ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරස් පාලනය කර ගැනීම සඳහා ප්‍රකාශ කර ඇති වෛද්‍ය උපදෙස්, බුද්ධ ධර්මයේ ඉගැන්වීම් වන නිතර සිහිකල්පනාවෙන්, අවධානයෙන් හා අවධියෙන්කටයුතු කිරීම සමග සමපාත ය.
බෞද්ධ පරිචයන් අතර බහුල, පිරිත් සජ්ජායනය, පිරිත් පැන් පානය කිරීම සහ පිරිත් නූල් පළඳා ගැනීම මගින් මානසික සහනයක් ලබා දෙයි. ශරීරය නිවීමට පත් කර ප්‍රතිශක්තිය පවත්වාගැනීම සහ වර්ධනය කර ගැණීමට රුකුල් දෙයි. කොරෝනා වැනි වෛරසයක් පාලනයටද හේතු කාරක විය හැක.
බුදු දහමේ සඳහන් යෝනිසෝමනසිකාරයෙන් හෙවත් සිහිකල්පනාවෙන් කටයුතු කිරීම, මේ ක්‍රියාවලියේ ලා බලගතු මහා පොදු සාධකයකි. ආනාපාන සති භාවනාව මගින් ආශ්වාස හා ප්‍රාශ්වාස කිරීම යන ඉරියව්ව අවබෝධ කරගෙන පවත්වා ගෙන යාම මුලික අභ්‍යාසයකි.
කායික ඉරියවු මනස හා ඒකාග්‍ර කරගෙන පවත්වාගෙන යාම ‘කායානු පස්සනා’ නමින් හඳුන්වන, දෙවැනි අභ්‍යාසයයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉතා පැහැදිලි ලෙස දේශනා කර ඇති පරිදි, අපගේ ප්‍රධාන ඉරියව් හතර වන සිටගෙන සිටීම, වාඩිවී සිටීම, ඇවිදීම සහ වැතිර සිටීම සිහි කල්පනාවෙන් පවත්වා ගෙන යායුතුය.
මුදල් නෝට්ටු, කාසි වැනි යමක් පරිහරණය කිරීමේදී අවධානයෙන් එසේ කිරීම හා අවසන දෑත් සෝදා පිරිසිදු කරගැණීම මගින් කොරෝනා වයිරස් ආදී විෂබීජ පැතිරීම පාලනය වේ. පුද්ගල ඇසුරේදී එකිනෙකා මීටරයකට වඩා සමීප නොවී සමාජ හා කායික දුරස්ථභාවය පවත්වාගන යාමට අප කල්පනාකාරී විය යුතුය.
වයිරසයක් පාලනය කිරීමට අදෘශ්‍යමාන බලපෑම් හෝ සාධක නොමැත. වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. ලොව්තුරු මග සඳහා පිළිපැදියයුතු හැසිරීම් පිළිවෙතක් වන යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම මෙසේ, ජාති කුල ආගම් වෙනසකින් තොරව සියල්ලන්ටම ලෞකිකමය යහපත සඳහාද හේතුවන වටිනා පොදු සාධකයකි.
අසෝක සෙනෙවිරත්න – ඕක්ලන්ඩ්