෝග වලට වඩා දහගුණයකින් වැඩි විය හැකි බවට අදාල අංශ පවසනවා. 
  • ඒ වගේම එන්නත ලබා ගත් පුද්ගලයන් හට නිකුත්කරන කෝවිඩ් අවසර පත්‍රය රැකියාවලට, උත්සවවලට, ආපනශාලා වලට යාමට අදාලවන සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පවතිනවා.
  •  සංක්‍රමණිකයාගේ හිතවතුන් කීපදෙනෙක්ම සිය රැකියාවන්ට තිත තබන්නේ  එන්නත ලබාගැනීමට ඇති විරෝධය නිසාවෙන්ම ය. 

කොවිඩ් විරෝධී පුද්ගයින් මෙන්ම කණ්ඩායම් ක්‍රියාකාරකම් සාමාන්‍ය  දසුනක් වෙලා. එන්නත මගින්

නැනෝචිපයක් ශරීරගත කරන බව මෙම කෝවිඩ් එන්නත් විරෝධීන්ගේ ප්‍රධානචෝදනාව. ඒවගේම ඔවුන් පවසන්නේ එන්නත් ක්‍රියාවලිය Big Pharma වලට ආදායම් ගෙන ඒමට පමණක්ම සැකසූ  සංඛ්‍යා දත්ත අනුව කෝවිඩ් එන්නත සාර්ථක ප්‍රථිපල පෙන්නුම් කරන බවට පෙනෙන්නට නෙන්න තිබෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන් තමන්ට තේරුම් ගත නොහැකි දේ විශ්වාස කළ නොහැකි ගතියක් පවතිනවා. එබැවින් එන්නත් ලබා දීම පිටුපස ඇති විද්‍යාව වඩා හොඳින් සන්නිවේදනය කිරීමදකෝවිඩ් තරම්ම අභියෝගයක් කියලයි සංක්‍රමණිකයාට හිතෙන්නෙ. ඔබත් මේවන විට එන්නත ලබාගෙන නොමැති නම් එන්නත ලබා ගැනීම එක්තරා විදියක සමාජ සත්කාරයක්.   මොකද රටක් විතරක් නෙවේ මුලු ලෝකයක්ම බලාගෙන ඉන්නෙ නැවත තමන්ට පුරුදු නිදහස් ජීවිතයට යන්න.

දෙසැම්බරය ආරම්භ වූයෙ නවසීලන්තයේ තාවකාලික වීසා මත සිටි සංක්‍රමණික ප්‍රජාවට නව බලාපොරොත්තු ඇති කරමින්. හදුන්වා දුන් 2021 Resident Visa මඟින් රට තුල සිටි බොහෝ සංක්‍රමණිකන්ට පහසුවෙන් PR ලබා ගැනීමට හැකිවනු ඇත. පසුගිය කාලයෙ නවසීලන්තය  විසින් සංක්‍රමණිකයන් වෙත දැක්වූ ක්‍රියාපටිපාටිය දැඩි ලෙස විවේචනයට ලක් වීය. 

‘වසර අවසානයත් එක්කම නවසීලන්තයේ ජාතික පක්ෂයේ ( National Party) මුල් පුටු පෙරලීම ලබන වසරේ රටේ ග්‍රහයෝගය කෙරෙහි කෙසේ බලපායිද? ‘ක්‍රිස්ගේටෝපර් මහත්තයගේ රාජ යෝගය’ වැනි ලිපි, වීඩියෝ නවසීලන්තයේ දකින්නට නොලැබීම නම් සංක්‍රමණිකයාගේ හිතට ටිකක් හරි මදි වගේ. සෑහෙන පුටු මාරුවකින් පක්ෂයේ මුල් පුටුවට ආ ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයාට, දේශපාලනය ලෝකයට බලපෑමක් කරන්න පුලුවන් වෙයිද කියල දැන ගන්න, කාලයත් එක්කම බලාගෙන ඉන්න වෙනවා කියන එකම ලේසි පාසු ද?

සංක්‍රමණිකයාගේ තීරුවකින් ලබන අවුරුද්දේ නැවත හමුවමු.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.