fbpx
11.5 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මැතිවරණ වර්ෂයක අපේක්ෂා…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ලෝකයේ බිලියන දෙකක ජනගහනය ඇති රටවල් පනහක් පමණ 2024 දී  මැතිවරණ වලට යනු ඇත. මෙයින් ඇතැම් රටවල හටගන්නා දේශපාලන අවිනිශ්චිතතාවය ලෝක සාමටයට, රට රටවල සුහදතාවයට, වාණීජ්‍ය හා ආර්ථීක යහපැවැත්මට විවිධාකාර අන්දමට බලපානු ඇත.

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ද නීතිමය ප්‍රශ්න රැසකට  මුහුණ දී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ද ඉදිරිපත් වීමට නියමිය. බයිඩන්ගේ ජයග්‍රහනයක දී මැදපෙරදිග ඊශ්‍රායෙල් ආක්‍රමණීක ව්‍යාපෘතිය හා යුක්රේන රුසියා ගැටුම තවදුරටත් පවතිනු ඇත. මේ වසරේ පැවැත්වෙන රුසියානු මැතිවරණයෙන් ව්ලැඩිමීර් පුටින් බලයට නැවත පත්විය හැකි අතර වඩාත් රුසියානු හිතවාදී ප්‍රතිපත්තියක් ගෙන යන ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආගමනයක් අමෙරිකාවේ සිදුවුවහොත් යුක්රේන යුද්ධයේ තීරණාත්මක පියවර කිහිපයක් ගැනෙනු ඇත. බොහෝ  මැදපෙරදිග රටවල මේ වසරේ  මැතිවරණ පැවැත්වුව ද කලාපයේ බලපෑමක් පෙන්වන ඉරානයේ දේශපාලන ප්‍රතිපත්තීන් වෙනස් නොවනු ඇත. පුටින්ගේ පාලනයක් සහිත රුසියාව ඊශ්‍රාලයට වඩා ඉරානයට වඩාත් සමීප බැවින් ට්‍රම්ප් හා පුටින් දෙපලගේ ජයග්‍රහනයක් සිදුවුවහොත් ඉරානයේ බලපෑම් සහිතව මැදපෙරදිග යුදගිනිවල ස්වභාවය නිසැකවම වෙනස් වනු ඇත.

අප්‍රේල්-මැයිවලට යෙදී ඇති ඉන්දියානු මැතිවරණයේ දී පවතින භාරතීය ජනතා පක්ෂය නැවත බලයට එතැයි අපේක්ෂා වේ. යුක්රේන මැදපෙරදිග ගැටුම්වල දී මැදහත් ලෙස සිටින ඉන්දියාව අමෙරිකානු හිතවාදී චීනය සමග මිතුරු නොවන, ව්‍යවසාය ආර්ථීකයක් ඉදිරියට ගෙන යමින් දියුණූවන රටවල් අතර නායකයෙකු ලෙස ඉස්මතු වෙනු ඇත. ඩා එස්සලාම්, උරුගුවේ හා මෙක්සිකෝ ඇතුලු ලතින් අමෙරිකානු  රටවල් කිහිපයක මැතිවරණ  ද 2024 වසරට නියමිතව ඇත. මෙක්සිකෝ ජාතිකයන් පමණක් මිලියන තිස් අටක් අමෙරිකාවේ පදිංචිව ඇතැයි සැලකේ. විරැකියාව, ණයබර හා ආර්ථිකයේ අඩු වර්ධනය සෑම ලතින් අමෙරිකානු රටකම පවතී. කලාපයේ වඩාත් බලවත් මෙක්සිකෝව පළමුවරට කාන්තා නායකත්වයක් බිහිකරනු ලකුණූ පහළ කරමින් සිටී. ලතින් අමෙරිකානු රටවලින් ලංකාවෙන් සිදුවෙනවාට වඩා අධික මිනිස් සම්පත් ප්‍රමාණයක් අමෙරිකාවට සංක්‍රමණවය වේ. මෙසේ මිනිසුන් විතැන් වීම වෙනුවට අමෙරිකාවේ ආයෝජනයන් මෙක්සිකොවේ යෙදවීම (nearshore)  2024 මැතිවරණයෙන් පසු වැඩි අවධානයකට යොමුවන ලකුණු ඇති අතර එම ප්‍රවණතාවය ශ්‍රී ලංකාවට ද ආදර්ශයකි.

