මිත්තනියක වන්නට පෙරුම් පිරූ හන්දා…
ඉවසුම් නොමැති විය දොඩනට ආරංචිය නුඹටා..
ගෙවෙනා හැම මොහොතක් යළි නොඑනා හන්දා…
සැම මොහොතකම නුඹ සිටියා නම් සිතුණා..
පුපුරා යන දුක් සිතුවිලි හද තුළ හංගා…
බිලිඳුගේ මිහිරි සක්මන් කුස තුළ වින්දා..
දස මසකුත් දිනයක් වූ පහුවෙනිදා…
නුඹේ නමට නව අරුතක් බිළිඳිය දුන්නා…
වසංගතේ අප හට දොරගුළු ලෑ හන්දා…
නුඹේ සිහිනේ යම් දුරකට බොඳවූවා…
සිඟිති දෑත් දෙපා ඉක්මනින් ලොකු වන හන්දා..
දැනෙනා ආදරේ දරාගනු බැරි හන්දා…
කෙතරම් වෙහෙස දැනුනද වැඩ වැඩි හන්දා..
නුඹ ළග ඉන්න වෙන විදිහක් නැති හන්දා…
කථා කරමි හමු වන මොහොතක් පාසා..
දස මසකට වඩා මම නුඹ හට ණය හන්දා…
By Purna Daundasekara – Christchurch