සාහිත්‍ය මාසය මුල් කර ගෙන, ලේඛකයින්ගේ සිංහල ග්‍රන්ථ, ශාස්ත්‍රීය ලිපි පළ කළ හැකි සහ කියවිය හැකි පරිද්දෙන් නිර්මාණය කළ විද්‍යුත් මණ්ඩපයක් නොබෝදා අන්තර්ජාලයට එක් විය. ‘සිංහල පුස්තක සදළුව’ වෙබ් අඩවිය අන්තර්ජාලයෙහි ස්ථාපිත කර සමාජ ගත කිරීම සිදුවුයේ, ශ්‍රී ලංකා සිවිල් සේවයේ ජේෂ්ඨ සාමාජික,ප්‍රවීණ සාහිත්‍යධර ආචාර්‍යය ලීල් ගුණසේකර මහතාගේ සුරතිනි.
මෙම අවධියේ කඩදාසි මිල ඉහළ යාම සහ අධික මුද්‍රණ වියදම නිසා ග්‍රන්ථ කරණයෙහි නියුතු ලේඛකයින්ට,තමන්ගේ නිර්මාණ මුද්‍රණය කරවා ගැනීම අතිශයින් ම දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත.මහත් වෙහෙසක් ගෙන සැකසු අත් පිටපත්, මුද්‍රණ ද්වාරයෙන් බිහි කර ගත හැකි නිශ්චිත දිනයක් එළඹෙන තුරු නිර්මාණරුවෝ, මහත් නොඉවසිල්ලෙන් පසු වෙති. මෙවන් වාතාවරණයක් යටතේ, ලේඛකයින් මතු නිර්මාණ කරණයෙහි ලා උකටලී වීම නොවැළැක් විය හැකිය. ඊට විසදුමක් ලෙසින්, ග්‍රන්ථ පිරිවැයකින් තොරව ප්‍රකාශයට පත්කරලීමේ ‘සිංහල පුස්තක සදළුව ‘ විද්‍යුත් මණ්ඩපය සැලසුම් කරන ලද්දේ, ආචාර්‍යය ගාමිණී කාරියවසම් සහ කේ.ඒ.තිලකරත්න යන පරිපාලන වෘත්තිකයින් දෙදෙනා විසිනි.
‘සිංහල පුස්තක සදළුව ‘ වෙබ් පිටුවේ තාක්ෂණික නිර්මාණය මදුශංක ප්‍රියභාෂිත, තුසිත බණ්ඩාර සහ කාවින්ද තෙන්නකෝන් යන විශ්වවිද්‍යාලීය සිසුන් තිදෙනාගෙනි. දේශ දේශාන්තරයන්හී විවිධ භාෂා මාධ්‍යයන් ගෙන් ‘ඇමසන් ‘ වැනි (E Book) විද්‍යුත් පීඨිකාවන් බෙහෙවින් ම ප්‍රචලිතය. ලේඛකයින් දිරිමත් කිරීම පිණිස සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථයන් ප්‍රකාශනයට නොමිලේ ප්‍රවේශය ලබා දෙන ලංකාවේ මුල්ම විද්යුත් ග්‍රන්ථ පීඨිකාව, ‘සිංහල පුස්තක සදළුව ‘ විය හැකිය.
අන්තර් ජාලයේ sinhalapusthakasandaluwa.com යන වෙබ් ලිපිනයට යොමු වීමෙන්, ඔබට ‘සිංහල පුස්තක සදළුව ‘වෙබ් අඩවියෙහි ඇතුළත් ග්‍රන්ථයන් කියවීම සහ ඔබගේ නිර්මානයන් එම අඩවියට ඇතුළත් කිරීම පිණිස අවස්ථාව එළඹෙනු ඇත.
ලියා එවූවේ,
ආචාර්‍යය ගාමිණී කාරියවසම්
By Dr. Gamini Kariyawasam