2024 ලොව වෙලන මැතිවරණ උණුසුම නවසීලන්තයට හා ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ද වැදගත් වන්නේ ඒ ඒ රට වැටෙන ගෝලීය කලාපය අනුවය. ආර්ථිකව වඩාත් ශක්තිමත් දියුණු යැයි සම්මත බටහිරට හා අමෙරිකාවට වඩාත් සමීප රටවල් ලෝකයේ උතුරු කොටසටත් පෙර තෙවැනි හෝ දියුණූවෙමින් පවතිනයැයි සැලකුණූ රටවල් දකුණූ කොටසටත් වැටේ. නවසීලන්තය වැටෙනුයේ උතුරු කොටසටය. දැනටමත් යුක්රේනයට සහාය පළ කර ඇති නවසීලන්තය බටහිර හා ඇමෙරිකාවේ ට්‍රම්ප් නොවන දේශපාලන බලයකට වඩාත් ඇඟෑලුම්කම් දක්වනු ඇත.

සියලුම ආර්ථීක හා දේශපාලන අසමතුලිතතාවයන්වලින් පිරි, දකුණු කොටසේ රටක් වන  ශ්‍රී ලංකාවේ ද  2024 දී පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණ පැවැත්වෙතැයි ප්‍රකාශ වී ඇත. වසංගතයෙන් පසු වූ දේශපාලන සමාජ හා ආර්ථීක අස්ථාවරත්වය තරමකට හෝ පාලනය වී ඇත. අඩු නිෂ්පාදකතාවය, අඩු සේවක ඵලදායකත්වය, විරැකියාව, දුර්වල වෙළදපල ඉල්ලුම, අකාර්යක්ෂම හා දූෂණ පිරි රාජ්‍ය ව්‍යවසායකය, ව්‍යවසායකත්වය හා ප්‍රාග්ධනය හිඟකම  වැනි ව්‍යාධීන්ගෙන් ආර්ථිකයම පෙලෙයි. මැදපෙරදිග හා යුක්රේන ගැටුම් දිගින් දිගට ඇදී නොයන තත්ත්වයක් ලෝක දේශපාලනයේ ඇති වුවහොත් ශ්‍රී ලංකාව් තත්ත්වය වඩාත් යහපත්වනු ඇත.

අමෙරිකානු ඩොලර් බිලියන 15 ආයෝජන ඇස්තමේන්තුවක්  හා 147, 000ක සෘජු රැකියා උත්පාදනයක් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන කොළඹ වරාය නගරය ද ඉදිරියේදී කලාපීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. තොරතුරු තාක්ෂණය, කලාපීය අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය වැනි විශාල ක්ෂේත්‍රයන් ප්‍රමාණයක ආයෝජනවලට ශ්‍රී ලංකා භූමියේ ශක්‍යතාවයක් ඇතැයි හඳුනා ගෙන ඇත.  චීනය, හොංකොං, ඉන්දියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෙදර්ලන්තය, සිංගප්පූරුව, එමිරේට්ස්, මුරුසි දිවයින් හා එක්සත් ජනපදය වැනි රටවල් මේ වනවිටත් ශ්‍රී ලංකාවේ විශාල ලෙස ආයෝජන සිදු කර ඇත. රටට යහපතක් ලැබීමට නම් දේශීය-විදේශීය පෞද්ගලික ආයෝජනවලට හිතකාමී පරිසරයක් ඇති කළ හැකි ස්ථාවරත්වයක් අපේක්ෂා කිරීම හැර වෙන විකල්පයක් මේ මැතිවරණ වර්ෂයේ ශ්‍රී ලාංකිකයනට ඉතිරිව නැත.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.