නෙල්සන්හි වාසය කරන ශ්‍රී ලාංකීය අපි මෙවර සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ 15 වන සෙනසුරාදා උදේ 9 සිට හවස 3 දක්වා නෙල්සන් Anzac පාර්ක් හිදී අවුරුදු උත්සවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. නෙල්සන් City Council එක විසින් සෑම වසරකම මාර්තු – අප්‍රේල් මාස දෙක පුරා සංවිධානය කරන Tuku (Heritage Festival) සඳහා මේ වසරේදී ශ්‍රී ලාංකීය event එකක් ඉරිදිරිපත් කරන ලෙස කළ ආරාධනාවකට අනුව අපේ උරුමය හොඳින්ම පෙන්විය හැකි උත්සවයක් අප්‍රේල් මාසයේ තිබෙන බැවින් ඒ සඳහා අවුරුදු උත්සවය තෝරා ගැනිනි.
නෙල්සන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන් පාහේ එකමුතුව ඉතා උද්යෝගයකින් යුතුව අවුරුදු උත්සවය මේ වනවිට ලහි ලහියේ සංවිධනය කරමින් තිබේ. පවුලේ සියලු දෙනාටම විනෝදයද අවුරුදු චාරිත්‍ර දැක ගැනීමටද අවුරුදු ක්‍රීඩා සඳහා සහභාගී වීමටද ජන නැටුම් නැරබීමට ඉතා හොඳ අවස්ථාවක් උදා කර දීමට සියල්ල සුදානම්.
කනා මුට්ටියට ගැසීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, බැලුම් පිපිරවීම, අන්ධයාට කිරි කැවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු අමුත්තා සෙවීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා යෑම, කඹ ඇදීම, සංගීත පුටු තරගය වැනි අවුරුදු ක්‍රීඩා රැසක් හර්ෂ සහ ඔහුගේ මිතුරන් විසින් පෙළ ගස්වා තිබේ.
අපගේ කුඩා දැරියන් සහ තරුණ දැරියන් එකතුව ජන නැටුම් කිහිපයක් ඉදිරිපත්කිරීමට මේ දිනවල පුහුණුවීම් කටයුතුවල නිරත වී සිටී. ඔවුන් පුහුණු කිරීමට රුක්මලී සහ නිලුෂා ඉතා කැපවීමෙන් කටයුතු කරති. තවද අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන හැටි කුඩා දරු දැරියන්ට ප්‍රදර්ශනය කිරීමටද බලාපොරොත්තු වේ. කුඩා දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා Bouncy Castle, face painting, balloon twisting වැනි දේවල් රැසක් ඇත.
මව්බිමෙන් එතෙර ජීවත් වන අපට නිතර දකින්නට නොලැබෙන අපට අවේනික විවිධ වර්ගයේ කැවිලි මෙන්ම ශ්‍රී ලාංකීය කෑම වර්ග රැසක් එකම තැනකදී රස බැලීමට අවස්ථාව සැලසෙනු ඇත. කැවිලි සහ ලංකාවේ කෑම වර්ග රාශියක් මෙදින Taste of Sri Lanka food cart සහ Devon Bakery stall වෙතින් ලබා ගත හැකි වේ.
මෙය Tuku 2023 Festival එකෙහි එක් event එකක් වන අතර එය ශ්‍රී ලාංකික අපට පමණක් නොව ඕනෑම කෙනෙකුට විවෘත free event එකකි. එනිසා මෙම උත්සවය අනෙකුත් ජන වාර්ගිකයන්ටද නැරබීමට, රස විඳීමට සහ සහභාගී වීමටද අවසථාව උදාවනු ඇත.
මේ උත්සවයට සහයෝගය දක්වන සැමට හද පිරි ස්තුතිය අපි පුද කරමු.
තුෂාරි, සුජිත් ඇතුළු සංවිධායක කමිටුව