fbpx
11.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

හෙළ බසින් උදානය වූ ඕක්ලන්ඩ් නුවර | තුලිත අබේවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සැප්තැම්බර් පස්වන දින ඕක්ලන්ඩ් වාසී ශ්‍රී ලාංකීය ප්‍රජාවට ඉතා වැදගත් දිනයක් විය. එයට හේතුව තුන්වන වරටත් පැවැත් වූ “හෙළබස් උදානය” ප්‍රසංගයයි. රණුක පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා ප්‍රසාංගික කලා කවය හෙවත් SPAC (Sri Lanka Performing Arts Circle) විසින් මෙවරත් සංවිධානය කරන ලද මෙම වැඩසටහන අති සාර්ථක ලෙස Mt. Albert War Memorial Hall හිදී පැවැත් විය. ඕක්ලන්ඩ් නුවර ශ්‍රී ලංකාරාම වැඩ වාසී අති පූජ්‍ය වල්ගම ශ්‍රී මුනින්දවංස නායක හිමියන් හා පූජ්‍ය වල්ගම රේවත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවය, සියළු වයස් කාණ්ඩවල ශ්‍රී ලාංකිකයන්ගේ කලා කුසලතාවලින් අනූන විය.

සියළු වයස් කාණ්ඩවල නර්තන අංගයන්ගෙන් උඩරට නැටුම්, කුළු හා කළගෙඩි වැනි ජන නැටුම් මෙහි වූ සිත්ගන්නාසුළු අංගයන් විය. දරුවන්ගේ කථික, ගීත හා කාව්‍යමය අංගයන් මෙන්ම ඔවුන්ගේ කාව්‍ය කුසලතා තවත් පිළිබිඹු කරන කවි පවුරක්ද මෙහි දක්නට විය. මීට අමතරව දරුවන්ගේ චිත්‍ර කුසලතා දැක්වෙන චිත්‍ර ප්‍රදර්ශනයක් ද විය. ඕක්ලන්ඩ් වාසී ශ්‍රී ලාංකික ලේඛකයන්ගේ කුසලතාද මෙම උත්සවයේදී ඇගයීමට ලක් විය. ඔවුන් විසින් රචිත පොත් නොමිලේම ලබා ගැනීමට අවස්ථාවක් මෙම උත්සවයේදී සංවිධානය කොට තිබිණි. හෙළ කලා අංගයක් නොවුනත් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් විසින් බොන්සායි ක්‍රමයට සකසා තිබූ ශාක කාගේත් සිත් ඇදගත්තා නිසැකය.

එමෙන්ම මෙහි ලා විශේෂිතම අංගයක් වූයේ ඕක්ලන්ඩ් නුවර සිංහල සාහිත්‍ය, කලා හා මාධ්‍ය අංශයන්ගෙන් සේවය කළ අය ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රධානය කිරීමය. මේ අවස්ථාවේදීම අංගයන් ඉදිරිපත් කළ සියළුම දෙනා ඇගයීමටද සංවිධායක මඬුල්ල අමතක කළේ නැත.

තම මවුබිමේ සිට ගවු ගණනාවක් දුරින් සිටිය ද තම මව් භාෂාමය කුසලතා අප අතරින් ගිලිහී නොයාමට මෙම ප්‍රසංගය රුකුලක් වූවා නිසැකය. රණුක ඇතුළු කලා කවයේ සංකල්පයද මෙයම වූ අතර ප්‍රසංගය නැරඹීමේදී එය මනාව තහවුරු විය. එමෙන්ම නවසීලන්තයේ හැදී වැඩුණද තම අනන්‍යාතාවය අමතක නොකිරීමට දරුවන්ටද මෙවැනි අවස්ථා රුකුලක් වීම නිසැකය.
මෙසේ සාර්ථක ලෙස හෙළබස් උදානය වැඩසටහන නිම කිරීමත් සමගම නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත කෙටි නාට්‍ය උළෙලටත්, ලබන 2027 වසරේ පැවැත්වීමට නියමිත “පාරාභව” වේදිකා නාට්‍යයටත් තම මුළු අවධානය යොමු කරන බවට රණුක ප්‍රමුඛ ශ්‍රී ලංකා ප්‍රසාංගික කලා කවය වැඩි දුරටත් තහවුරු කළේය.

තුලිත අබේවර්ධන – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.