fbpx
12.9 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නව වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩාව කොයිබට ද?? | සුපුන් රජිත හෙට්ටිආරච්චි | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

2023 වසර නිමාවට පත්වූයේ ක්‍රීඩා ජයග්‍රහණ මෙන්ම, පරාජයන් ද ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කරමිනි. ශ්‍රී ලංකාව තුළ කවදත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාව අතින් ගත්කළ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ අවසන් මහා තරගය දරුණු පරාජයකට පත්වීමත් අසාර්ථක ලෝක කුසලාන තරගාවලියත් ක්‍රීඩා ලෝලින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් කරවන්නට තරම් ප්‍රබල පරාජයන් ලෙස දැක්විය හැකිය.

මලල ක්‍රීඩාවට පින්සිදුවන්නට ගෙවුණු 2023 වසර ක්‍රීඩාවට නව පණක් ලබාදුන්නාක් වැනිය. වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා රන් පදක්කම් ඇතුළුව ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු මලල ක්‍රීඩා උළෙල, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරග ඉසව් රැසක ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස්කම් දැක්වීමට සමත් වූහ. ඒ අතරින් තරුෂි කරුණාරත්න දැක්වූ දක්ෂතාවයන් මෙරට ක්‍රීඩා ලෝලින්ට කලකට අමතක නොවනු ඇත.

පාපන්දු තහනමෙන් පටන්ගත් ජාත්‍යන්තර ක්‍රීඩා තහනම, රග්බි ක්‍රීඩාවටත් අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවටත් අත් විඳින්නට සිදු වීම 2023 වසරේ සිදුවූ තවත් කණගාටුදායක සිදුවීම් මාලාවකි.

සිදු වූ, සිදු කළ සියල්ල අමතක කර නව ජවයකින් ඇරඹිය යුතු වසරක් උදා වී ඇත. 2024 ලොව පුරා ක්‍රීඩා රසිකයන්ගේ අවධානයට යොමුවන්නේ ඔලිම්පික් උළෙල ද මෙම වසරේ පැවැත්වෙන බැවිනි.

තවමත් මෙතෙක් කිසිම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලබාගැනීමට අසමත් වීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත් යුපුන් අබේකෝන්, තරුෂි කරුණාරත්න සහ මීටර් 400 පිරිමි සහය දිවීම ඉසව්ව පිළිබඳව අපට යම් බලාපොරොත්තුවක් තබා ගත හැකිය. ඒ හැරෙන්නට සෑම වරකම පාහේ ලැබෙන වයිල්ඩ් කාඩ් අවස්ථාවන් දෙකක් මෙවර ද හිමිවනු ඇතැයි අපේක්ෂිතය. ඒ වෙනුවෙන් වඩාත් සුදුස්සන් සහභාගි වන්නේනම් එය ඉතා වැදගත්ය.

පැරා ඔලිම්පික් උළෙලේදී ද ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු කිහිපයක් තබා ගත හැකිය. නිමාවට පත් වූ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී දැක්වූ දක්ෂතා අනුව පැරා ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කරවීම අනිවාර්ය බවක් පෙනේ.

ක්‍රිකට් ක්‍රීඩාවට ද මේ 2024 වසර තරගකාරි වසරක් වනු ඇත. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන් ප්‍රධාන තැනක් ගනියි. නව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම් කළ නව තේරිම් කමිටුව දැනටමත් වැඩ අල්ලා තිබේ. නව විස්සයි විස්ස නායකයා ලෙස වනිදු හසරංගත්, එක්දින නායකයා ලෙස කුසල් මෙන්ඩිස්වත් නම් කර ඇත. කණ්ඩායම් දෙකෙහිම උපනායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි.

නව ක්‍රිකට් තේරිම් කමිටුව ද කුට්ටම අනනවා වෙනුවට සැබෑ දක්ෂයන්ට අවස්ථාව ලබා දී ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීමට කටයුතු කළ යුතුය.  2024 දී නවසීලන්තය එක්දින, 20-20 සහ ටෙස්ට් තරගාවලි සඳහා ශ්‍රී ලංකාවටත්, එක්දින හා 20-20 තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නවසීලන්තයටත් පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේදි සංවිධාන කිරීම සම්බන්ධයෙන් ද මේ වන සැලසුම් ආරම්භ කර ඇති බව වා‍ර්තා වේ. එය එසේ වුවහොත් බොහෝ ශ්‍රී ලංකා සම්භවයක් ඇති විදෙස් රටවල සිටින ක්‍රීඩකයන් ද ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ජයග්‍රහණය පරාජය කුමක් වුවත් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින් හෙටත් ක්‍රීඩාවට ආදරය කරනු ඇත. එබැවින් ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකා නාමය ලොවක් ඉදිරියේ ඔසවා තබන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැකිවන්නටත්, ඊට සහය වන්නට ක්‍රීඩාව කරවන පරිපාලකයන්ට හැකිවේවා යන්නත් ශ්‍රී ලංකන්ස් අපගේ ප්‍රාර්ථන යයි.

By Supun Rajitha Hettiarachchi – Sri Lanka

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.