ශ්රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ තේරීපත්ව ඇත. අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 134 ක් ලබාගෙන නව ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ ජයග්රහණය කර ඇත.
සෙසු අපේක්ෂකයන් වූ ඩලස් අලහප්පෙරුම ඡන්ද අසූ දෙකක් ලබා ගත් අතර අනුර කුමාර දිසානායකට ලැබී ඇත්තේ ඡන්ද තුනක් පමණි.
මේ ආකාරයට පාර්ලිමේන්තුව තුළ නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට සිදුවූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට පසුගිය 15 වන දින ඉල්ලා අස්වීමට සිදු වූ හෙයිනි. ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට දැඩි මහජන විරෝධයක් එල්ල වීමත් සමඟ ඔහුට රටහැර යෑමට සිදු විය. එයින් පුරප්පාඩු වූ විධායක ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට සිදුවිය.